ඔයාට සුබ ගමන්…

sad-girl

මේ දිගහැරෙන්නේ එක ජිවිතයක එක සිදුවීමක් පමණයි. බැඳීමක තියෙන සමීප බව මත අපේ ජිවිත කොයිතරම් වෙනස් වෙනවද  කියලා ටිකක් සිතන්න ඉඩක් දෙන්න බලාපොරොත්තුවෙනුයි මා මෙය ලියන්නේ…මේ ඔබේ ජීවිතෙත් එක සිදුවීමක් වෙන්න පුළුවන්… බලන්න  අපේ ජිවිත වල කොයිතරම් මෙවන් සිදුවීම් වෙන්න ඇත්ද?  ඒත් ඒ හැමවිටකම මෙහෙම හිතුනා නම් කොච්චර හොඳයිද?

ජීවිතය මට උගන්වල තියෙන වටිනා දෙයක් තියෙනවනම් ඒ තමයි බැඳීම් සහ ආදරය තරම් වටිනා තවත් සතුටක් නැහැ කියන එක.ජීවිතය උඩුයටිකුරු කරන්න සමීප සම්බන්ධතා වලට පුළුවන්.සතුට සැණෙකින් දුකට හරවන්න,දුක සතුටකට පෙරලන්න බැඳීමකට තියෙන හයිය කොච්චරද කියනවනම් එතුලින් මනසේ සිද්ධවෙන වෙනස දැනෙන්නේ කියාගන්න බැරි විධියට. ඒත් ඇත්තට මුහුණ දෙන්න ඕනේ. එකයි ස්වභාව ධර්මය කියන්නෙත්.මම ඔයාට මේ ටික ලියන්නෙත් ඒ නිසයි..

මම සර්ව සම්පුර්ණ කෙනෙක් නෙමේ,ටිකක් මුරණ්ඩුයි වගේම වැරදි නොකරපු කෙනෙකුත් නෙමේ.මගේ ආත්මාර්ථකාමී සිතුවිලි මම නොදැනුවත්වම අනික් අයව ගොඩක් රිද්දුවා.සමහර යාළුකම් දිගටම තිබුණා. සමහර ඒවා බිඳිලා ගියා.මගේ පරණම යාලුවත් ඔයයි.ඒත් ජිවිතේ මට ඉගැන්නුවා කොච්චර පරණ බැඳීමක් වුණත් නොගැලපෙන තැනකදී වෙන්වෙනවා කියලා.මම ඔයාව දන්නේ අවුරුදු ගාණක ඉඳල ඒත් කවදාවත් ආයිමත් අපි කතානොකරන තත්වෙකට අපේ බැඳීම පත්වෙයි කියලනම් මම හිතුවෙම නැහැ.ජිවිතේට අපි සොඳුරු මතකයන් ගොඩාක් එකතු කරගත්තත් එක මොහොතක් ආව සදහටම අපි වෙන් වෙච්ච.අපි තේරුම්ගත්තා යාළුකම් පරණ වෙන්න එයට පැවැත්මක් හැමදාමත් තියේවි කියලා හිතන්න බැරිබව.අපේ ජිවිත ගමන්කළේ අරමුණු දෙකකට දිසාවන් දෙකකට.මෙහෙම නොවී මුලදීම අපි වෙන්වුනා නම් මෙච්චර දුකක් නැහැ නේද කියලා.ජිවිතේ පාඩම් ඉගෙනගත්තෙත් අපි එකට වුණත් හැම ධර්මතාවයකම වගේ තියෙන හමුවුණොත් වෙන්වෙන පොදු ධර්මතාවය අපටත් අදාළ බව මට තේරුණා.ඔයාගේ දුකේදී මම ඔයාට උදව් කලත් මට ඔයාගෙන් එහෙම ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ.ඇත්තටම එහෙම බලාපොරොත්තු වෙන ඒකත් නියම යහළුකමට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ කියලා මට දැනෙනවා. මට ඔයාගේ උදව්ව උවමනා වුණු හැම වෙලාවකම වුණේ ඔයාගේ ෆෝන් එක බිසී වුන එක විතරයි.

