ආතතියෙන් තොර සැහැල්ලු ජිවිතයක්

0
4379
stress_woman

අද අපි හැමෝම කාර්යබහුලයි. කාර්යබහුලත්වය නිසා අපිට බොහෝ දේ මගහැරී යන්න පුළුවනි. කාර්යබහුල ජිවිත වලට මානසික ආතතිය කියන දේ බලපානවා වැඩියි. රැකියා ප්‍රශ්න, සමාජ ප්‍රශ්න, විභාග ප්‍රශ්න ආදී නොයෙකුත් විවිධ ගැටළු නිසා අපි මානසික වශයෙන් ආතතියකට ලක් වේ. කායික රෝග වලට අපි ඖෂධ ලබා ගත්තද මානසික වශයෙන් ඇතිවන ගැටළු නම් තරමක් භයානකයි.

බොහෝ පිරිස් මානසික ආතතියකට ලක් වන්නේ එදිනෙදා වැඩ ටික නිසියාකාරව කර ගැනීමට නොහැකි වුවාම. මෙකි වැඩ වේලාවට කර ගැනීමට නොහැකි වුවාම ඔබට අනියත බියක් ඇතිවිය හැකිය. ඔබ කාලය නිසියාකාරව කළමනාකරණය කර ගන්නේ නම් එදිනෙදා කිසිම වැඩක් ඔබෙන් මග හැරි යන්නේ නැත. සමහරු දුරකථනයේ පැය ගණන් රැදී සිටිමින් පසුව අනේ ගොඩක් වැඩ තිබුණා කර ගන්න. එත් බැරි වුණා කියා පසුතැවිලි වෙනවා. ඔබ උදෑසන අවදී වූ විටම එදිනෙදා වැඩ කටයුතු සැලසුම් කර ගන්න අමතක කර ගන්න එපා. අමතක වී මග හැරී යැයි සිතෙනවා නම් ඔබට එය කොහේ හෝ සටහන් කර ගත හැකිය.

ඔබ යම් කාර්යාලයක් රැකියාවක් කරනවානම් හෝ යම් කිසි ස්ථානයක අධ්‍යාපනයක් ලබනවා නම් එහි තිබෙන වැඩ කටයුතුත් එක්ක ඔබට දැනෙන මානසික ආතතිය වැඩි වෙන්න පුළුවනි. ඇතැම් විට ඔබට රැකියාවේ ගැටළු තිබෙන්න පුළුවනි. යම් ගැටළුවක් තිබෙනවානම් සිතේ සගවා තබා ගෙන සිටීමෙන් පලක් නැත. ඒවා  එසේම විවෘතව කතා කරන්න. රැකියාවට යන විට බාලගණයේ මේකප් භාවිතයෙන් වලකින්න. එසේම නිතර වතුරබිම ශරීරයට හිතකරය. ඇතැමුන් ශරීරයට තද වන ඇදුම් ඇද ගෙන සිටිනවා. එවැනි ඇදුම් ඔබ මානසික වශයෙන් අපහසුතාවයකට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. සෑමවිටම සිරුරරට සැහැල්ලු ඇදුම් අදින්න. උස් අඩි පාවහන් පලදිනවට වඩා තම පාවලට පහසු පාවහන් පළදින්න.

ඔබ අධික කාර්යබහුලයි නම් ඔබට නිසිපරිදි නින්ද ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුදු අපට අවශ්‍ය නින්ද නිසිපරිදි නොලැබුනොත් අප අසනීප පවා වෙන්න පුළුවනි. ඔබ නිදන ස්ථානය පිළිවෙලට පිරිසිදුව තබා ගන්න. ඔබ නිදන කාමරය අපිරිසිදුයි නම්, අපිළිවෙලයි නම් එය ඔබේ නින්දට බාධාවකි. තමාගේ ඇසට ප්‍රිය වන භාණ්ඩ වලින් ඔබේ කාමරය සරසා ගන්න. එමෙන්ම ව්‍යයාම කිරීමද ශරීරයට හිතකරය. එක තැනම අසුන් ගෙන සිදු කරන රැකියාවක් ඔබ කරනවා නම් ඔබට ව්‍යයාම ලැබෙනවා ඉතාමත් අඩු විය හැකිය. දිනපතා අවම වශයෙන් 2k,3k ඇවිදීම ශරීරයට හිතකරය. ඔබට ඔබේ සිත සැහැල්ලු කර ගැනීමට අවශ්‍ය නම් ඔබේ ප්‍රියතම සිංදුවකට සවන් දිය හැකිය.එසේත් නොමැති නම් කැමති චිත්‍රපටියක් බැලිය හැකිය.

පිරිසිදුව සිටීමද අතිශයින්ම වැදගත්ය. දිනපතා මුවකට සෝදා පිරිසිදුව ඔබේ ශරීරය තබා ගන්න. ඉස්සොරි තිබෙනවා නම් ඊට පිළියම් යොදා ගන්න. ඔබ අපිරිසිදුව සිටීමත් මානසික වශයෙන්ම ඇති වන ආතතියට බලපානවා.  සෑමවිටම සිනාමුසු මුහුණෙන් යුතුව යහළුවන් සමග විනෝද වෙන්න. වැඩ වැඩි යැයි සිතා මුළු ජිවිතයම කාර්යබහුල කර ගන්න එපා. ජීවිතය ඉතා කෙටිය.ලැබෙන විනාඩියේ වුව සතුටෙන් සිටින්න.

About The Author

Previous articleTable manners ගැන දැනගනිමුද ?
Next articleජලය වැඩිපුර පානය කරමු
මේ මාලිනි යාපා.දැනට ඇය කොළඹ විශ්වවිද්‍යාලය ශ්‍රී පාලී මණ්ඩපයේ ජනමාධ්‍ය විශේෂවේදී උපාධිය හදාරමින් සිටිනවා. මේ ඇගේ අවසාන අවූරුද්දයි. අවූරුදු හතරක් තිස්සේ නිදහස් ජනමාධ්‍යවේදිනියක් හැටියට විවිධ මාධ්‍ය ආයතනවල වැඩ කරමින් සිටිනවා. මේ වන විට ඇය "Young Media" සඟරාවේ ද වැඩ කරමින් සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here