රෝග වලකන ආහාර

woman-eating-Barry

එදා වයස අවුරුදු අසූවක් අනූවක් ඉහෙන් බහින රෝගයක් නැතුව ජීවත්වුන අපේ උදවිය දැන් යාන්තම් වයස අවුරුදු තිහ ගෙවෙන විට කියන්නේ කොලස්රෝල් , දියවැඩියාව එහෙම නැත්නම් හෘදයාබාධ ගැනයි. ඒ වගේම එදා උදවියට බොහොම හොඳ මතකයක් තිබුණා. ජීවිතයේ හැම සිද්ධියක්ම එදා වගේම පිළිවෙලට කියන මතකය තිබුණා. අද බොහෝ අයට අමතක වීම හෙවත් “අල්මයිසර්” රෝග ගැන චෝදනාවන් තිබෙනවා. මේ සේරට මුල අපේ ආහාර රටාවයි. ඒ නිසාම අපිට ආරක්ෂාව ලබා දෙන ආහාර ගැන අපි දැන හදුනාගැනීම ඉතාම වැදගත්.

තන්තු ආහාර

තන්තු, විටමින් ඛණිජ ප්‍රභවයන්ගෙන් සහ ප්‍රතිඔක්සිකාරකයන්ගෙන් සමන්විත පූර්ණ ධාන්‍ය ආහාර ජීරණය වෙන්නේ ඉතාම සෙමෙනුයි. ඒ නිසා නිරන්තර කුසගිනි දැනීමක් සිද්ධ නොවෙන නිසා ආහාර වෙනුවෙන් තිබෙන අවශ්‍යතාවය ඉබේටම පහල යනවා. ඒ වගේම පූර්ණ ධාන්‍ය ආහාර ප්‍රතිඔක්සිකාරකයන්ගෙන් යුක්ත නිසා සිරුරේ විෂ සංයෝගයන්ට එරෙහිව ක්‍රියාකිරීමේ ශක්තියෙන්ද යුක්තයි.

බෙරි

බෙරි කුලයේ පළතුරු  ප්‍රතිඔක්සිකාරක ගුනයෙන් යුක්ත නිසා ශරීරයේ විෂ සංයෝග ඉතාම පහසුවෙන් මර්ධනය කරනවා. මේ නිසා බ්ලැක් බෙරි, බ්ලූ බෙරි වර්ග ආහාරයට ගැනීමෙන් සිරුර උපයන ප්‍රතිඔක්සිකාරක නිසා පිලිකා සෛල මර්ධනය පමණක් නොව සමේ පැහැය ආරක්ෂා කිරීමේ හැකියාවෙන්ද යුක්ත වෙනවා. මොළයේ සමතුලිතබව ආරක්ෂා කිරීමටත් මේ පුංචි පළතුරට තිබෙන හැකියාව සමහර විට තවමත් ඔබ නොදන්නවා විය හැකියි.

ඔලිව්

මධ්‍යධරණී කලාපයේ අනන්‍යතාවය සමග බැඳී තිබෙන “ඔලිව්” ගැන අපි එතරම් තැකීමක් කරන්නේ නැහැ.ඔලිව් පළතුරක් විදිහට වගේම තෙල් විදිහටත් ආහාරයට එකතු කර ගැනීමට බාධාවක් නැහැ. හෘද රෝග සංකුලතාවයන් වෙනුවෙන් ඔලිව් සුවිශේෂී ආරක්ෂාවක් ලබ දෙනවා.

තුනපහ

දිවට රස සමග රස වෙනුවෙන් උත්තේජනය ලබා දෙන තුනපහ අපි නොදැනීම සිරුරට ආරක්ෂාව ලබා දෙනවා. සුදුළූනු වල අන්තර්ගත ප්‍රතිඔක්සිකාරක ශක්තිය පිලිකාවට වගේම හෘද රෝගයන්ටත් එරෙහිව සිරුරට ආරක්ෂාව ලබා දෙනවා.

