සුන්දරත්වයේ නොවරදින රහස්

0
5311
සුන්දරත්වයේ නොවරදින රහස්

කාන්තාවන් සියලුම දෙනා ගොඩක් කැමතියි ලස්සනට ඉන්න. ඒ වගේම තවත් කෙනෙක්ගෙන් තම සුන්දරත්වය පිළිබඳ පැසසුම් ලබන්න. ඔබ කැමතිද බොලිවුඩය හොල්ලපු ඒ සුන්දර  නිළියෙක් වගේ තමන්ගෙ සුන්දරත්වය තරුණ පෙනුම තවත් වැඩි කර ගන්න. අනෙක් අය අතර කැපී පෙනෙන සුන්දර පෙනුමකට හිමිකම් කියන කාන්තාවක් වෙන්න. ඔබටත් පුළුවන් මම මේ කියන්න යන රහස් ටික පිළිපදින්න. මේකප් ඇතුවත් නැතුවත් හරිම ලස්සනට ඉන්න, ඒ වගේම තරුණකම රැක ගන්න. සම දීප්තිමත් කර ගන්න හා පැහැපත් ස්වභාවය නිතර රදා ගන්න  ඕනම තැනක අනෙක් අයට වඩා ලස්සනට කැපිලා පේන්න  ඔබටත් පුළුවන්. ඉතින් මම අද මේ කියන්න යන දේවල් ටික ඔබත්  අත්හදා බලන්න.

ස්වාභාවික සුන්දරත්වයකට උරුමකම් කියන්න නම් අපට ඉතා පැහැපත් හා දීප්තිමත් සමක් අවශ්‍යයි නේද. ඉතින් මේ තත්වය දිගින් දිගටම පවත්වාගෙන යන්න ඔබටත් පුළුවන්. ස්වාභාවික අමු ද්‍රව්‍ය හා කාබනික සංඝටක  මගින් දීප්තිමත් හා පැහැපත් සමක් ලබා ගන්න පුළුවන් බව ඔබ දන්නවාද ?.

සමේ ඇති වන ඕනෑම ගැටලුකාරී තත්වයක් සඳහා පිපිඤ්ඤා යුෂ නිවැරදි පිළියමක් ලෙස සොයා ගෙන තිබෙනවා. ඔබ ආහාරයට සකස් කර ගන්නා පිපිඤ්ඤා වල මදය සහිත කොටස ගෙන එහි සාරය හොඳින් ඔබගේ මුහුණේ හා ගෙල පෙදෙසේ අතුල්ලන්න. එමගින් සමට දීප්තිමත් බවක් ලබා දේවි. ඒ වගේම තමයි ඔබ දිනපතා මුහුණ පිරිසිදු කිරීමෙන් අනතුරුව සමේ මොයිෂ්චරයිසින් ගුණය පවත්වා ගෙන යෑම සඳහා කඩල පිටි, කිරි හා යෝගට් සමගින්  මිශ්‍ර කර මුහුණේ  ආලේප කරමින් පසුව සෝදා හරින්න.

එමෙන්ම සෑම දිනයකදීම උදෑසන පිබිදුණු විගස උණු වතුර වීදුරුවකට මී පැණි හා දෙහි බින්දු කිහිපයක්  එක්කර හිස් බඩ පානය කිරීම මගින් ශරීරයේ ඇති විෂ ද්‍රව්‍ය  ඉවත් කරමින් ශරීරය  පිරිසිදු  කරගත හැකිය.

ඒ වාගේම තමයි රසායනික නොයෙදූ  අලුත් එළවළු පලතුරු   ආහාර වේලට එක් කර ගැනීමෙන් ඔබට පැහැපත් සමකට හිමිකම් කියන්න පුළුවන්. ඒ අතර දිනපතා හොඳින් වතුර පානය කිරීම මගින් සමේ පැහැය වැඩි කර ගන්න පුළුවන්. අවම ලෙස දිනකට වතුර වීදුරු    10ක් වත් පානය කල යුතු වෙනවා.

සරල ආහාර වට්ටෝරුවක් ලබා ගැනීම තුළින් මනා සිරුරකට හිමිකම් කියන්න ඔබට පුළුවන්. වැඩිපුර මේදය සහිත ආහාර ගැනීමෙන් වැලකිය යුතුයි. මොකද තෙල් සහිත ආහාර වැඩියෙන් ගන්නවා කියන්නෙ කුරුළෑ කරදරයටත් අත වනනවා කියන එක.  අපේ ශරීරයට වැඩිපුර   වතුර ඕන. ඉතින් වැඩියෙන් වතුර බොනවා කියන්නෙ සම වියලෙන එකෙනුත් අප ආරක්ෂා  වෙනවා කියන එක නේද ?…

ඔබට පුළුවන් කැරට්, පිපිඤ්ඤා, සලාද කොළ, තක්කාලි වගේ දේවල් අමුවෙන් ආහාරයට ගන්න. ඒ වගේම ධාන්‍ය වර්ග ආහාරයට ගන්න මේ මගින් සමට අලුත් සෛල නිපදවීම අවශ්‍ය  පෝෂණය ලබා දෙනවා වගේම සමේ පැහැය ආරක්ෂා  වෙනවා.

නිතරම ශරීරය නිවන විදියෙ ආහාර ලබා ගත යුතුයි. බල මාලු, බල කරවල, දැල්ලන්, කකුළුවන්, වැනි ඌෂ්ණාධික ආහාර ගැනීම ඒ තරම් හොද නෑ.  මොකද ශරීරය අභ්‍යන්තර  ආසාදන රෝග වලට එම ආහාර ඉවහල් වන්න පුළුවන්.

ඔබට හැකි නම් නින්දට පෙර විනාඩි 10ක් හොද භාවනා ක්‍රමයකට හුරු වන්න. ඒ මගින් මානසික ආතතිය දුරු කර ගන්න පුළුවන්. මොකද මානසික ප්‍රශ්න ගැටලුත් අපේ සුන්දරත්වයට අහිතකර බලපෑම් එල්ල කරනවා.

ඉතින් ඔබටත් පුළුවන් නම් මේ දේවල් අනුගමනය කරන්න ඔබත් අනික් අය අතර කැපී පෙනෙන කාන්තාවක් වේවි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here