නිවසේ කුණු කසළත් ප්‍රශ්නයක්…

0
2457
garbage-recycling

නිවසේ එකතු වෙන කුණු කන්දල් අවම කර ගැනීමේ තිබෙන කරදරය අපි කාටත් දැන් පොදු ගැටලුවක් බවට පත්ව තිබෙනවා. ඒ ගැනත් අපි දෙසටම ඇඟිල්ල දිගු කලොත්….. මේ විදිහට අපි නොසිතන පුංචි පුංචි අඩු පාඩු නිසා මේ ප්‍රශ්නය කුණු කන්දක් තරමටම විශාල ගැටලුවක් බවට පත් වෙනු ඇති.

වෙළදපොලෙන් දැවටුම් සහ මලු අඩු කරගන්න

බොහෝ උදවියට වෙළදපොලට ගියාම එක මල්ලකින් සෑහීමට පත් වෙන්න බැහැ. ඒ වුනත් මේ අනවශ්‍ය මලු ගෙදර ගෙනාවාම ඒවා ඉවත් කිරීම අපිට ගැටළුවක්. මේ නිතරම වෙළඳපොලෙන් කළමනා ගෙනෙන විට රෙදි මල්ලක් තබා ගන්න. ඒ වගේම අනවශ්‍ය විදිහට දැවටුම් ලබා ගැනීම වෙනුවට පිරිමසාගෙන පාවිච්චියත් වැදගත්.

ආහාර ඉතිරිවීම වලක්වා ගන්න

නිවසේ වපසරියට ආහාර පිස ගැනීම කාන්තාවක් විදිහට දැනගතම යුතු කරුණක්. අනවශ්‍ය විදිහට ආහාර පිස ඉවත දමනවා වෙනුවට අමුද්‍රව්‍ය ලෙසින් ඒවා සකසුරුවමෙන් පාවිච්චි කිරීමට කාන්තාවක් විදිහට ඔබ දැනගතම යුතු කරුණක්.යමක් ඉතිරි වුනොත් එය පසු වේලට පාවිච්චියට ගන්න. එසේ නොමැතිව ඒ ව්‍යංජනය හෝ මැල්ලුම තිබෙන නිසා අලුතින් ආහාර පිසින විට තිබුන දෙයත් සමගම පාවිච්චියට ගන්න.

කොම්පෝස්ට් බැරලයක්

අතීතයේදී හැම නිවසක් වෙනුවෙන්ම කුනු බැහැර කිරීමට වලක් හාරා ගෙන තිබුනා. අද ඒ වෙනුවෙන් ඉඩක් නැති නිසා කොම්පෝස්ට් බැරලයක් විකල්පයක් විදිහට පාවිච්චි කරන්න පුලුවනි. අද ලංකාවේ සෑම පළාත් පාලන ආයතනයකින්ම මේ පහසුකම් ලබා දී තිබෙනවා. ඒ නිසා කොම්පෝස්ට් බැරලයක් තබා ගත්තොත් නිවසේ කුනු ඉවත් කිරීමට වගේම මල් සහ එළවලු වෙනුවෙන් අවශ්‍ය පොහොරත් ලබා ගන්න පුලුවනි.

කසල වර්ග කරන්න

නිවසේ කසල බැහැර කරන විටත් ඒවා වර්ග කරන්න. අද මේ වෙනුවෙන් බොහෝ දැනුවත්වීම් තිබෙනවා. ඒත් අපි ඒවා වෙනුවෙන් කිසිම ප්‍රතිචාරයක් නැහැ. ආපනශාලාවක වුනත් දිරන, නොදිරන ලෙසින් වෙන් වෙන් භාජන තිබුනත් අපි ඒ ගැන නොසලකා හැරීම විශාල පරිසර ගැටලුවක්. ඒ නිසා නිවසක වුනත් මේ විදිහට වර්ග කලොත් අපිට කුණු බැහැර කිරීම ඉතාම පහසුවෙන් කළ හැකි කටයුත්තක් වෙනවා.

පත්තර බෝතල් වැනි දෑ විකුනා මුදල් ලබා ගන්න පුලුවනි

ප්ලාස්ටික් පොලිතින් වෙනුවෙන් සීමා පැනවීම සමග කඩදාසි සහ වීදුරු වෙනුවෙන් ඉල්ලුමක් ගොඩ නැගුනා. ඒ නිසා අද කඩදාසි දැවටුම් වෙනුවෙන් පත්තර , අභයාස පොත් මිළට ගනන යුගයක්. නිවසේ ඉවත දමන පත්තර කඩදාසි සහ බෝතල් විකුනා යම් මුදලක් ලබා ගන්නත් පුලුවනි.

ඇඳුම් අල්මාරිය

ඇඳුම් අල්මාරියේ වුනත් පාවිච්චියට නොගන්නා දේ ඉවත් කරන්න. සමහර ඇඳුම් මදි පාඩු වෙලා ඇති. තවත් සමහර ඇදුම් ප්‍රමාණය විශාල වෙලා ඇති. ඒවා ඔබට ගැලපෙන සේ සකස් කර ගන්න. විකල්ප ප්‍රයෝජන ගත හැකි නම් ඒ වෙනුවෙනුත් යොමු වෙනන්. කිසිම ඵල ප්‍රයෝජනයකට ගත නොහැකි දේ ඉවත් කරන්න.

ආහාර ඇසුරුම් කිරිම

ආහාර අසුරන විටත් හොදින් අසුරා ගන්න. සුලං වැදීම, කෘමි සතුන් නිසා ආහාරවලට ඇති වෙන හානි පාඩු අවම කර ගන්න පුලුවනි. උදාහරණයක් විදිහට අපි හිතමු සීනි බෝතලයේ සීනි කිලෝ එකක් අසුරා නිසි පරිදි වසා නැත්නම් එයට කූඹි වැසුවොත් මුලු සීනි ප්‍රමාණයම ඉවත දැමීමට සිදු වේවි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here