කුරුදු

කුරුදු රැධිරගත සීනි මට්ටම අඩු කිරීමට යොදා ගත හැකි කදිම රසකාරකයක්.බොහෝ දෙනා අ‍දෝනාවන් නගන රුධිරගත සීනි මටට්ම වෙනුවෙන් කුරුදු යොදා ගත හැකියි.

තක්කාලි

තක්කාලි අපි බහුලව යොදා ගන්නා පළතුරක්. මෙහි ස්වභාවයෙන්ම අන්තර්ගතව තිබෙන රතු වර්ණය “ලයිකොපෙන්” යනුවෙන් හැදින්වෙනවා. එයින් සමේ වර්ණය ආරක්ෂා වෙන අතරම පෙනහලු, ආමාශගත සහ පෞරෂ ග්‍රන්ථි ආශ්‍රිත පිලිකාවන්ගෙන් ආරක්ෂාව ලැබෙනවා. ඒ වගේම ඔබේ පවුලේ උදවියට නිරන්තරවම උණ හෙම්බිරිස්සාව ඇති වෙනවා නම් තක්කාලි ආහාරයට ගැනීමට වැඩියෙන් උනන්දු වෙන්න.

ඇට වර්ග

ආමන්ඩ්, වොල්නට් වැනි ඇට වර්ග සිරුරට ලබා දෙන්නේ විටමින් පමණක් නොවෙයි.හෘද රෝග සඳහා වගේම මොළයේ සෞඛයය වෙනුවෙන් ඉහත ඇට වර්ග ඉතාම ගුණයි.

රතු මිදි

රතු මිදි ප්‍රතිඔක්සිකාරක ගුනයෙන් යුක්ත නිසා රුදිරය කැටි ගැසීම වලක්වනවා. ඒ වගේම සිරුරේ තිබෙන දැවිලි සහිත තත්වයෙන් ඔබ නිදහස් කරනවා. වයින් නිපදවීමේ අමුද්‍රව්‍ය විදිහට වයින් යොදා ගන්නා බව ඔබ දන්නවා. සමහර විට වයින් හදවත් රෝග වෙනුවෙන් හිතකර මාත්‍රාවකින් පානය කිරීමට උපදෙස් ලැබෙන්නෙත් මේ නිසාම විය හැකියි.

මාළු

සාගරයෙන් වටවුන දූපතක ජීවත්වෙන අපිට මාලු ආහාරයට ගැනීම එතරම් අපහසු නොවුනත් අපි බොහෝ දෙනෙක් තවමත් මාළුවලින් ලැබෙන ආරක්ෂාව ගැන දන්නේ නැහැ. සකස් කළ මස් වෙනුවට ඔබ ආහාරය වෙනුවෙන් මාලු එක් කරගන්න. අල්මයිසර් සහ ආඝත රෝග තත්වයන්ට ආරක්ෂාව ලබා ගැනීමට මාලු ආහාරයට ගැනීමෙන් ලැබෙන ගුණ සුලුවෙන් හිතන්න බැහැ.

තේ

සිහල ජනජීවිතය සමග බැඳී තිබුන තේ පානය අද ක්‍රමයෙන් අභාවයට යමින් තිබෙනවා. අද පරම්පරාවේ බොහෝ දෙනෙක් තේ පානය කිරීමට උනන්දුවක් නැහැ. ඒ වෙනුවට ඔවුන් යොමු වෙලා තියෙන්නේ සිසිල්බීම සහ විවිධ වර්ණ සහ රසකාරකයන් යෙදූ පනා වර්ග වෙනුවෙන්. දෙමව්පියන් විදිහට මේ තත්වයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීමට දැන් කාලය ඇවිත්. ඔබ දරුවන් සහ පවුලේ උදවිය තේ පැනයට උනන්දු කරන්න.බොහෝ රෝගාබාධ වෙනුවෙන් සිරුර විසින්ම ආරක්ෂාව ලබා දෙන තරමටම  තේපානයෙන් ලැබෙන ආරක්ෂාව ඉහලයි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here