නීරෝගී පැහැපත් සමක් ලබා ගැනීම සඳහා කළ හැකි ස්වාභාවික සත්කාර

0
14029
නීරෝගී පැහැපත් සමක් ලබා ගැනීම සඳහා කළ හැකි ස්වාභාවික සත්කාර

නීරෝගී සමක් පවත්වාගෙන යෑම පිරිපුන් සෞඛ්‍ය රටාවක එක් ලක්ෂණයකි. සම යනු පංචේන්ද්‍රියන් අතර විශාලතම අවයවයයි. ඔබ දන්නවාද නිතර බාහිර පරිසරය සමඟ ගැටෙන මිනිස් අවයවය සම බව. එම නිසා සම නිතර නිතර වෙනස්කම් වලට භාජනය වෙන්න පුළුවන්. ඔබ වයසට යනවත් සමඟ සමෙහි සෞඛ්‍ය සම්පන්න බව ක්‍රමයෙන් අඩු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මානසික පීඩනය, නිවැරදි සමබල ආහාර වේලක් නොගැනීම, යන කරුණු නිසාවෙන්ද සමෙහි නීරෝගී බව අඩු වෙන්න පුළුවන්.

දිනපතා හොඳින් වතුර පානය කිරීම, නැවුම් එළවළු හා පළතුරු ආදිය ආහාරයට ගැනීම තුලින් ඔබටත් නීරෝගී සමක් ලබා ගැනීමට හැකියි. කුරුළෑ, කොරල, දඳ,කුෂ්ඨ ආදිය ඇතිවීම හා නිතර නිතර කැසීම නීරෝගි නොවන සමක ලක්ෂණ වේ. එමෙන්ම තමන්ට උරුම වියළි සමක්ද, තෙල් සහිත සමක්ද යන්න මූලිකව තේරුම් ගත යුතුය.
ඔබේ සම මත  ඇඟිලි තුඩින් ඉරක් ඇන්දොත් එය සුදු පාටට ටික වේලාවක් යන තුරු  රැදී පවතී නම් ඔබට හිමි වියළි සමක් වේ. නිතර නිතර උණු ජලය ස්නානය කිරීම, හිරු එළියට නිරාවරණය වීම, වායු සමීකරණය කරන ලද  ස්ථාන වල නිතර රැදී සිටීම යන කරුණු හේතු කොට ගෙන ඔබේ සම වියළිමට පත් වේ.

වියළි සමකට ලබා දෙන සමහර ප්‍රතිකාර ක්‍රම නීරෝගී දිදුලන පැහැපත් සමක් ලබා ගැනීම පිණිසද භාවිතා කල හැකිය. දැන් මම මේ කියන්න යන ප්‍රතිකාර ක්‍රම ඔබටත් කරන්න පුළුවන්. ඒ වගේම එමගින් විශ්මිත වූ ප්‍රතිඵල ලබා ගැනීමටද හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය 
හොදින් පොඩි කර ගත් කෙසෙල් ගෙඩියක්
මී පැණි  තේ හැදි 2ක්

හොදින් පොඩි කර ගත් කෙසෙල් ද්‍රාවයට මී පැණි  එක් කර හොඳින් කලවම් කර  මුහුණේ හා දෑත්වල ආලේප කර විනාඩි 20කට පමණ පසුව ඇල් මැරුණ වතුරෙන් සෝදා හරින්න.  මෙමගින් ඔබේ සම දිදුලන පැහැපත් සමක් කර ගැනීමට ඔබට පුළුවන.

තවත් ප්‍රතිකාර ක්‍රමයක් වන්නේ  හොඳින් පොඩිකර ගත් තක්කාලි යුෂ තේ හැදි 1/2කට දෙහි යුෂ තේ හැදි 1/2 හා කහ කුඩු ස්වල්පයක් මෙන්ම කඩල පිටි  තේ හැදි 2ක් හොදින් මිශ්‍ර කර මුහුණේ  හා බෙල්ලේ ආලේප කොට  විනාඩි 15කට පමණ පසුව සෝදා හරින්න.  මෙම ප්‍රතිකාර ක්‍රමය සතියකට තුන්වරක් වත් සිදු කිරීමෙන්  සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය.

ඔබට පුළුවන්  තව දුරටත් නීරෝගී සමක් පවත්වාගෙන යෑම සදහා මෙම ප්‍රතිකාර ක්‍රමයට වුවත් හුරු වෙන්න. සිදු කල යුත්තේ පොඩි දෙයක් පමණයි. පිපිඤ්ඤා  යුෂ  ස්වල්පයක් ගෙන එයට අර්තාපල් යුෂ  තේ හැදි 2ක් එක්කොට එම ද්‍රාවණය සිසිල් වීමට ඉඩ දී  කපු රෙදි කැබැල්ලක එය පොගවා මුහුණ මත එම රෙදි කැබැල්ල එලන්න. පසුව විනාඩි 20ක් පමණ තිබෙන්නට හැර එය ඉවත් කරන්න.

මෙම සරල ප්‍රතිකාර රටා කිහිපයෙන් ඔබට හොද යැයි සිතෙන පහසු ප්‍රතිකාර රටාවක් තෝරා එය සතියට තුන් හතර වරක් වත් සිදු කර  සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න. මෙවැනි ආයුර්වේද  ස්වාභාවික ප්‍රතිකාර මගින් ඔබේ සමට හොද පෝෂණයක් වගේම  නීරෝගී පැහැපත් පෙනුමක් ලබා දේ.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here