මෙන්න මෙහෙමයි ශීට් මාස්ක්( Sheet Mask)එක ඔබේ සම ආරක්ෂා කරන්නේ

0
9007
swa-Fimage

ගැහැණියකගේ ජීවිතය ගොඩක් අමාරුයි. සමාජයේ විවිධ පාර්ශවයන් ඇගෙන් නොයෙක් දේවල් බලාපොරොත්තු වෙනවා. කාර්යාලයේ අසීමාන්තික පීඩනයක් වෘත්තීය කටයුතු අතරේ ඔබට දරාගන්න වෙනවා. දරුවන්ගේ වැඩ, ගෙදර දොර සංවිධාන කටයුතු, අධ්‍යාපන කටයුතු එක්ක ඔබ කාර්ය බහුලයි. බිරිඳක් ලෙස සුන්දරව ඔබ දකින්නට සැමියා බලාපොරොත්තු වෙනවා. මේ සේරම දරා ගන්නා අතරේ හැමදාම ලස්සනට තරුණ කම රැකගෙන ඉන්න එක නම් ලේසි පහසු කාර්යයක් නොවේ. මානසික පීඩනය සහ පාරිසරික දූෂණය එක්ක වයසට යාම ඉක්මන් වෙන බව ඔබ දන්නවා.

ඉතින් මේ සේරම අතරේ රුව රැක ගන්න නවීන තාක්ෂණය එක්ක නොයෙක් රූපලාවණ්‍ය ක්‍රම භාවිතා වෙනවා. ලංකාවට අලුතින්ම හඳුන්වා දුන්න වඩාත් කාර්යක්ෂම රූපලාවණ්‍ය ක්‍රමයක් වන ශීට් මාස්ක් ( Sheet Mask) ඔබේ සම ආරක්ෂා කරන්නේ කොහොමද කියල කියා දෙන්න අපි හිතුවා. ශීට් මාස්ක් එක ලේසියි, මිලෙන් අඩුයි නමුත් ප්‍රතිඵල අතින් නම් ඉතාම ඉහළයි.

40 ගණන් වලදී ලස්සනට ඉන්න නම්

වයසට යාම ප්‍රකටව පෙනෙන්නේ 40 ගණන් වලදී වුනත් වයසට යාමේ මුල් ලක්ෂණ පහල වීම පටන් ගන්නේ 20 ගණන් වලදියි. අපි බොහෝ දෙනෙක් විසි ගණන් සහ 30 ගණන් වලදි කිසිම සැලකිල්ලක් රුව ගැන දක්වන්නේ නැතුව ඉඳලා පස්සේ පසු තැවෙනවා. නමුත් ඒක නෙවෙයි හරි ක්‍රමය අදම පොඩි දෙයක් ඔබේ ජීවිතේට එකතු කර ගත්තොත් හැමදාම ඔබේ රූමත්කම ඒ ලෙසම තියා ගන්න පුළුවන්. මානසික පීඩනය, පරිසර දූෂණය වගේ සාධක නැතුව ජීවත් වෙනවා කියන එක අද කාලේ ප්‍රයෝගික නැහැ. ඒ වෙනුවට ඒ හැම දෙයින්ම ඔබේ සම ආරක්ෂා කරන සත්කාර වලට යොමු වෙන්න ඕනේ.

වයස වැඩි වෙලා නැවත හරිගස්වන්න බැරි වෙන්නම ඔබේ මුහුණේ රුව වියපත් වුනාම ප්ලාස්ටික් සැත්කම් සහ ඉන්ජෙක්ෂන් වලට යොමු වෙලා නැති ලෙඩ හදා ගන්නවට වඩා හොඳ නැද්ද අදම ඒ ගැන හිතුවොත්?

හැමදාම ලස්සනට ඉන්න ඕනේ නම් මොනවද ජීවිතේට එක් කර ගන්න ඕනේ හොඳ පුරුදු ?