මට රිදුනේ නැහැ වගේ මට ඉන්න පුළුවන් ඒත් ඇත්තටම එහෙම ඉන්න පුළුවන් පොඩි කාලයයි.අපිට අලුත් යාලුවෝ මුණගැහුනා.අලුත් අරමුණු ගොඩනැඟුණා. පරණ බැඳීම් ටික ටික අමතක වෙලා ගියා.කාලයත් එක්ක අපි වෙනස්වුනා.ඒත් අපේ අතීතයේ කොටස්කාරයෝ අපි.මගේ ජිවිතේ හොඳම මතකයන් ඇත්තටම ඔයා එක්ක ගත්කරු කාලයයි.ඒත් හැමදෙයක්ම වගේ ඔයත් මමත් දෙන්නම වෙනස් වුණා.ඔයාගේ වෙනසට මමත් හැඩගැහුනා.

මම තරහ නැහැ.මගේ ජිවිතේට ඔයා දීපු පාඩම් මට හුඟක් වටිනවා.වෙනස්කම් දරාගන්න ඕනේ වගේම කිසිම කෙනෙකුගෙන් ඕනෑවට වඩා කිසිදෙයක් බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ කියන පාඩම් මම ඉගෙන ගත්තේ ඔයාගෙනුයි.ඒවගේම මිනිස්සුන්ට අවස්ථා දෙන එක, සමාව දීලා විශ්වාස කරන එක වුණත් කරන්න ඕනේ හොඳට හිතල බලලයි කියන වැදගත්ම පාඩම මට ඉගැන්නුවට ඔයාට ගොඩක්ම ස්තුතියි.මිනිස්සු කියන දේ නොකලත් එය වරදක් බව දැනගත්තට පස්සෙත් ආපහු ඒ වරද්දම කරන්න හරිම ලේසියි කියන එක ඔයාගෙන් මම දැක්කා.ඇත්ත පිළිගන්න වෙනවා.අපි දෙන්නට තවදුරටත් අපිව උවමනා නැහැ කියලා මට තේරෙනවා.මම තේරුම්ගත්තා,ජීවිතය වටිනවා,හුඟක් කෙටි නිසා අපි එකතුකරගන්න ඕන අපි ගැන හිතන යහපත අගය කරන,සතුටේදී වඩා දුකේදී ඉන්න අපිට ආදරය කරන අය කියලා.අපි ආදරය කලත් වැඩක් නැහැ ඒ ආදරයට ගෞරවයක් සහ වටිනාකමක් එකතු කරන්න එයාල දන්නේ නැත්නම්.බැඳීම් නැතිවෙන එක දරාගන්න අමාරුයි ඒත් තිබුණු වටිනා බැඳීමක් බිඳ දාල ඔයා මට කලේ දරාගන්න ශක්තිය ඇතිකරපු එකයි.ඒ නිසා මට දැන් ජීවිතය තේරුම් ගන්න තවත් පහසු වුණා.

හැමදාමත් ඔයා මගේ ජිවීතේ විශේෂ කෙනෙක් වෙලාම ඉඳීවි.මම හිතනවා එදා වගේම අදත් ඔයා සතුටින් ඇති කියලා.ඒ සතුට නැතිවෙන්න එපා කියලයි මමත් ප්‍රර්ථනා කරන්නේ.අද මම මේ ඉන්න ශක්තිමත් පුද්ගලයා බවට පත්කරන්න ඔයා මට හුඟක් උදවූ කළා ජීවිතය තේරුම්ගන්න.මම දැන් වෙනදට වඩා ශක්තිමත්.ඔයාට ගොඩක් ස්තුතියි.ඒවගේම ඔයාට සුබ ගමන්.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here