ගෙයක් ගන්නද යන්නේ? එහෙනම් මේ කරුණු හිතට ගන්න…

buying-a-house

නව නිවසක්  මිලට ගැනීම ටිකක් චකිතයක් ඇතිකරවන දෙයක්.හැම පවුලකම බලාපොරොත්තුව අලුත් ගෙදරක ලස්සන ජිවිතයක්.අපිට  නිවෙස්  මිලට ගැනීමේදී අහන්න ලැබුණු  කතා අතරේ බිහිසුණු කාරණාත් තිබෙනවා..හැබැයි අපි සැලකිලිමත් වෙන්නම ඕනේ පුංචි පුංචි කරුනුත් තියෙනවා..අන්න ඒ දේවල් ගැනයි මේ ලිපියෙන් කියවෙන්නේ…

නිවසක්  මිලට  ගැනීමෙන්  පස්සේ ඇතිවෙන  යම් යම් අනිසි ප්‍රතිඵල වලට කූට වෙළෙන්දන් හෝ අලස නියෝජිතයන් හෝ සම්පුර්ණයෙන්ම වගකිවයුතු නැහැ.බොහෝ නිවෙස් අයිතිකරුවන් හුඟක් මහන්සි වී වැඩකරන අය  වගේම තමන්ගේ නිවාස වැඩිදියුණු  කරගන්න මහන්සි වන අය.ඒ නිසා  මුදල් මූලික කරගෙනම මේ කාරණය දිහා බලන එක එතරම් සුදුසු දෙයක් නෙමේ.නමුත් අපි හැමෝම මිනිස්සු.සමහර වෙලාවලට අපි හුඟක් අවදානයෙන් හිටියත් යම් අවස්ථාවකදී අනෙක් අය අපේ අවදානය වෙනතක හරවන්න උත්සහ ගන්නවා වෙන්න පුළුවන්.මෙන්න මේ නිසා ගෙයක් මිලට ගද්දි හැම කෙනෙක් ගැනම අවදානය යොමුකරන එක තමයි හුඟක්ම වැදගත්.ඔබ නිවස මිලට ගන්නා පුද්ගලයා වෙන්න පුළුවන්,නිවසේ අයිතිකරු වෙන්නත් පුළුවන්..කොහොම වුනත් තමන් සැලකිලිමත් වුනොත් තමයි වාසිදායි ලෙස මේ ගනුදෙනුව හොඳින් කරගන්න ලැබෙන්නේ.

මම නිවසක් මිලට ගද්දි නිවාස පරික්ෂා කරනවට වඩා යමක් හිතනවා.අපි සාමාන්‍යයෙන් නිවාස පරික්ෂා කරනවා තමයි,ඒත් උඩින් පල්ලෙන් නිවාස ගැන පරික්ෂා කරලත් හරියන්නේ නැහැ.ඒවගේම  හොඳ නිපුණ නිවාස පරික්ෂකයෙක්ට වුනත් ඇතුලාන්තය දකින්න නොලැබෙන්න පුළුවනි.මතුපිට ස්වභාවය පමණක් ඔහුට හෝ ඇයට ඉඟි දෙන්න පුළුවනි.ගොඩාක් හොඳ පරීක්ෂකයෙක් නම් මතුපිට ස්වභාවයටත් වඩා යමක් බලන්න පෙළඹෙනවා..ඔබටම වුනත් එය කරන්න පුළුවන්..

1. තට්ටු

තට්ටු  නැත්නම් මහල් අනිවාර්යයෙන්ම ශක්තිමත් වෙන්න ඕනේ..එහෙත් එහි ගෙබිම අපට නඩත්තු කල හැකිද යන්න අපි හිතා බලන්නත් ඕනේ..ගෙබිම දැව වලින් නිර්මාණය කර ඇතිනම් එය නඩත්තු කරන්න අපි ගන්න ඕනේ ක්‍රියාමාර්ග මොනවද?ඒවා  ඇත්තටම ලී ද නැතිනම් එවැනි පෙනුමක් පමණක් ලබාදෙන බිමක්ද? (laminate)..ගුණාත්මක නොවන ගෙබිමක්  කාලයත් එක්ක ගොඩක් ගැටළු ඇතිකරන්න පුළුවන්..අපි නිවෙස මිලට ගන්නේ පාඩු විඳගෙන නඩත්තු කර කර ඉන්න නෙමේනේ..අන්න  ඒ නිසා  අපට නඩත්තු කරගන්න පුළුවන් අපට ගැලපෙන ගෙබිමක්ද කියන එක පිළිබඳව සැලකිලිමත් වෙන එක වැදගත්…

2.  බිත්ති

ප්‍රවේශමෙන් බිත්ති ගැන සැලකිල්ලෙන් බලන්න.පළුදු වීම් තිබෙනවද?පලුදු වීම් නඩත්තු කර තියෙනවා වෙන්න පුළුවන්.එහෙත් එලෙස පලුද්දක් නඩත්තු කර නැත්නම්..නිවසේ ගුණාත්මක භාවයට වඩා විකුණුම්කරු  සැලකිලිමත් වී ඇත්තේ මුදල පිළිබඳව කියන එක ගැන ඔබ සිතන්න ඕනේ…