ඔබේ ආහාරය අනිවාර්යයෙන්ම සමබර වෙන්න ඕනේ. ඔබ දිනපතා ව්‍යායාම වල යෙදීමත් ඔබට ගොඩක් හිතකරයි. ඒ අතරේ මුහුණේ සම වියපත් කරන ලක්ෂණ පාලනය කරන ශීට් මාස්ක් එකක් වගේ විශේෂ සත්කාරයක් ගැනත් හිතන්න වෙනවා. වෙළඳපොලේ එක එක නිෂ්පාදන තිබෙනවා. ඒ වුනත් ක්‍රීම් වර්ග වගේ සාම්ප්‍රධායික නිෂ්පාදන එක්ක බලද්දී ශීට් මාස්ක් එක ගොඩක් කාර්යක්ෂමයි.

ඔබ කලින් දැකලා ඇති ශීට් මාස්ක් එක සීරම් එකෙන් පොඟවලා මුහුණේ සම මත අලවන්න ඕනේ කියල. ඒ සැනින් සමේ බාහිර උෂ්ණත්වය ඉහළ ගිහින් රෝම කූප හොඳින් ඇරෙනවා. ඒ එක්කම ශීට් එකේ ඇති වටිනා පෝෂණ ද්‍රව්‍ය සියල්ලම සමේ අභ්‍යන්තරය වෙත ගලා යනවා. ඒ මගින් සම ගැඹුරින් පෝෂණය වෙනවා. ක්‍රීම් වගේ වෙනත් සත්කාර කලත් එහි ඇති පෝෂණ ද්‍රව්‍ය මේ වගේ කාර්යක්ෂමව සම තුල උරා ගන්නේ නැහැ. මොකද ක්‍රීම් වලින් වැඩි කොටසක් වාතයට නිරාවරණය වෙලා වාෂ්ප වෙනවා. ඉතුරු කොටසුත් සමේ ඇතුලට කාවදින්නේ නැහැ. මොකද රෝම කූප වැහිලා තියෙද්දී සමේ ගැඹුරට කාන්දු වෙන්න බැහැනේ. ඒ නිසා ක්‍රීම් වර්ග වලින් ලැබෙනවා වගේ මතුපිට පෝෂණයක් නෙවෙයි ශීට් මාස්ක් එකෙන් ඔබේ සමට ලබා දෙන්නේ. මුහුණේ සමට දීප්තිමත් , නැවුම් සහ පැහැපත් පෙනුමක් ලබා දෙන අතරේ වයසට යාමේ ක්‍රියාවලිය පාලනය කර හැමදාම ඔබේ මුහුණ මේ ආකාරයෙන්ම තබා ගන්න ශීට් මාස්ක් එක උපකාර වෙනවා.

swa-img01

කාලය සමග සමේ ඇතිවෙන වෙනස්කම් ගැන ඔබ දන්නවාද?

swa-img02A

වයස අනුව සමේ වයස් ගත වීමේ ක්‍රියාවලිය

swa-img02B

බොහෝ දෙනෙක් වයසට යාම ගැන කලබල වෙන්න පටන් ගන්න 40 ගණන් වලදී වුනත් 20 ගණන් වල මුලම තමා මුහුනෙ සම වයසට පත් වෙන ක්‍රයාවලිය පටන් ගන්නේ.

20 ගණන් :

ප්‍රතිඔක්සිකාරක නැත්නම් Anti-Oxidants නිෂ්පාදනය ශරීරය විසින් නතර කරනවා. සම වියලීම, තැනින් තැන මෙලනින් ලප නැත්නම් Pigmentation සහ සමේ වර්ණය තැනින් තැනට වෙනස් වීම මේ වයසේදී පටන් ගන්නවා.

30 ගණන් :

විසි ගණන් වල අපි කියපු සේරම ලක්ෂණ වලට අලුතින් එකතු වෙනවා කළු ලප සහ සුදු ලප ( Black Heads and White Heads ) . සම මතුපිට ගැන ක්‍රීම් වගේ ආලේපන සමට උරා ගන්න එකත් අඩු වෙනවා.  

40 ගණන් :

ඇස් යට තඩිස්සි වීම ( Eye Bags) සහ සම අක්‍රමවත් ස්වභාවයක් ( Irregular texture) කියන ලක්ෂණ වලට අමතරව උඩින් කීව සේරම ලක්ෂණ වැඩියෙන් පේන්න ගන්නවා.

