මැල්ලුමට “තෝර” එක්කරගත්තොත් මේ වාසි හිමි වේවි

0
10914
thora-plant

සාමාන්‍යයෙන් පණු අමාරුවක් ඇතැයි කියල හිතුනාම එදා අපේ අම්මලා කිසිම කතා බහක් නෑ… ඔන්නඉතින් දෙවේලක් තුන්වේලක් තෝර කොළ මලවලා දෙනවා. එක අතකට පෙති , කරල් ගිලින වෙලේ මේ වගේ ස්වභාවික දෙයකින් ලෙඩ රෝග දුරු කර ගැනීම නුවණට හුරු බව අපිට දැන් තමයි තේරෙන්නේ… ඒත් අපේ අය දැන් මේ වගේ පලා වෙනුවෙන් එතරම් වෙහෙසෙන්නෙත් නහැ. අනිත් පැත්තෙන් මේ වර්ග දැන් හොයා ගන්නත් නැහැ. තෝර වර්ගවල ප්‍රභේද තුනක් තිබෙනවා.

  • පෙති තෝර උද්භිද විද්‍යාත්මක නාමය –Cassia tora
  • පැණි තෝර උද්භිද විද්‍යාත්මක නාමය Cassia occidentalis
  • ඇත් තෝර උද්භිද විද්‍යාත්මක නාමය Cassia alata

තෝර වර්ග අයත් වෙන්නේ “ලෙගුමිනෝසේ”  ( Leguminosae ) කුලයටයි. සිංහල භාෂාවෙන් අපි තෝර කියල හැදින්වෙන මේ ශාඛය දෙමල භාෂාවෙන් “සෙනාවු” නමිනුත්, සංස්කෘත භාෂාවෙන් “ආයුධම්” යන නමිනුත් හැඳින්වෙනවා. නිවර්තන කලාපීය රටවල හැදෙන වැඩෙන තෝර ඉන්දියාව, ශ්‍රි ලංකාව, පිලිපිනය වැනි රටවල සුලබයි. කිසිම සාත්තු සප්පායමක් නැතුව හැදෙන තෝර පැලයේ හට ගන්නා මල් කහ පැහැයෙන් යුක්තයි.

තෝර වල ගුණ

මේවා වැඩියෙන්ම කීර්තියක් ලබා තිබෙන්නේ පණු රෝගවලට ගුණදායක විදිහටයි. ආයුර්වේදයේ දැක්වෙන විදිහට නම් සෙම, වාත, පිත කියන තුන්දොසට සමනය කරනවා. පණු රෝග වලට මැල්ලුම් විදිහට පිලියෙල කරන්නේ සාමාන්‍යයෙන් අපි මැල්ලුම් පිළියෙල කරන විදිහටම පොල්, අමුමිරිස්, රතුළූණු ආදිය සිහින්ව ලියලා මලවා ගන්නවා.

මල බද්ධයටත් ඉතාම ගුණයි. ඒ නිසාම පණු රෝගවලින් ආරක්ෂාව ලැබෙනවා. ඒ වගේම බැක්ටීරියා, දිලීර සහ වෛරස ආසාදනයන්ගෙන් ඉතාම පහසුවෙන් ආරක්ෂාව ලැබෙනවා. මල බුරුල් කරන නිසා බඩවැල්වල විෂ ගතිය ඉවත් වෙනවා. ඒ නිසාම පිළිකා තත්වයන්ගෙනුත් ආරක්ෂාව ලබා ගැනීමට පුලුවනි. අර්ශස් වැනි රෝගවලට ප්‍රධානම හේතුව මලබද්ධය නිසා ඒ අපහසුතාවයෙනුත්  නිදහස් වෙන්නත් පුලුවනි.

සමේ තුවාල ඇති වුනාම තෝර ඇට කබලේ බැද ගෙන සමේ තුවාලවල ආලේප කරන්න පුලුවන්. ඒ වගේම ඇත්තෝර කොළ සහ අමුකහ තම්බලා ඒ වතුරෙන් සමේ කුෂ්ට සෝදනවා.

අළුහම් ඇති සමටත් ඇත්තෝර ගුණදායකයි. ඇත්තෝර කොළ දෙහි ඇඹුලෙන් ගල ගා මේ අලුහම් මත ආලේප කිරීම නිසා ඒවා නැති වී යනවා.

පිලිපීනයේ සහ නයිජීරියාවේ වැසියන් සම්පූර්ණ පැලෑටියම කසාය කරල පානය කරනවා. මැඩගස්කර සහ “ලාරියුනියන්” වැසියන් මේ පැලෑටිය කසාය විදිහට තම්බලා පණුවන්ට වගේම බඩ විරේකයක් විදිහට පානය කරනවා. ඉන්දු චීනයේදී පෙති තෝර කරල් අතීසාරයටත් චීන ජාතිකයින් ඇස් සහ අක්මා රෝගාබාධ වෙනුවෙනුත් පෙති තෝර ඇට යොදා ගෙන ඖෂධ සාදා ගන්නවා.

ඉක්කා යන වේලාවටත් පෙති තෝර යුෂ පානය කරනවා. සමේ ඇති වෙන කුෂ්ට වලටතෝර කොළ විනාකිරෙන් අඹරා ආලේප කිරීමත් දදවලට තෝර ඇට රාබු අල යුෂ වලින් අඹරා ආලේප කිරීම සිදු වුනා. කොහොම වුනත් සතියකට වතාවක්වත් ඇත්තෝර කොළ තම්බාගත් වතුරෙන් සිරුර සේදීම හොඳ බවට එදා පටන්ම පැවැති අදහස අදටත් ගැලපෙනවා.

පැණි තෝර ප්‍රමේහ රෝගීන්ට වගේම දියවැඩියා රෝගීන්ට ඉතාම ගුණදායකයි. කලවම් පලා මැල්ලම් පිළියෙල කරන විට පැණි තෝර කොළ එක් කර ගන්න පුලුවනි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here