3. වායු සමීකරණය

අද වෙනකොට බොහෝ නිවාස වායුසමීකරණ කරලා තියෙනවා.ගොඩක් ලස්සන පෙනුමක් තියෙන නිවාස වල උඩුමහල,අට්ටාලය,බිම්මහල මේ සියල්ල ආවරණය වෙන පරිදි වායුසමීකරණය කරල තියෙනවා..ඒත් එහෙම වුනාම ඇතැම් විට වායුසමීකරණය ක්‍රමවත් ලෙස පැතිරෙන්නේ නැතිවුනොත් නිවාස තුල ඇතැම් ස්ථානවලදී අපි අපහසුතාවයට පත්වෙන්න පුළුවන්.අනික වායුසමීකරණය කල නිවසක් මිලදිගන්නවා නම් එහි නඩත්තු කටයුතු පහසුද කියන එකත් බලන්න ඕනේ.ඒ වගේම නියමාකාරයෙන් වායුසමීකරණය කල නිවසක උඩුමහලට සහ බිම් මහලට ත් විවිධ ස්ථානවලටත් වෙනම වායුසමීකරණ කරන්න අවශ්‍යයි.එහෙම කරලා තියෙනවද කියන එක ගැන සොයා බලන්න..

4. ජනෙල්

ජනෙල් ගොඩක් වෙලාවට හොඳින් වාතාශ්‍රය එන්න විවෘත වෙනවද බලන්න.ඒ වගේම ඒවා හොඳින් වැසෙනවද? ලොක් වෙනවද කියලත් බලන්න..ඇතැම් ටිකක් පැරණි නිවාස වල මේ තත්වය දකින්න ලැබෙනවා අඩුයි.

5. ජලනල පද්ධතිය

වැසිකිලිය අවට බිම් ප්‍රදේශය හොඳින් පිරික්සන්න.කාන්දු වන එක අංශු මාත්‍රයක් හෝ ඇත්නම් එය පසුකාලීනව ගොඩක් ප්‍රශ්න ඇතිකරවනවා වෙන්න පුළුවන්.එය එතරම් බරපතල් නොවෙන්න පුළුවන්,ඒත් ඔබ හුඟක් සැලකිලිමත් වෙන්න.ඒ නිසා හොඳ ජලනල කාර්මික ශිල්පියෙක් ලවා පරික්ෂා කරවගන්න එක වැදගත්..

6. ගෘහ උපකරණ

හැම ගෘහ උපකරණයක්ම on වෙනවද කියන එක බලනවට වඩා ඒවා නිසියාකාරව ක්‍රියාත්මක වෙනවද කියන එක පිළිබඳව ඔබ පරික්ෂා කර බලන්න.මේකට  ටික වෙලාවක් ගතවේවි..හැබැයි කලින් පරික්ෂා කරලා ක්‍රමවත්ව ක්‍රියාත්මක වෙනවද කියන එක සොයාබැලීමෙන් ඔබේ මුදල සහ නඩත්තු කාලය පසුකාලීනව ඉතුරුකරගන්න පුළුවන් නේද?

7. පිරිසැලසුම

නිවසේ බිම් සැලසුම ගැනත් අපි හිතන්න ඕනේ.පටු කොටස්,ස්ථාන ඇත්ද බලන්න.අවහිරතා තියෙනවද? ඉඩක් තියෙනවද? කියන එක ගැන බලන්න.නිවාස ඇතුල ගත්තොත් අපට නිදහසේ  ශීතකරණය විවෘත කරන්න ඉඩ ප්‍රමාණවත් ලෙස තියෙනවද? (ඇතැම් නිවාස වල කුස්සිය වැනි ස්ථානවල එතරම් ඉඩක් දකින්න නැහැ )කාමරයේ ඉඩ ප්‍රමාණය කොහොමද? මොකද සමහර කාමරවල හැරෙන්නත් ඉඩක් නැහැ වගේ කියල කියනවනේ…මේවා ගැන සැලකිලිමත් වෙන්න..ඒවගේම නාන කාමරයේ ඉඩ ප්‍රමාණය ගැනත් බලන්න ඕනේ..

8. බාහිර තත්වය

නිවසේ වහලය ගැන  වෘතිමය පළපුරුදු අයෙකු ලවා පිරික්සවා ගැනීම වැදගත්.අඩුම තරමින් තව අවුරුදු 5ක් 6ක් හෝ ප්‍රශ්නයක් නැතුව ඉන්න පුලුවන්ද කියන එක ගැන සොයා බලන්න.සමස්ත බාහිර නිවසේ පෙනුම,හැඩය,නඩත්තුවට පහසුද?වර්ණ ගැන්වීම සෑහීමකට පත්වෙන්න පුලුවන්ද? ටික කලකින් වියදම් කර අපහු paint කරගන්න වෙයිද?භුමියේ පිහිටීම ගැන සතුටට පත්වෙනවද?අවට පරිසරය ගැන සෑහීමට පත්වෙන්න පුලුවන්ද කියන එක ගැන ටිකක් හිතන්න.

අපි කවුරුත් නිවසක් මිලට ගන්නේ වඩා හොඳ ආයෝජනයකින් ඊටත් වඩා හොඳ ප්‍රතිලාභ ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් නේ..එහෙනම් එක පාරක් කරන මේ ආයෝජනය ගැන දෙපරකටත් වඩා හිතන්න ඕනේ කියන්නේ අන්න ඒ නිසයි…

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here