50 ගණන් වෙද්දී:

Cellular senescence යනුවෙන් හඳුන්වන සමේ සෛල බෙදීමේ ක්‍රියාවලිය නවතිනවා. ඒ සමග සමේ ඇදීමේ ස්වභාවය නැතනම් elasticity එක ඇනහිටිනවා.

සම අලුත්වැඩියාකරන , පවත්වාගෙන යන සහ ආරක්ෂා කරන කර්කියුමින් 

මානසික පීඩනය , පාරිසරික දූෂණය වගේ සාධක එක්ක පීඩාවට ලක් වෙන ඔබේ සම අලුත්වැඩියා කරන්න කස්තුරි කහ වල අඩංගු විස්මිත කර්කියුමින් සංයෝගයට හැකි බව විද්‍යාත්මකව සනාථ වෙලා තිබෙන්නේ. කර්කියුමින් පෝෂකය හිරු එළියෙන් සහ අනෙකුත් පරිසරයෙන් වෙන හානි වලින් ඔබේ සම ඉක්මනින් යථා තත්වයට පත් කරවනවා. සමට දීප්තිමත් නැවුම් බවක් ලබාදීල නිරෝගී පැහැපත් පෙනුමක් ලබා දෙන්නත් එය සමත් වෙනවා. ඒ එක්කම සම ඒ අයුරින් නිරෝගීව පවත්වා ගන්නත් වයසට යාම එක්ක මතු වෙන මලානික බව, වියලි බව, මෙලනින් ලප මතු වීම, දෙනෙත් යට තඩිස්සි වීම සහ අක්‍රමවත් රටා හට ගැනීම වගේ නරක ලක්ෂණ ඇතිවීම පාලනය කරන්නත් සමත් වෙනවා.

Hemas නිවසින් ඔබ අතට එන SWA ශීට් මාස්ක් එක IV තාක්ෂණයෙන් පොහොසත් නිසා කර්කියුමින් සාරය සමේ ඇතුලතට ගැඹුරින් කා වැදිලා සම පෝෂණය කරනවා. කර්කියුමින් සාරය සහ එහි අඩංගු අනෙකුත් සත්කාරක සියල්ලම ඔබේ සම මහලු බවට පත් කරවන සාධක එක්ක සටන් කරලා දීප්තිමත් , නිරෝගී පැහැපත් සමක් ඔබට ලබා දෙනවා.

swa-img03

ඔබ ගෙවන්නේ කාර්ය බහුල ජීවිතයක්. මානසික පීඩනය, දූෂිත පරිසර තත්වයන් සහ සෞඛ්‍යයට අහිතකර ආහාර කියන්නේ අද කාලේ කාන්තාවකගේ ජීවිතයේ වෙන් කරන්න බැරි කොටස් වෙලා. ඉතින් ඒ හැම දේම එක්ක සටන් කරලා හැමදාම තරුණ බව රැකගන්න නම් කරන්න තිබෙන්නේ පොඩි වැඩයි. SWA වගේ ශීට් මාස්ක් එකක් අවමයෙන් සතියට දෙවතාවක් වගේ පාවිච්චි කිරීම ලස්සන සමක් ඇති කර ගන්නත් ඒ සම හැමදාම පවත්වා ගන්නත් උපකාර කරනවා. එයට ගත වෙන්නේ විනාඩි 15 ක් පමණ කාලයක් නිසා ඔබට පහසුයි. ඒ වගේම ශීට් මාස්ක් එක මිලෙන් අඩුයි විතරක් නෙවෙයි ක්‍රීම් වර්ග වලට වඩා ඉතාම ඵලදායකයි. ඒ නිසා ඔබත් අදම මේ වෙනස ඔබේ රූපලාවණ්‍ය සත්කාර අතරට එක් කරන්න. හැමදාම ලස්සනට ඉන්න.

ඒ වගේමයි ඔබේ මුහුණේ කුරුලෑ ඇත්නම් ශීට් මාස්ක් එක යෙදීම සුදුසු නැහැ. කුරුලෑ සුව වුනාම ශීට් මාස්ක් එක දමන්න අමතක කරන්න එපා.



About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here