අලුත් Job එකකට යන්න හිතන් ඉන්න ඔබට

0
3178
new_job

ඕනෑම කෙනෙකු අසන්න හෝ දකින්න කැමතිම දෙය තමා රැකියාවකට සුදුසුකම් ලැබී අයෙකු වීම. පළමු රැකියාව බලාපොරොත්තුවෙන් සිටින අයට පවා රැකියාවක් භාර ගැනීමේදී තරමක් ප්‍රවේශම් වීම හොදය. රැකියාවක් තෝරා ගැනීමේදී බොහෝ අය සැලකිල්ලට ගනු ලබන්නේ වැටුප, වාහන හා වෙනත් වරප්‍රසාද ආදී ලෙස ස්වල්පයක් පමණි. නමුදු  සලකා බැලිය යුතු බොහොමක් කරුණු තිබේ. ඉන් කිහිපයක් නම්,

ඔබේ දියුණුව

කිසිවෙකු හැමදාම එකම තැන පල වීමට කැමති නැත. එම නිසා ඔබ රැකියාවක් තෝරා ගැනීමේදී උසස් වීම් හා වැටුප් වර්ධක ලබා දීමේ ක්‍රම, ඒ සදහා ගන්නා කාලයන් උසස් වීම් ලබා ඉහල යමේ අවස්ථා තිබේද යන්න සොයා බැලිය යුතුය. එම ආයතනයේ රැකියා කරන අයට එසේ උසස් වීම් ලැබෙන්නේද එසේ නැතිද යන්න සොයා බැලීම ඉතා වැදගත් වන්නේ ඔබේ දියණුව රැකියාවට බලපාන නිසාවෙනි.

ආයතනයේ ස්ථාවරත්වය

ඔබ යම් ආයතනයක් රැකියාවකට යන විට දැනටමත් එම ආයතනයේ නිෂ්පාදන මිලදී ගැනීමක් සිදු නොවේ නම් එනම් මිලදී ගැනීම් බිද වැටි ආයතනය පාඩු ලබන තත්වයකට ඇද වැටි ඇත්නම් එවැනි ආයතනයක ඔබ රැකියාවකට යන්නේ නම් ඔබට කිසිම දියුණුවක් අත් වන්නේ නැත.

නව රැකියාවේ අභියෝග, ප්‍රියජනක බව

තරුණ ඔබ අභියෝග කාර්යයන් වල නියැලීමට ඉතාමත් කැමතිය. එකම වර්ගයේ වැඩ දිනපතා සිදු කරන්නට අප කවුරුත් කැමති නැත. රැකියාවක් සතුටෙන් කල හැකි වන්නේ එවිටය. අභියෝග මැද රැකියාවකින් ඉහලට යන විට ඔබට එමගින් ලැබෙන අත්දැකිම් ප්‍රමාණයද වැඩි වේ.

අධ්‍යාපනික තත්වයෙන් ඉහලට යෑමට තිබෙන ඉඩ කඩ

යම් රැකියාවක් සිදු කිරීමට ඔබ යන විට ඔබේ අධ්‍යාපනික කටයුතු වලට එම ආයතනයෙන් කොතරම් සහයෝගයක් තිබෙන්නේ දැයි සොයා බැලීම වැදගත් වේ. ඇතැම් ආයතනවලින් අධ්‍යාපන කටයුතු වල නිරත වන පුද්ගලයන් සදහා ශිෂ්‍යත්ව ලබා දෙමින් උපකාර කරනු ලබයි.එවැනි අවස්ථා ඔබට හිමි වීමෙන් ඔබේ අධ්‍යාපන මට්ටම තව තවත් වැඩි දියුණු කර ගත හැකිය.

ආයතනික සංස්කෘතිය

ආයතනයේ අභ්‍යන්තර පරිසරය ආයතනයේ සංස්කෘතිය වේ. පීඩනය වැඩි, ප්‍රියජනක බවක් නැති තැනකට ඔබ යාමෙන් ඔබට රැකියාව එපා වනු ඇත. සම්මුඛ පරීක්ෂණයේදී පරීක්ෂකයන්ගේ හැසිරීමෙන් හා ඔබ කාර්යාලයේ සිටි කාලය තුළ දකින දෙයින් මේ ගැන යම් අදහසක් දැන ගත හැකිය.

රාජකාරී පැය ගණන

රැකියාවක් සිදු කලද පැය 24 ම කාර්යබහුල වීමට අප කැමති නැත. එසේ වුවහොත් ඔබ මානසික ආතතියකට පවා ලක් විය හැකිය. ඇතැම් රැකියාවල දිවා රෑ නොමැතිව වැඩ කල යුතුය. විනෝදයක්, සතුටක් නොමැති තරම්ය. නමුදු ඒවායේ ප්‍රතිලාබ, උසස් වීම් බහුලය. ඇතැම් රැකියාවල වැඩ අඩුය. එසේම වැටුප් හා අනෙක් ප්‍රතිලාබ සීමිතය. මෙහිදී ඔබම සිතා තමා කැමති නිදහසේ සිටින්නද එසේ නොමැතිනම් දවසම වැඩ කර ප්‍රතිලාබ ලබන්නද යන්න තමා තීරණය කල යුතුය.

දුර ගමන් බිමන්

ඇතැම් රැකියාවන් සිදු කිරීමේදී ඕනෑම අවස්ථාවක පිට වැඩ කිරීමට සිදු වේ. තමා පවුලේ වැඩිමහල් පුද්ගලයා නම්, නිවසේ වගකීම් රැසක් අත් කර ගෙන සිටින්නේ නම් ඔබට එවැනි රැකියාවල් වල නිරත වීමේ හැකියාව තිබේ දැයි සිතිය යුතුය.

පිහිටීම

මෙය ඉතාමත් වැදගත් වේ. නිවසේ සිට දුර වැඩි නම් ඒ සදහා ගන්නා වූ ක්‍රියාමාර්ග පිලිබදව සිතිය යුතුය. වෙනත් ස්ථානයක නැවතී රැකියාවකට යෑමේ හැකියාවක් තිබේ දැයි සිතිය යුතුය.

ආයතනයේ ප්‍රධානියා

ඔබට ඔබේ ආයතනයේ ප්‍රධාන නිලධාරියා සමග කටයුතු කිරීමට සිදු වේ. ඇතැම් පිරිස් කුකුල් කෙන්තිකාරයන්ය. පොඩිදේටත් කේන්ති ගනී. එසේම ඔහු මොන වගේ චරිතයක්ද යන්න කාන්තාවන් විශේෂයෙන් සොයා බැලිය යුතුය. කාන්තාවන්ට දැඩි ඇල්මක් දක්වන පිරිස්ද සිටින නිසාවෙනි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here