අහස සැරිසරන්න එක් වෙන කාන්තා දෑත්

ලෝක සංචාරක සංවිධානයට අනුව ජාත්‍යන්තර සංචාරකයින් සංඛ්‍යාව 2010 වර්ෂයට වඩා මිලියන 350 කින් ඉහළ ගොස් තිබේ. මේ හා සමානව ගුවන්යානා නියමුවරුන්ගේත් අවශ්‍යතාවයක් ඇති වුනත් බොහෝ දෙනාගේ අදහස වී තිබෙන්නේ කාන්තාවන් ආහාර පිසීමට සහ පිරිසුදු කිරීමට පමණක් වෙන් වූවන් පිරිසක් බවයි. දැන් අභ්‍යවකාශයේ පියාසර කිරීමට තරම් කාන්තා ජවය එඩිතර වීම නිසා අනාගතයේ මේ ආකල්පය වෙනස් වීමට බොහෝ සේ ඉඩ තිබේ.
ගුවන් නියමුවන්ගේ සංගමයේ ජාත්‍යන්තර වෘත්තීය සංගමය (Air Line Pilots Association International trade union) පවසන පරිදි ලෝකයේ වාණිජ ගුවන් සේවාවන්වල ගුවන් නියමුවරියන්ගේ ප්‍රතිශතය 5.18% කි.

මේ අතරින්, ගුවන් නියමුවරියන් වැඩි ම ප්‍රතිශතය ක් සේවය කරනුයේ, ඉන්දීය ගුවන් සමාගම්වලය. එම ප්‍රතිශතය 12.4% ක් බව කාන්තා ගුවන් නියමුවන්ගේ ජාත්‍යන්තර සමාජයේ (International Society of Women Airline Pilots) නවතම සංඛ්‍යා ලේඛනවල දැක්වේ. ඉන්දියාවේ
ප්‍රෙද්ශීය ගුවන් සමාගමක් වන Zoom Air හි ගුවන් නියමුවන් 30 දෙනාගෙන් 9 දෙනෙකු කාන්තාවන් වන අතර එක්සත් රාජධානියේ ගුවන් නියමුවන්ගෙන් 4.77% ක් කාන්තාවන්ය. තවමත් විහාල පරාසයක් කාන්තාවන්ගෙන් ආවරණය නොවුනත් කාන්තා ගුවන් නියමුවන්ගේ ජාත්‍යන්තර සමාජයේ සභාපතිනි කැතී මැක්කලෝ පවසන්නේ, ගුවන් නියමුවන්ගේ හිඟය පියවා ගැනීම සඳහා ඉන්දියාව වැඩි වශයෙන් කාන්තාවන් ගුවන් නියමුවන් ලෙස පුහුණු කිරීමට පියවර ගෙන ඇති බවයි.

කේට් විලියම්ස් ලාබාල ගුවන් නියමුවරිය ලෙසින් මෙම සේවයට සම්බන්ධ වුනේ වයස අවුරුදු 26 ක් වැනි ලාබාල වයසකදීය. ඇගේ අදහස වී තිබෙන්නේ බොහෝ දෙනෙක් ගුවන් නියමු වෘත්තිය තාක්ෂණ හැකියාව මත පදනම් වූ සකාර්යක් ලෙසින් වනත් ඇතත්ටම මෙතන ඇත්තේ මහජනතාව සම්බන්ධයෙන් ඇති කළමනාකරණයක් බවයි.මේ අතර 2019 වසරේ ජාත්‍යන්තර කාන්තා දිනය ශ්‍රි ලාංකික කාන්තාවන්ටත් ඔවුන්ගේ ඉතිහාසයේ එක්තරා හැරවුම් ලක්ෂයක් වූවාට සැකයක් නැහැ. ඊට හේතුව වූයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් කාන්තාවන් පමණක් මෙහෙයුම් කළ යානයක් පියාසර කරවීමයි. ඒ ප්‍රථම සහ සුවිශේෂී අවස්ථාවට කාන්තාවන් 8 දෙනෙක් සම්බන්ධ වු අතර , ගුවන් නියමුවරිය ලෙස කපිතාන් සිම්රන් ගුම්මන් සහ පළමු පියාසර නිලධාරිනිය ලෙස මනීෂා නම්බුගේ කටයුතු කරන ලදී.. ගුවන් යානා කාර්ය මණ්ඩල ප්‍රධානියා වූයේ, මිරැන්ඩා රොද්‍රිගෝය. ගුවන් යානයේ සෙසු කාර්ය මණ්ඩලයට ලක්මිණි, සුමුදු, ඔනෙලා, ෂෙහානි සහ දුෂ්මන්ති යන ගුවන් සේවිකාවන් එක්ව සිටියහ.

UL306 අංකය දරන මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළේ සිට සිංගප්පූරුව බලා පියාසර කරන ලදී. මෙහි මගීන් 177 දෙනෙකු ගමන් කළ කළ අතර, ගුවන් යානය සිංගප්පූරුවේ චාන්ගි ගුවන් තොටුපොළට සාඩම්බර ගමන්වාරයක් අවසාන කරන ලදී.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here