ඔබත් සොයා බලන්නෙ නැතිව කඩේ මුදලාලි කිරලා දෙන දේ ගෙදරට ගේන කෙනෙක්ද ? එහෙනම් මේ ඔබේ අවධානය පිණිසයි

ඔබත් සොයා බලන්නෙ නැතිව කඩේ මුදලාලි කිරලා දෙන දේ ගෙදරට ගේන කෙනෙක්ද ? එහෙනම් මේ ඔබේ අවධානය පිණිසයි
Pretty young woman buying vegetables on the market

අපේ රටේ ගොඩක් දුරට ගෙදර උවමනා පිරිමහා ගන්න වෙළෙඳ පොළට යන්නෙ  ගෙදර ගෘහණියන්. එදිනෙදා ගෙදර පරිහරණයට අවශ්‍ය කළමණා ආදිය මාසෙකට හෝ සති දෙක තුනකට සෑහෙන ප්‍රමාණයෙන් රැගෙන එන්න අපේ කාන්තාවන් පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ඔබත් ඔබේ නිවසට අවශ්‍ය බඩු භාහිරාදිය ගන්න වෙළෙද පොළට ගියාම සොයා බැලිල්ලක් නැතිව ඒවා අර ගන්න කෙනෙක්ද ? එහෙනම් මේ ලිපිය ඔබට ගොඩක් වැදගත් වේවි.

ඇත්තටම අපේ රටේ කඩ වලට යන ගොඩක් අය ඉක්මනින් රැවටෙනවා නේද අපේ කළු කඩ මුදලාලිලගෙ චාටුබස් වලට. සමහර මුදලාලිලා බලන් ඉන්නෙ චාන්ස් එකක් ලැබුන සැනින් ගාණක් කඩා ගන්න. තොග, සිල්ලර මේ හැම තැනකම මේ දේවල් සිදු වෙනවා ඉතින් අපි දැන ගන්න ඕන හොද අවධානෙන් විමසිල්ලෙන් මේ මුදලාලිලා එක්ක ගණුදෙනු කරන්න. ඉතින් මේ කියන දේවල් ගැන මෙතන ඉඳන් ඔයාලත් අවධානෙන් ඉන්න.

  1. බඩු වල බර වැඩි කිරීම.
    ඔබ කඩපලෙන් මිලදී ගන්න කිරන බඩු සදහා අපේ සමහර මුදලාලිලා බර වැඩි කරන්න අමුතු ජාතියෙ වැඩ කරනවා. ඔබ දන්නවාද සීනි, පරිප්පු, පාන් පිටි, මේ වගේ කිරන බඩු වල බර වැඩි කිරීමට අපේ කළු කඩ මුදලාලිලා බඩු ගෝනි වලට වතුර එකතු කරනවා කියලා. මේ විදියට වතුර එක් කරාම ඒ බඩු වලට තෙත රාවය උරා ගන්නවා.ඒකෙන් බඩු වල බර වැඩි වෙනවා. ඔබ 1kgක් ඉල්ලූ විට  ඔබට ලැබෙන්නෙ 1kgට  තව 100gක් 200gක් අඩුවෙන් වෙන්න පුළුවන්.  ඉතින් මේ හොර වැඩ වලින් බේරෙන්න හොදම දේ තමයි පැකට් කරලා තියෙන බඩු ගන්න එක.
  2. තරාදියේ යටට කාන්දම් සවි කිරීම .
    ඔබ දන්නවාද බඩු කිරන කොට බඩු බර පෙන්නන්න තව එක උපායක් විදියට බඩු කිරන තරාදියෙ පඩි දාන පැත්තෙ අනිත් කොටසට කාන්දම් සවි කරනවා කියලා. එහෙම උනාම ඔබ කිරවා ගන්න දෙයින් තව ග්රැම් ගානක් මුදලාලිට ලාභයි. පුළුවන් නම් කඩපලට ගියාම කථාවෙන් කථාවෙන් තරාදිය හරවලා බලන්න
  3. ඔබ මිලදී ගන්න සමහර ද්‍රව්‍ය වලට ඒ වගේම වෙනත් ද්‍රව්‍ය කලවම් කිරීම .
    ඔබ වෙලඳ පොලෙන් මිලදී ගන්න ද්‍රව්‍ය අතර ගම් මිරිස්, මිරිස් කුඩු, බුලත් මේ වගේ ද්‍රව්‍ය වල‍ට ඔබ නොසිතන ලෙස ඔබ මුලා කොට වෙනත් ද්‍රව්‍ය එක් කරන අවස්ථා බොහෝ සෙයින් තියෙනවා. ගම් මිරිස් ඇට වෙනුවට පැපොල් ඇට එක් කොට ඔබට ඒවා අලෙවි කරන මුදලාලිලා ඔබේ කඩ පොලෙත් නැතුවා නම් නොවෙයි. බුලත් අතට බුලත් කොල අතරට  ගම් මිරිස් කොල එකතු කරන අවස්ථා තියෙන්න පුළුවන්. ඒ වගේම මිරිස් කුඩු වලට රතු ගල් කුඩු එකතු කරලා ඔබව මුලා කරන්න පුළුවන්. ඒ නිසා මේ වගේ දේවල් මිලදී ගන්න කොට දහ දොලොස් වතාවක් වත් හොදට බලලා ගන්න පුරුදු වෙන්න. සල්ලි දීලා ජරාව කන්නෙ මොකටද.
  4. ගල් වැලි මුසු කල සහල්
    අපි ගෙදරදි හැමදාම බත ලිපේ තියන්නෙ හොදට ගරලා හෝදලා මෙන්න මේ හාල් ගරද්දි නෑඹිලිය පුරාවට පොඩි පොඩි ගල් කැට වැලි කැට අහු වෙනවා නේද? ඇත්තටම මේ තියෙන්නෙ කඩේ මුදලාලිලාගෙ කපටි වැඩ වල ප්‍රතිඵල තමයි. හාල් වල බර වැඩි කරන්න ගල් වැලි දාලා තමයි අපට හරියි කියලා අඩුවෙන් කිරලා දෙන්නෙ. පුළුවන් වන් ඔය කිලෝ ගානට පැකට් කරලා එවන සහල් කොට්ට මිලදී ගන්න. ඒක අපි කාගෙත් අතමිට ඉතිරියට හොදයි.
  5. මාරු කාසි වෙනුවට ටොෆී කැවීම.
    අපි කඩෙිට ගිහින් බඩු අරගෙන සල්ලි දීලා ඉතුරු ගනිද්දි පොඩි කාසි නෑ මාරු  කාසි නෑ කියලා මුදලාලිලා ටොෆී පැකට් එක නම් කොහොම හරි විකුණ ගන්නවා.  අපි  මොනවා හරි දෙයක් දීලා ඒකට හරි යන්න බඩු ඉල්ලුවොත් අපට බඩු දේවිද ?.

මෙන්න මේ වගේ කපටි වැඩ අපේ කළු කඩ හිමියන් කරන අවස්ථා මේ සමාජයෙත් බහුලවම තියෙනවා. ඉතින් ඔයාල බුද්ධිමත් වෙන්න ඕන මේ රැවටිලි කාරයින්ට අසු නොවී හරි දේ හරි හැටියට මිලදී ගන්න. මොකද අපි එදිනෙදා උපයා ගෙන කන බොන උදවිය ඉතින් ඇයි අපේ සල්ලි හරි විදියට බඩු භාණ්ඩ ගන්න යොදවන්න බැරි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here