කුරුලෑ වලින් ආරක්ෂා වීම සඳහා ඔබට අනුගමනය කල හැකි ක්‍රියාමාර්ග 6ක්

කුරුලෑ වලින් ආරක්ෂා වීම සඳහා ඔබට අනුගමනය කල හැකි ක්‍රියාමාර්ග 6ක්

ඔබ රැකියාවට, පාසලට හෝ උත්සවයකට ගොස් වෙහෙස මහන්සි වී නැවත නිවස කරා පැමිණෙන්නේ කන්නාඩියෙන් මුහුණ දෙස බලා එය පසුදා උදෑසන පිරිසිදු කරන බවට තමාටම පොරොන්දු වෙමිනි. නමුත් ඔබ ඊලඟ දින උදෑසනය අවදිවන්නේ කුරුලෑ වලින් පිරුණු මුහුණක් සමඟය. මෙවැනි කලකිරුණු අවස්ථා වලට ඔබ අනිවාර්යයෙන් මුහුණ දී ඇත. නමුත් වැරදි පුරුදු නිවැරදි කර ගනිමින් අලුත් හැසිරීම් ජීවිතයට එක් කර ගැනීම එතරම් අසීරු නොවේ.

කුරුලෑ ප්‍රශ්නයට නිතරම මුහුණ දෙන කෙනෙකු ලෙස මම නින්දට යාමට පෙර පුරුද්දක් ලෙස මුහුණ සෝදා පිරිසිදු කිරීමෙහි ලා දැඩි උනන්දුවක් දක්වන්නෙමි. උදෑසන මුහුණ සේදීමට වඩා රාත්‍රීයේදි මුහුණ පිරිසිදු කිරීම වැදගත්ය. දිවා කාලයට සාපේක්ෂව රාත්‍රියේදි ඔබේ සෛල වල ප්‍රතිනජක ක්‍රියාකාරිත්වයේ වේගය වැඩිය. ඔබ නින්දට පෙර නිසි සැලකිල්ලක් සම කෙරෙහි නොදක්වන්නේ නම් සම මත ඇති කුණු, දූවිලි හා තෙල් එම ප්‍රතිනජක ක්‍රියාවලියට බාදා අති කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස කුරුලෑ ඇති වීම, ඉරි තැලීම හා අකලට සම වයසට යාම වැනි චර්ම ප්‍රශ්න ඇති වේ. ඔබ කෙතරම් තෙහෙට්ටු තත්ත්වයක පසු වූවත්, නින්දට පෙර පහත දැක්වෙන ක්‍රමවේද අනුගමනය කිරීමෙන් ඔබට කුරුලෑ හා රැලි වැටීම් වලින් තොර නීරෝගි සමක් ලබා ගත හැක.

ඔබගේ රාත්‍රී ආහාර වේලට වැඩියෙන් කොල පැහැති එළවලු එකතු කර ගන්න.
ඔබගේ ශරීරයෙන් විෂ සහිත දෑ ඉවත් කිරීම සඳහා මෙන්ම නීරෝගි, ප්‍රබෝධමත් සමක් සමඟ උදෑසන අවදි වන්නට අවශ්‍ය නම් සවස හෝ රාත්‍රීයේදි කොල පැහැති එළවලු වලින් සෑදූ ජූස් වීදුරුවක් හෝ එළවලු වැඩියෙන් සමන්විත සැහැල්ලු ආහාර වේලක් ඔබට ලබා ගත හැකිය. ඔබගේ ශරීරය තුල පවතින විෂ කාරක සමෙහි කුරුලෑ ඇති කිරීමට හේතු වේ. කොල පැහැති පලා හා එළවලු වලට මෙම විෂ ද්‍රව්‍ය වලට එරෙහිව කටයුතු කිරීමේ බලයක් තිබේ. දවස පුරා සමට දිදුලන බවක් එක් කිරීම සඳහා ඔබට පහසුවෙන් නිවිති වලින් සෑදු ජූස් විදුරුවක් හෝ සැලඩ් පිඟානක් අනුභව කල හැක.

ඔබගේ සම ක්ලෙන්සරයක් භාවිතයෙන් හොඳින් පිරිසිදු කරන්න.

