ජලය වැඩිපුර පානය කරමු

0
5823
girl_drinking_glass_of_water

මේ දවස්වල නම් අධික රස්නය නිසාම බොහෝ දෙනෙක් ජලය පානය කිරීම වැඩිපුර සිදු කරනවා. ඇත්තටම ජලය වැඩිපුර පානය කිරීම ශරීරයට ඉතාමත් හිතකරයි. අපේ සිරුරේ හදවත, මොලය යන මේ සියලු දේ 70% ක් පමණ සකස් වී ඇත්තේ ජලයෙනි. මේ නිසාම ජලය අපේ ශරීරයේ අඩු වූ විට මුත්‍රා ආසාදන, රුධිර පීඩනය ඉහල යෑම, ඇගපත වේදනාව, හිසරදය, සමේ පැහැය වෙනස් වීම, අධික වෙහෙසක් දැනීම, නිතරම තොල් වියලීම වැනි ගැටළු ගණනාවක් හට ගත හැකිය.

දිනකට ජල අවුන්ස 48ක්වත් පානය කිරීම ඉතාමත් වැදගත් බව වෛද්‍යවරුන්ගේ මතයයි. ජලය ඔබගේ මුඛය තෙතමනයෙන් යුතුව තබන අතර එමගින් බැක්ටීරියා නිපදවීම අවම කරයි. එමෙන්ම ශරීරයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයටද ජලය අත්‍යවශ්‍යයි. විවිධ ශක්තිජනක පානයන්, සෝඩා වර්ග, සහ අයිස්කොපි වල අඩංගු ස්ට්‍රීට් ඇසිඩ් නිසාද ප්‍රස්වාස වාතය දුගන්ධ වන අතර එය දත්වල එනැමලයටද අහිතකරයි.

එසේම ජලය පානය කල යුත්තේ තිබහ ඇති වන්නට පෙරය. නමුත් අප බොහෝ දෙනා ජලය පානය කරන්නේ පිපාසය ඇති වූ විටය. ජලය පානය කිරීමට වෙලාවක් අවශ්‍ය නැත. එදිනෙදා කටයුතු වල නියැලෙන විට ඔබට ජලය පානය කල හැකිය. උදෑසන අවධි වූ විට ජලය පානය කල හැකිය. ඉන් පසු ආහාරයට පෙර සහ ආහාරයෙන් පසු ජලය කෝප්පයක් බැගින් පානය කල හැකිය.

අපගේ එක් එක් ශරීරයන් අනුව අපට දිනකට අවශ්‍ය ජල පරිමාව වෙනස් වෙනවා. එසේ සිදු වන්නේ අපගේ ශරීරයට අවශ්‍ය ජල පරිමාව තීරණය වන්නේ අපගේ ශරීරයේ බර අනුවය. එනම් පුද්ගලයාගේ සිරුරේ බර ප්‍රමාණය කිලෝග්‍රෑම් වලින් මැන එය 7න් බෙදුවිට ලැබෙන අගය එම පුද්ගලයා දිනකට පානය කල යුතු  ජල කෝප්ප ගණන වේ.

ඇතැම් අය ජලය වෙනුවට විවිධ ආදේශක වර්ග පානය කරනවා. එය වැරදි පුරුද්දක්. කොකාකෝලා වැනි පානයන් අපේ ශරීරයට අහිතකරය. එම නිසා එවැනි පානයන් ඉතාමත් අඩුවෙන් පානය කිරීම හොදය. තේ, කෝපි, පැණි බිම, කැද වර්ග පානය කොට අපගේ ශරීරයට අවශ්‍ය ජල ප්‍රමාණය ලබා ගත හැකි නොවේ. පිරිසිදු ජලයට මේවා ආදේශ කිරීමට නොහැකිය.

ඇතැම් අය රාජකාරියේ නියැලෙන්නේ වායුසමීකරණ ස්ථාන වලය. එවිට වතුර පානය කිරීම තරමක් අඩුවිය හැකිය. නමුදු නිසිලෙස ජලය පානය කිරීමට සුදුසු වෙලාවක් සකස් කර ගන්න. බෝතලයකට වතුර පුරවා නිතර තමන් සිටින තැන තබාගෙන ටිකෙන් ටික පානය කිරීම හොදය. වායුසමීකරණ ස්ථාන වල සිටින විට අපගේ ශරීරයේ මතුපිට සිසිල් වුවත් අපගේ සිරුර ඇතුලත ජලයෙන් 25%ක් පමණ ප්‍රමාණයක් සිරුරෙන් ඉවත් වී යා හැකිය. එම නිසා මෙවෙනි ස්ථාන වල සිටින විට ජලය වැඩියෙන් පානය කිරීම හොදය. නමුදු අනවශ්‍ය ආකාරයටත් ජලය පානය කිරිම රෝග ඇතිකරවයි. තමාට වතුර පානය කිරීමට නිතර නිතර අමතක වන්නේ නම් නිතර වතුර බෝතලයක් රැගෙන යා හැකිය.

උදෑසනම හිස්බඩ ජලය පානය කිරීම ඉතමත් වටිනා පුරුද්දක්. නමුත් අප බොහෝ අය එය අනුගමණය කරන්නේ නෑ. උදෑසනම බොන මෙම ජලය ආහාරයක් වනවාසේම අභ්‍යන්තර ඉන්ද්‍රිය සුව කරන පිරිසිදුකාරයක් වෙනවා. එසේම උදෑසන බොහෝදෙනා මුහුණපාන මලබද්ධ ගැටළුවටද ජලය පානය කිරීම ඉතමත් හොදය.

ඇතැම් රටවල බොහෝ ඇය තම තම රූප ස්වභාවය ආරක්ෂා කර ගැනීමටද ජලය පානය කරනවා. අද වෙනකොට අප ආහාරයට ගන්න බොහෝ ආහාර විසබීජ සහිත ආහාරය.මෙම විසබීජ ශරීරයෙන් පිටවීමට ජලය පානය කිරීම ඉතාමත් හොදය.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here