පුංචි කාලේ අම්මාගෙන් අපට ලැබුණ, Facebook භාවිතයටත් ගැලපෙන ඔවදන් 6 ක්

පුංචි කාලේ අම්මාගෙන් අපට ලැබුණ, Facebook භාවිතයටත් ගැලපෙන ඔවදන් 6 ක්

අප කවුරුත් වයසින් වැඩෙනකොට ජිවිතේ මොනම හරි  අවස්ථාවක “පුංචි කාලේදී අම්මා  මෙහෙම  දෙයක්  කිව්වා නේද?  කියන හැඟීම අපේ හිත්වලට ඇතිවෙලා  තියෙනවා.  අම්මා  දුන්  උපදෙස් හැම තැනකටම,වැඩකටම අදාලයි කියලා මට  සමාජ මාධ්‍යයක්  භාවිතා  කරද්දී වුණත් දැනිල  තියෙනවා.අපේ  අම්මලා තාක්ෂනය ගැන  අප තරම්  නොදන්නවා  වෙන්න  පුළුවන්, එත්  අද අපට  හොඳින්  උගන්නල මේ  තත්වයට  ගෙන්න  ඔවුන්  අපි නොදැනුවත්ව කල  කැපවීම ඉදිරියේ   අපි  නොදරුවන් වගෙයි.බලන්න  අම්මා දීපු  මේ  පුංචි  උපදෙස් කොතැනදී  වුණත්, ඉන්ටනෙට්  භාවිතයේදී  වුණත්  කොච්චර  වැදගත් ද කියලා…

* ඔයා හොඳ සැලකුම්  ලබන්න  නම්  , ඔයත් අනික් අයට  හොඳින්  සලකන්න….
පුංචි  කාලේදී  විතරක්  නෙමේ, ලොකු වුණත්  අම්මලා  කියන  දෙයක්  තමයි  මේ. “ඔයාට  ඒ  දේ  වුණානම්,ඔයාට මොනවා  හිතෙයිද? , ඔයා  කොච්චර  නම්  දුක්වෙයිද? … මෙහෙම  දේවල්  අම්මලා කොතෙකුත්  කියනවා.ඒ වගේ  තමයි, සමාජ  මාධ්‍යයක් (ෆේස්බුක් වගේ ) භාවිතා  කරද්දී ඔබ  දමන  ස්ටේටස්,ඔබ අනික්  අයට  දක්වන  ප්‍රතිචාර, ඔවුන්ට  නරක  විධියට  බලපාන්නත් පුළුවන්.ඒ නිසා කල්පනාවෙන් , සුහදව, සිමාව දැනගෙන  චැට්  කරන්න.

* ඔයාට  කියන්න  කිසිම  දෙයක්  නැත්නම්, මුකුත්ම  කියන්න යන්න එපා...
කී පාරක් අපි  මෙහෙම  දේවල්  අහල  ඇත්ද? “නිකන්  කට  තියෙන  පලියට  කියවන්න එපා” කියලා  අම්මා ඔබට   පුංචි  කාලේදී  කියන්න  ඇති. ගොඩක්  දෙනෙක් තමන්  කන  බොන,යන  එන , කරන  කියන  කියන්න  ඕනේ  දේ  එපා  දේ  හැමදෙයක්ම  අප්ඩේට්  කරනවා.එය  කොහෙත්ම  හොඳ  දෙයක්  නෙමේ. ඒවගේම සෝෂල් මීඩියා වලදී  අපි  විවිධ  අයත්  එක්ක චැට්  කරනවා,කමෙන්ට් කරනවා,අදහස්  හුවමාරු  කරගන්නවා.ඒ නිසා  කාගෙවත් හිත රිදෙන, කාටවත් අපහස වෙන, කාටවත් තරහයන දේවල්  විහිළුවටවත් කරන්න කියන්න යන්නෙපා.කියන්න කිසිම  දෙයක්  නැත්නම්  නොකියා ඉන්න. ඔයාව  අපහසුතාවයට පත්වෙන  දෙයක් කව්රුහරි  කරලා  තියෙනවනම් සෝෂල්  මීඩියා ස්ටෑන්ඩර්ඩ්ස් පාවිච්චි  කරලා ඒ ගැන  ඔවුන් දැනුවත්  කරන්න… සුහදව  කතාකරන්න.

*ඔබේ  හැසිරීම ගැන,ආචාර ධර්ම  ගැන  සැලකිලිමත්  වෙන්න.
“තැනකට  ගියාම  ඒ  තැනට  අනුව  ඉන්න  පුරුදුවෙන්න, කවුරුහරි  ඔයාව  හොඳ  විධියට  අගයකරොත් එයාට ස්තුති කරන්න” … මේ වගේ  දේවල්  අම්මා  කියනවා නේද? සමාජ  ජාල  පාවිච්චි  කරද්දී  අප  කරන  කියන දේවල් අගයන්න මිනිසුන්  පුරුදු  වෙලා  ඉන්නවා.එහෙම  වෙලාවට  ඔවුන්ට  ස්තුති  කරන්න. සමහර  වෙලාවට අපිට  එන  තාක්ෂණික ගැටළු,සාමාන්‍ය  දැනීම  ගැටළු  වගේ  දේවලුත්  අපි  ඔන්ලයින්  අහන්න  පුරුදුවෙලා  ඉන්නවා. ඔව් ඒක හොඳ  ක්‍රමයක්.එහෙම  වෙලාවට  ඔබ  වෙනුවෙන් විනාඩියක්  හරි  වැය කරලා වටිනා  උපදෙසක්  දුන්  අයට  තෑන්ක්ස් කරන්නත් අමතක  කරන්න  එපා.

