ලොවම දිනන කාන්තා ව්‍යවසායිකාවක් වන්න ඔබත් උත්සහා කරන්න

0
5541

ඇත්තටම කාන්තාවක් කියන්නෙ ගෙදරටම කොටු වෙලා  සැමියගෙ, දරුවන්ගෙ ඕනෑ එපාකම් ඉටු කරමින් තම පවුල වෙනුවෙන්ම තම ශක්තිය වැය කරන උතුම් චරිතයක්. වෙලාවකට අපේ අම්මලාම කියනවා කුස්සියටම මම නාකි වෙනවා, දුම් කාලම මම ලෙඩෙක් වෙනවා, රෙදි සෝදලාම අතපය  වාරු නැති වෙනවා කියලා. ඇත්තටම ඔයා මොහොතකට හරි හිතුවද ඔය එකම දේට හැමදාම හැම වෙලාවෙම හිර වෙලා ඉන්න එකේ ඔයාට විවේකයක් ලැබෙන පොඩි කාලෙක හරි ඔයා වෙනුවෙනුත් දෙයක් කරා නම් හොඳයි කියලා. ඇත්තටම ජීවිතය ජය ගන්න උත්සහා කරන බොහෝ කාන්තාවන් ගෙදර දොර වැඩ කටයුතුත් එක්ක තමන්ටම කියලා යහමින් මුදලක් සොයා ගන්න ගෙදර ඉඳගෙනම එක එක විදියෙ දේවල් කරනවා. ඉතින් අද womanly.lk  තුලින් මම ඔබට කියන්න යන්නෙත් අන්න ඒ විදියට ඔබට ලැබෙන පොඩි කාලයේදි හරි ඔබත් ඔබේ කාලය හා ශ්‍රමය යොදා ගෙන ඔබගේම කියලා ස්වයං ව්‍යාපාරයක් කරන්න මඟක් හදා ගන්න විදිය.

ඇත්තටම කාන්තාවක් කියන්නෙ උයන්න පිහන්න, රෙදි සෝදන්න, ළමයි බලාගන්නම දන්න කෙනෙක් නෙවෙයි.කාන්තා අපි නොයෙක් නොයෙක් දේවල් වලට දක්ෂයි වගේම මනා හැකියාවක් හා තියුණු බුද්ධියක් හිමි විශේෂ  පිරිසක්. ඉතින් අපිට පුළුවන් නේද අපේම කියලා දෙයක් සුළුවෙන් ආරම්භ කරන්න. මොනවද කාන්තා අපට ගෙදර ඉඳලම ආරම්භ කරන්න පුළුවන් රැකියා අවස්ථාවන්.

මැහුම් ගෙතුම්

ඇත්තටම ගෙදර දොරේ වැඩ කරලා  විවේකයක් ලැබෙන වෙලාවට ඔබට පුළුවන් නේද දන්න මැහුම් ක්‍රම ශිල්ප දාලා කොට්ට උර, ඇඳ ඇතිරිලි, අත් පිස්නා, පාපිසි වගේ පොඩි පොඩි දේවල් මහන්න. සුළුවෙන් දවසට කොට්ට උර හතර පහක් මූට්ටු කර ගත්තත් අහල පහල ඉන්න ඔයා දන්න හදුනන උදවිය අතරෙ වුනත් ඔයාට ඒ වගේ ඒවා අලෙවි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔය කාන්තාවන් වෙනුවෙන්ම වෙන් වුන පුවත්පත් වල එහෙම ඔබට මැහුම් ගෙතුම් ගැන වැඩි විස්තර බලා ගෙන අළුත් අළුත් විදියට ඒ වගේ දේවල් කරලා ඔයාට පුළුවන් ඇත්තටම තෘප්තිමත් විදියට ඔයාගෙ ජීවිතේ අරගෙන යන්න. ඔයාගෙ ඕන එපාකම් වලට වුනත් එතකොට ඔයාටම කියලා මුදලක් හොයා ගන්නත් පුළුවන් වෙයි.

අත්කම්

ඒ වගේම තමයි ගෙදරට වෙලා නිකන්ම කාලෙ නාස්ති නොකර ඔයාට පුළුවන් ඔය ගෙදර අහක දාන දේවල් එකතු කරලා පොඩි පොඩි නිර්මාණ කරන්න. සාමාන්‍යයෙන්  සුභ පැතුම් පත් නිර්මාණය කරන්න, මල් හදන්න, විසිතුරු භාණ්ඩ නිර්මාණය කරන්න ඔයාට හැකියාවක් තියෙනවා. දන්නවද විදේශිකයන් අතර එහෙම ගොඩක්ම අපේ අයගෙ විසිතුරු නිර්මාණ හරි ජනප්‍රියයි. ඉතින් ඔය ගෙවත්තෙන්ම හොයා ගන්න පුළුවන් ස්වභාවික දේවල් වලින්ම අළුත් විදියෙ වෙනස් නිර්මාණ කරලා අලෙවි කරන්න ඔයාටත් පුළුවන්. ටිකක් හිතලා බැලුවොත් ඔයාටම තේරේවි ඔයා මොනවද කරන්න ඕන කියලා.

කටට රසට ආහාර

ඇත්තටම ඔයාට තවත් අවස්ථාවක් තමයි ඔයාගෙ අත් ගුණේ. ඔයාට පුළුවන් නේද පිරිසිදු විදියට ගෙදරම එක එක විදියෙ ආහාර ටිකක් හදලා අලෙවි කරන්. ඔය කන්න ගේන පළතුරු වලින් බීම පැකට් ටිකක් හදන්න,  හවස් වරුවට එහෙම වඩේ ටිකක්, කට්ලට්, රෝල්ස් වගේ පොඩි පොඩි ටේස්ට් කෑම ටිකක් හදන්න, කිරි ටොෆී වගේ දෙයක් හදලා  කඩවල් වලට දෙන්න ඔයාට පුළුවන් නේද?  ඇත්තටම ඔය හිතුවට වඩා හොඳ ආදායම් මාර්ගයක් ඔබට එයින් හදා ගන්න පුළුවන්.

කඩදාසි වලින් බෑග්

ඔබ දන්නවා පරිසරයට වෙන හානි නිසාම දැන් පොලිතින් කවර වගේ දේවල් භාවිතය සීමා කරලා කියලා. ඉතින් ඔයාට පුළුවන් ඔයා ගෙදරට ගන්න පත්තර එකතු කරලා ඒවගෙන් කඩදාසි බෑග් එහෙම හදලා කඩවල් වලට දෙන්න. ඇත්තටම එයත් ලෙහෙසි වගේම පරිසරයටත් හානියක් නොවන දෙයක්. ඔබ එකතු කරපු පරණ පත්තර හා කඩදාසි කොළ අරගෙන එක එක ප්‍රමාණයෙ කඩදාසි බෑග් හදලා ඔය අහල පහල කඩවල් වලට දාන්න. පරිසරයට සෙතක් වගේම ඔබටත් එයින් යම් ආදායමක් උපය ගන්න පුළුවන්.

ඉතින් මෙන්න මේ විදියට සුළුවෙන් යමක් පටන් අරගෙන සාර්ථක ලෙස ජීවිතය ජය ගන්න ගෙදර ඉන්න කාන්තා ඔබට පුළුවන්. ටිකක් හිතන්න ඔබ ඔය අපතෙ යවන විනාඩියක කාලයත් ඔබේ දියුණුවට කොයි තරම් නම් වැදගත්ද කියලා.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here