ලෝකයේ ලස්සන කාන්තාවන් ගැන දැනගන්න කැමතිද?

beautiful_women's
සුන් චින් ලින්

1911 වසරේ චීනය නිර්මානය කරන ලද “සුන් යෙත් සෙන්ගේ” දෙවැනි බිරිඳ වූ ” සුන් චින් ලින් චීන දේශපාලන භුමිකාවේ වැදගත් චරිත නීරූපනයක් කරන ලද කාන්තාවක් වූවාය. රුව ලස්සන පමණක් නොව මෝස්තර නිර්මානයේ වැදගත් නමක් දිනා ගෙන සිටි ඇය නව චීන රජයේ විවිධ තානාන්තර දැරූ අතර 1949-1975 වසර තෙක් චීනයේ උපසභාපතිනිය ලෙසින්ද, 1959 වසර දක්වා ජාතික මහජන කොන්ග්‍රසයේ උපසභාපතිනිය ලෙසින්ද කටයුතු කළාය. චීනයේ සංස්කෘතික මෙහෙවර වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දුන් ඇය1981 වසරේ සිය ජීවිතයෙන් සමුගත්තාය.

චාලට් බ්‍රොන්ටි

ජේන් අයර් නවකතාව සමග බැදී තිබෙන ඇය ඉතා නිහතමානී චරිතයකි. ලන්ඩනයේ උසස් පවුලකින් පැවැතෙන ඇය පවුලේ වැඩිමහල් ගැහැණු දරුවා වූවාය. 1816 වසරේ අප්‍රේල් 16 වැනි දින උපත ලද ඇය මුල් කාලයේදී ග්‍රන්ථ රචනා කරනු ලැබුවේ “කර්බල්” යන ආරූඪ නාමයෙන්ය.1839 වසරේදී ඇය “සිඩ්වික්” පවුලේ සේවයට සම්බන්ද වූ අතර එම නිවසේ පිරිමි දරුවාගේ අවිනීත හැසිරීම නිසා ඇයට බොහෝ ප්‍රබන්ධ වෙනුවෙන් අවශ්‍ය නිමිති ලබා ගත හැකි විය.මේ දරුවා චාලට්ගේ මුහුණට බයිබලයෙන් ගැසූ සිදුවීම ඇය ජේන් අයර් නවකතාවේදී ජෝන් රීඩ් විසින් ජේන් අයර්ට බයිබලය විසි කරන සිද්ධියට සම්බන්ධ කර ගෙන ඇත.

ජෝවාන් ආර්ක්

ජැක්විස් ආර්ක් සහ ඉසබෙල් රෝමී යන රොමානු කතෝලික සාන්තුවර යුවලක දියණිය ලෙසින් උපත ලැබුවාය. සියක් යුද්ධයේදී චාල්ස් රජතුමාට ප්‍රංශය බ්‍රිතානයයෙන් ගලවා ගැනීමට උදව් ලබා දුන්නේ ජෝවාන් ආර්ක් විසින්ය.රූමත් දැරියක වූ ඇය හැඩිදැඩි පිරිමියෙකු ලෙසින් වෙස්වලා ගත්තාය.ඇගේ ද්විත්ව රංගනය නිසා ප්‍රංශයට ජයගත්තද, රාජවිරෝධී චෝදනාවන් මත ජිවිතයෙන් වන්දි ගෙවන ලදී.

ග්‍රේස් කෙලී

රුවින් අගතැන් ග්‍රේස් කෙලී හොලිවුඩ් තිරයේ විශිෂ්ඨ නිලියකි. 1929 වසරේ නොවැම්බර් 12 වැනි දින උපත ලද ඇය විසි හැවිරිදි වියේදී මොරොක්කෝහි කුමරු සමග විවාහ වුවාය. රාජ පවුලකට නොගැලපෙන නිසා  ඇය රංගනයෙන් ඉවත් වූවාය. ඇය වඩාත් ජනප්‍රිය වූයේ MOGAMBO චිත්‍රපටයෙන්ය.ඒ වෙනුවෙන් 1954 වසරේදී  GOLDEN GLOBE AWARD සහ Academy Award සම්මානය දිනා ගත්තාය.ඇගේ රංගනයෙන් ජනප්‍රියත්වයට පත් The Country girl ,High Noon Ray Milland , Rear Window , Cary- Grant සහ High Society වෙනුවෙන් විශාල ප්‍රසිද්ධියක් ලැබී ඇත.රංගන ජීවිතයෙන් සමුගැනීම නිසා ඇති වුන විශාදය රෝග තත්වයෙන්ම ඇය 1982 වසරේදී රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූවාය.

මාටා හැරී

1876 වසරේ අගෝස්තු 8 වැනි දින නෙදර්ලන්තයේ උපත ලද ඇය “මාටා හැරී” යන නමින් හැදින්වුවත් ඇගේ නියම නම “මාගරිට් ගර්ට්රුඩ් සෙලී” ය. පළමු ලෝක යුද්ධයේදී ඇගේ රුව නිසා යුධ හමුදා නිළධාරින් වසඟයට පත් වූහ. ඇය ජර්මනියට රහස් තොරතුරු සපයන ලද අතර ඇය හදුන්වන ලද්දේ “Hi” සංකේතයෙන්ය.ප්‍රංශ රජයේ බුද්ධි සේවාව මගින් මෙම රහස් තොරතුරු හදුනා ගැනීමෙන් පසුව 1917 වසරේ ඇය වෙනුවෙන් මරණීය දණ්ඩනය පමුණුවන ලදී.

