නිරාවරන දෙපයින් ඇවිදීමත් ගුණයි

0
2356
bare-foot

බෝමලුවේ වැලි යටිපතුලට පෑගෙන විට අපිට දැනෙන සුවය ආගම මුල් කර ගෙන බැතියෙන් හිතුවත් පාවහන් නොමැතිව මහපොළව පෑගීම නිසා අපේ ජීවිතයට ලැබෙන නීරෝගිබව ඉතාම පුදුමයි. බුදුරජානන්වහන්සේගේ විසින් අනුදැන වදාල විදිහටත් උදේට පන්සල් මලුව ඇමදීම එක්තරා ආකාරයකින් සිරුරට ව්‍යයාම ලැබීමක් වූවා පමණක් නොවෙයි නිරාවරන පාද මහපොළව සමග ගැටීම නිසා එයින් අපේ සිරුරට ශක්තියක් ඇති වුනා.

බුදුරජාණන්වහනේසේ ලෝකයේ බිහිවුන ශ්‍රේෂ්ඨතම මනෝවෛද්‍යවරයා බව අපි දන්නවා. නිරාවරන පාද පොළවට ගැටීම නිසා පොලවේ තිබෙන ඉලෙක්ට්‍රෝන ශරීරයට ඇතුලු වෙන බව තහවුරු කරන වාර්තාවක් 2012 වසරේ Environmental and Public Health සඟරාව මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.ඒත් අද අපි පාවහන් නොමැතිව ඇවිදීම දකින්නේ මහා වරදක් විදිහටයි. මේ නිසා අද නිරුවත් දෙපයින් පොළව ස්පර්ශ වන සේ ඇවිදීම “earthing” යනුවෙන් හැදින්වෙනවා.

සැන්ප්‍රැන්සිස්කෝ නගරයේ ධාවන තරගයේදී “ටොඩ් බයර්ස්” තරඟ වැදුනේ නිරුවත් දෙපා වලිනුයි. මේ වෙන විට ක්‍රිඩකයන් වෙනුවෙන් පාවහන් පැළඳීම අනිවාර්ය වෙලා තිබුනේ දෙපාවලට සිදු වෙන අනතුරු අවම කර ගැනීමට පාවහන් පැළදීම වඩාත් යෝග්‍ය නිසයි. 1960 වසරේ රෝමයේ ඔලිම්පික් ක්‍රිඩා උළෙලේදී ඉතියෝපියානු ජාතික “අබ්බේ බිකිලා” නිරුවත් දෙපයින් මැරතන් තරගයට සම්බන්ධ වුනා පමණක් නොවෙයි, ඒ ඉසව්වෙන් ජය ලබා ගැනීමටත් සමත් වුනා.

ඇසට ගුණයක්…

ඇසේ රෝගාබාධයන්ට පාදයට බෙහෙත් තබන ක්‍රම ගැන ඔබ අසා ඇති. එය පය බරවාට පිටිකර බේත් බැඳීමක් එහෙම නොවෙයි. පාදයේ තිබෙන නිල මගින් විවිධ ඉන්ද්‍රියන්ට උත්තේජන ලබා දෙන්න පුලුවනි. අපි ඇවිදින විට පාදවේ පළමුවන, දෙවැනි සහ තෙවැනි ඇගිලි මතට ඇති වෙන තෙරපුම නිසා ඇසට සම්බන්ධ කලාපයන්හි ඇති වෙන උත්තේජනයෙන් ඇස් ආහ්‍රිතව තිබෙන විවිධ දුර්වලතාවයන්ට පිලියම් ලැබෙන බවටත් ආරංචි තිබෙනවා.

“අප්පේ…. හන්දිපත් වේදනාව…මේ ඇගිලි දිග අරින්නම බැහැ…”

ඔන්න ඔය වගේ මැසවිලි නිතරම ඇහෙන්නේ අපේ පාදවලට හොඳ ව්‍යයාමයක් නැති නිසයි. ඇයි ඉතින් මීටර් පණහක දුරටත් ත්‍රිවිලර්වලින් සැප සොයන ලෝකය ඇවිදින්න දක්වන්නේ පුදුම උදාසීන බවක්. ඒත් ඇවිදීමෙන් පාද සඳහා මෙන්ම මාංශපේශි, වලුලුකර, අස්ථිවල තිබෙන බන්ධන වෙනුවෙන් ලැබෙන ව්‍යායාමය නිසා ඔබේ පාදවලට නීරෝගිබව නොමිලයේම ලැබෙනවා.

පරිසරයට අපි විසින්ම සිදු කරන ලද හානි නිසා උදේ අව්වත් අපිට අහිතකරය යන චෝදනාව නැගුනත් විටමින් “ඩී” වෙනුවෙන් උදේ හිරුඑලිය වඩාත් හිතකරයි. උදේ මිදුල අමදින විට මේ වාසිය ඔබට ලබා ගන්න පුලුවනි. විටමින් “ඩී” කාන්තාවන්ට ඉතාම අවශ්‍යයි. ඊටහේතුව ඔවුන්ගේ අස්ථි පිලිබඳව නිරෝගිබව ඇති කර ගැනීමට විටමින් “ඩී” අවශ්‍ය නිසයි. ගැබිනි මව්වරුන්ටත් විටමින් “ඩී” අවශයි. අධිරුධිර පීඩනය, , අල්සයිමර් සහ පිලිකා, හදවත්රෝග ආදියෙන් ආරක්ෂාව ලබා ගැනීමට නම් මහපොළව පය ගැටෙන විදිහට ඇවිද්දොත් ඔබ දිනුම්.

පාදවල සියුම් රුධිරනාල පොළව සමග ස්පර්ශ වීම නිසා උත්තේජනය වෙනවා. එවිට රුධිර සංසරනය යහපත් පරිදි සිද්ධ වෙනවා. මොළයට හොදින් රුධිරය ලැබෙන නිසා සුවදායක නින්දක් ලබා ගන්න පුලුවන්. ස්නායු උත්තේජනය වෙනවා. ප්‍රතිශක්තිකරණ පද්ධතියට ලැබෙන ශක්තිය නිසා ඉතින් ඇති වෙන ප්‍රතිඵල ගැන අටුවා ටීකා අවශ්‍ය නැහැනේ. කොටින්ම ජීවිතයම නීරෝගියි කිව්වොත් නිවරැදියි.

උදේ කාලයේ පාවහන් නොමැතිව කණකොල මත ඇවිදීම ආතතිය දුරු වෙන්න වගේම සැහැල්ලු මනසක් ඇති වීමට බලපානවා. මේ කාලය ඉතාම නිස්කලංකයි. හිරු එළියත් උණුසුම්. ඉතින් වෙලාවක් නැතැයි නොකියා උදේ නිරාවරන දෙපයින් ඇවිද යෑමට පුරුදු වෙන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here