හිසකෙස් වල නිරෝගී බව මෙන්ම ඇස් වටා කළුබව මකන මේ ප්‍රතිකර්ම නම් කදිමයි..

හරි ලස්සන හැඩකාරියක් වෙන්න කොයි කවුරුත් කැමැතියි.නමුත්, නිවසේ කටයුතු, පාඩම් වැඩ හා රැකියා කටයුතු වලට කාර්යබහුල වීම නිසා කාන්තාවකට පොදුවේ ඇතිවිය හැකි ගැටලු රැසක් ඇත. ඒ අතර හිසකෙස් වල ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත්වන කොයි කවුරුත් වගේ ෂැම්පු කිරීමෙන් අනතුරුව කන්ඩිෂනර් භාවිතා කිරීමට පුරුදුව සිටියි. ෂැම්පු කිරීමෙන් පසු යම් විවෘත වීමකට ලක්වු කෙස්ගස් යලි වසා දැමීමට කන්ඩිෂනර් භාවිතා කරයි. වෙළෙඳ පොලේ විවිධ නාම යටතේ විවිධ හැඩයේ ඇසුරුම්වල බහාලූ කන්ඩිෂනර් වර්ග දක්නට ලැබේ. සමහරක් ඒවා මිල අධිකය. නමුත් ඒවා තෝරා ගැනීමේදී තමන්ගේ හිසකෙස් වලට වඩාත් උචිත වර්ගයක් තෝරාගැනීම පිළිබඳ බොහෝ දෙනා දැනුවත් නැත. එසේම තවත් සමහරුන්ට කන්ඩිෂනර් භාවිතා කල යුත්තේ ඇයිදැයි යන්න පිළිබඳ නිසි අවබෝධයක් ද නැත.

ෂැම්පු භාවිතා කිරීමෙන් විවෘත වූ හිසකෙස් යලි යථා තත්වයට පත්වීම හැරුණු කොට හිස්හොරි ඉවත්වීම, හිසකෙස් හැසිරවීම පහසුවීම, දූවිලි රැඳුණු හිසකෙස් ආරක්ෂා කිරීම ඉන් ලැබෙන ප්‍රයෝජනයි. හිස් රෝග සෑදීමේ අවධානමද මේ සමඟ අවම වේ.

වෙළෙඳ පොලේ රසායනික යෙදූ කන්ඩිෂනර් වර්ග වෙනුවට නිවසේදීම කන්ඩිෂනර් සකසා ගැනීමටද පුළුවන. එමගින් හිසකෙස් වලට ආරක්ෂාවක් සැලසෙනවා මෙන්ම අතේ මුදල් ද ඉතිරි වේ.

* බිත්තරයක් සම්පුර්ණයෙන්ම හෝ සුදු මදය පමණක් ගෙන එයට තෙල් බිංදු කිහිපයක් පමණක් දමා කවලම් කර හිසෙහි ගල්වා පැය 1/2 ක් පමණ තබා සෝදා හරින්න.

* වතුර වීදුරු 01කට ස්වාභාවික පොල් විනාකිරි මේස හැදි 01ක් දමා කොණ්ඩය සෝදා පසුව සාමාන්‍යය වතුරෙන් සෝදා හරින්න.

එසේම බිත්තර හා මීකිරි කවලම් කර, ඔළුවේ ගා පැයක් පමණ තබා සෝදා හැරීමෙන්ද, මෘදු ෂැම්පු එකකට ජෙලටින් තේ හැදි එකක දමා දියකර ඔළුව සෝදා හැරීමෙන්ද වියළි හා පැළුණු කෙස්වලට යෝග්‍ය වේ.

සෑම කාන්තාවක්ම පාහේ මුහුණ දෙන ගැටලු අතර ඇස් වටා කළුවීම දැකිය හැක. ඇස් වටා කළුවීම අවම කර ගත හැකිය. ඒ සඳහා සම පැහැපත් කිරීමට ප්‍රතිකාර ඇත. එසේ කල හැකි ප්‍රතිකාර අතර එක් ප්‍රතිකාරයක් මෙසේ ඉදිරිපත් කරන්නට පුළුවන.

ප්‍රථමයෙන්ම ක්ලෙන්සර් ආලේප කරගන්න. ක්ලෙන්සර් කිරීම මඟින් මුහුණේ සමෙහි ඇති තෙල් සහ දූවිලි ඉවත් කරයි. පසුව ටෝනර් ආලේප කරන්න. ක්ලෙන්සර් සහ ටෝනර් ආලේප කිරීමෙන් පසුව ස්ක්‍රබ් ආලේප කර යන්ත්‍රානුසාරයෙන් කෙරෙන ස්ක්‍රබ් පැතිරවීම මඟින් කළු ලප (black head), සුදු ලප ( white head) ඉවත්කර ගැනීමට පහසු කරයි. ස්ක්‍රබ් ඉවත් කිරීමෙන් පසු ස්ටීම් කිරීම අරඹන්න.  පසුව වැකුම් කිරීමත් සිදුකර ගන්න. මෙයින් සමෙහි රුධිර ගමනාගමනය ක්‍රමවත් වී පේශීන් ලිහිල් වීමෙන් සම පිරිසිදු කිරීම පහසු කරවයි. ඉන්පසු මුහුණ පිරිසිදු කර ටෝනර් ආලේප කරන්න.සාමාන්‍යයෙන් විනාඩි 30ක් පමණ ටෝනර් ආලේපය තබා පැක් එක හොදින් සමට උරා ගැනීමට ඉඩ සලස්සවන්න.පැක් එක ඉවත් කිරීමෙන් පසුව ටෝනර් මසාජ් එකක් සිදු කරගන්න. මෙයින් රුධිර ගමනාගමනය ක්‍රමවත්කර පහසු කිරීමක් සිදු වේ. මෙයින් ඔබේ ඇස් වටා කළුවීම නැති වී මුහුණේ සමට පැහැපත් බවක් රැගෙන එනු නිසැකය.

මේ ආකාරයට ලස්සන හැඩකාරියක් වන්නට කාර්යබහුල යුවතියන්ට මෙම ප්‍රතිකර්මයන් වල  බොහෝ වටිනාකමක් පෙනෙනු ඇත.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here