ක්ලියෝපැට්රා

රෝම ඉතිහාසයේ මිනිසුන් උමතු කරන රුවින් හෙබි ඇය බුද්ධිමත් කාන්තාවකි. මිසර රජයේ ටොලමිගේ දියනියක ලෙසින් සැලකෙන ක්ලියෝපැට්රා රෝම බලවතුන් අතර සැලකෙන මාක් ඇන්ටනී සහ ජුලියස් සීසර් සමග සහජීවනයෙන් කටයුතු කලාය. භාෂා කීපයක් දැන සිටි ඇයට අවශ්‍ය වුයේ තම පෙලපත් උරුමය තහවුරු කරමින් මිසරයේ බලය ශක්තිමත් කිරීමට සහ රෝම පාලනයට සම්බන්ධ වීමටයි.ක්‍රි. පූ 51 වසරේ ක්ලියෝපැට්රා රාජ්‍යත්වයට පත් අතර විරුද්ධවාදින් විසින් ඇය පිටුවහල් කරන ලදී. සිරියාවට පලා ගිය ක්ලියෝපැට්රා සේනාව සංවිධානය කරමින් මිසරය දිනාගත්තාය.

ආද්රි හප්බර්න්

හොලිවුඩ් චිත්‍රපටයේ බබලන තාරකාවිය ඇයයි.

ඇගේ රංගනයන්ගෙන් ඔපවත් වුන චිත්‍රපට අතර  “Breakfast at tiffeny” චිත්‍රපටය ඇගේ විශිෂ්ට සිනමාව සේ ගැනේ. 1992 වසරේදී ආද්රි යුනිසෙෆ් ආයතනයට සම්බන්ධව ලෝකයේ දුගී දරුවන් වෙනුවෙන් සේවයට බැඳුනාය. මේ නිසා යුනිසෙෆ් ආයතනය විසින් ඇය “මානව හිතවාදී තානාපතිනිය” ලෙසින් සලකන ලද අතර ජනාධිපති සම්මානයෙන්ද පිදුම් ලැබුවාය.

ජැක්ලින් කෙනඩි ඔනාසිස්

1929 වසරේ ජූලි 28 වැනි දින උපත ලද ජැක්ලින් කෙනඩි ඔනාසිස් ඇමරිකා එක්සත් ජනපදයේ 35 වන ජනාධිපති ජෝන් එ‍ේ කෙනඩිගේ බිරිදයි. 1951 වසරේදී ජෝර්ජ් වොෂිංටන් විශ්ව විද්‍යාලයෙන් ප්‍රංශ සාහිත්‍ය ඇතුලු උපාධිය ලත් ඇයට ජෝන් එ‍ේ කෙනඩි මුනගැසුනේ එක්තරා සාදයකදීය. 1953 වසරේ ඔහු සමග විවාහ වූ ඇය කෙනඩිගේ මරණය වෙන තෙක්ම ඔහුගේ සෙවනැල්ල සේ සිටි අතර 1968 වසරේදී ඇරිස්ටෝටල් ඔනාසිස් සමග විවාහ වූවාය. ඇමරිකා එක්සත් ජනපදයේ පළමු කාන්තානක සිටියාටත් වඩා ඇය ගැන කතා බහ ඇති වන්නේ අතිශය රූමත් කාන්තාවක යන විශේෂත්වය මුල් කර ගෙනය.

මාරි ඇන්ටනට්

ප්‍රංශ ජනතාව වසඟ කරන රුව ලස්සන ඇති මාරි ඇන්ටනොට් බිසොව ඔස්ට්‍රියානු ජාතික කාන්තාවකි. ඇය විවාහ වෙන විට වයස අවුරුදු 14 ක් විය. නිල්වන් ඇස්, රන්වන් පෙනුම සහ හිසකෙස් නිසාම ඇය නෙත් වසගයට පත් කරන කාන්තාවක් ලෙසින් ප්‍රසිද්ධියට පත්ව ඇත.

ඩයනා කුමරිය

බ්‍රිතාන්‍ය ආදිපාදවරිය වූ ඩයනා ස්පෙන්සර් සමාජයේ ආකර්ශනය දිනා ග්තතේ රජ පවුලට සම්බන්ධ වීමටත් පෙරාතුවය.ළදරු පාසල් ගුරුවරියක ලෙසින් සිටින කාලයේ පටන් ඇය ගැන කතා බහ ආරම්භ විය.චාල්ස් කුමරු සමග විවාහ වීමෙන් පසුව රාජකය පවුලේ ඇසුර නිසා ලෝකයා ඇය ගැන කතා කරන්නට වූහ.ඡයාරූපවලදී ඇය සිටිනවාටත් වඩා ලස්සන බැවින් photogenic ලෙසින්ද ඇගයීමට පත්ව ඇත.

beautiantis වෙබ් අඩවිය ඇසුරින්

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here