*අනුකරණ  කරන්න  එපා.
ඔබ  කවුරුවත්  වගේ  වෙන්න එපා. “ඔයා  මොකටද  කව්රුවත්  වගේ  වෙන්න  යන්නේ?..ඔයා  ඔයා  විධියට  ඉන්න.” අම්මා  මෙහෙම  කියලත්  ඇති.ඔබේ  පෙනුමට  අකමැති  අය ගැන  හිතන්න  අවශ්‍ය  නැහැ. එහෙම  අයගේ  ෆ්‍රෙන්ඩ්  කෙනෙක්  වෙන්න  යන්නත්  ඕනේ  නැහැ. “අර  නිළිය  සුදුයි,කෙට්ටුයි, ලස්සනයි… අර  ගර්ල්  ලස්සනයි ….”  එහෙම  වුනා  කියලා  ඔබත්  ඒවගේ  වෙන්න  උවමනා  නැහැනේ. ලස්සනට ඉන්න  අපි  කවුරුත්  ආසයි. ඒ වුණත්  කවුරුවත්  වගේ  වීම  නෙමේ  ලස්සන  වෙනවයි  කියන්නේ. යාළුවා  කොන්ඩේ පාට කරලා පින්තූර දැම්ම  කියලා  ඔයත්  එහෙම  කරන්න ඕනේ නැහැ.සැබෑ ලස්සන  ඉස්මතු  වෙන්නේ ඔබේ  අනන්‍යතාවය ත්  එක්ක  මිස  අනුකරණයකින්  නම් නෙමේ.

*වෙලාව ආවම සුදුසු  දේ  පමණක්  කරන්න.….

“ වයසට  ගැලපෙන්න  වැඩ  කරන්න” , මුලින්  වැදගත්  දේ  මුලින්  කරලා  ඉන්න” …. මෙහෙම  දේවල්  ඉගෙනගද්දී අම්මා  අපිට කියනවා.මේ  වචන ටිකේ  මීට වඩා  යමක්  හැංගිලා  තියෙනවා.විවාහ  වෙන්න  කලින්  අපි  හොඳින්  ඉගෙනගන්න,රැකියාවක්  කරන්න  අවශ්‍යයි.ඒවගේම  තමයි  ඒ දේවල්  කරද්දී විනෝද  වෙන්න ඕනෙත්  සිමිතවයි.ඉතින්  සමාජ  මාධ්‍ය  වුණත්  අසීමිතව  භාවිතා කිරීමෙන්  වෙන්නේ  එදිනෙදා  වැඩවලට බාධාවක්  වෙන  එකයි. ඒ නිසා ඔබේ  වැදගත්  වැඩ  කටයුතු  මුලින්  අවසන්  කර, විවේක කාලයක්  ඇති විට පමණක්  සමාජ  ජාල  භාවිතා  කරන්න පුරුදුවෙන්න.

*සල්ලි  ගස්වලින්  කඩන්න බෑ….
කැපවීම=ඉපයීම .මට අලුත් යමක් මිලදී  ගන්න අවශ්‍ය  නම්  ඒ සඳහා මට මුදල් තියෙන්න ඕනේ අවශ්‍ය  තරමට.මම සාධාරණව කැපවීමෙන්  වැඩකලොත්  තමයි මට සාධාරණව මුදල් උපයන්නත් පුළුවන් වෙන්නේ.ඇත්තටම ෆේස්බුක්  වගේ සමාජ ජාල සල්ලි ගස් වුණානම් අද මිලියන ගණන් මිනිසුන් එයින් පොහොසතුන් බවට පත්වෙන්න තිබුණා.ඒ නිසා  සමාජ මාධ්‍ය භාවිතා කරන්න ඕනේ අපේ එදිනෙදා වැඩවලට බාධාවක් ඇති නොවන විධියට ප්‍රයෝජනවත් වෙන ලෙසටයි. මෙන්න මේවගේ දේවල්  නිසයි  අපේ දෙමව්පියන්  හැමවිටම  ඉදිරිය දකිනවා  කියන්නේ. අම්මලට  තමන්ගේ  දරුවන් හැරෙනකොට  කියන්න පුළුවන් මොකටද කියලා. ඒ ඉව අපට මේ ටෙක්නලොජි  එකෙන්  තබා  කොහොමටවත්  ගන්න බැහැ.ඔබත් යම් දිනෙක මවක්,පියෙක් වුණාම එය  දැනේවි .

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here