ඔබ ක්ලෙන්සරයක් භාවිතා කල යුත්තේ මේක් අප් ඉවත් කිරීම සඳහා පමණක් නොවේ. මෙය දෛනිකව ඔබ ජීවිතයට එකතු කර ගත යුතු පුරුද්දකි. ඔබ කෙතරම් වෙහෙස මහන්සි වී නිවස බලා පැමිණියත් නින්දට පෙර හොඳින් මුහුණ සෝදා පිරිසිදු කල යුතුය. පළමුව මුහුණේ ඇති මේක් අප් ඉවත් කොට ඔබගේ සමට සුදුසු තෙල් සහිත හෝ මෘදු ක්ලෙන්සරයක් භාවිතා කරමින් සම මත ඇති කුණු දූවිලි ඉවත් කර ගත හැකිය. මින් කුරුලෑ ඇති වීමේ අවදානම අඩුවේ.
ඔබට ඇත්තේ තෙල් සහිත සමක් නම් එක්ෆෝලියේටර් එකක් සතියකට දෙවතාවක් පමණ භාවිතා කිරීමෙන් ඔබට මැරුණු සම ඉවත් කල හැකි වේ. ඔබගේ සම මත ඇති මැරුණු සම කුණු හා තෙල් සමඟ මිශ්‍ර වූ විට කුරුලෑ හට ගනී. මෙම තත්ත්වය ඔබට එක්ස්ෆෝලියේටර් එකක් භාවිතා කිරීමෙන් මඟ හරවා ගත හැක.

සම මොයිෂ්චරයිස් කිරීමට අමතක නොකරන්න.
ඔබ දිනපතා සමෙහි තෙතමනය ආරක්ෂා වනසේ කටයුතු කලත් එය ප්‍රමාණවත් නොවේ. රාත්‍රී නින්දට පෙර පරිසරයට හිතකර නිෂ්පාදනයක් මොයිෂ්චරයිසරයක් ලෙස භාවිතා කිරීමෙන් ඔබට පසුදා උදෑසන ප්‍රබෝධමත්, දිදුලන සමක් ලබා ගත හැක. කෙසේ නමුත් මොයිෂ්චරයිසරයක් භාවිතා කිරීමට පෙර ඔබ සම හොඳින් ක්ලෙන්ස් කල යුතු වේ.

ඔබ නින්දට යාමට පෙර ස්මාට් ෆෝන් එකද නිදි කරවන්න.
ඔබ දැන් ශරීරය අභ්‍යන්තරය පිරිසිදු ව තබා ගැනීමට කටයුතු කර ඇත. ඔබ බාහිර සම ආරක්ෂා කිරීම සඳහා අප සඳහන් කල උපදෙස් පිළිපදිනවා ඇත. දැන් ඔබ කල යුත්තේ නිදා ගැනීමට පෙර දුරකතනයෙන් ඈත් වීමයි. දිනපතා ඔබේ දුරකතනය මත විෂබීජ රාශියක් තැන්පත් වේ. ඔබ එය නිතරම පිරිසිදුව තබා ගත්තත් 1% පමණ වූ සුලු විෂබීජ ප්‍රමාණයකට ඔබගේ සමත් සමඟ ප්‍රතික්‍රියා කල හැක. ඔබට නීරෝගි සමක් සහිත උදෑසන අවදී වීමට අවශ්‍ය නම් නිදා ගැනීමට පෙර දුරකතනය ඈත් කර තබන්න.

කාලය පිළිබඳ විමසිලිමත් වන්න.
බොහෝ සමීක්ෂණ වලට අනුව හෙලිවී ඇත්තේ ප්‍රමාණවත් නින්දක් නොලැබීම කුරුලෑ ඇති වීම සඳහා බලපාන එක් ප්‍රධාන හේතුවක් බවයි. සුව නින්දක් ලබා ගැනීම නීරෝගි, සුන්දර රූ සපුවක් පවත්වා ගැනීමට උපකාරි වේ. ඔබ පැය 8ක් නිදා ගත්තත්, උදෑසන ඔබ අවදිවන්නේ දැඩි තෙහෙට්ටුවක් හා කුරුලෑ හට ගත් සමක් සහිතව නම් ඒ මක් නිසාද යැයි ඔබ සොයා බැලිය යුතුය. සමහරවිට ඔබ මධ්‍යම රාත්‍රීය පසු වී නින්දට යනවා වන්නට පුලුවන. හැකි පමණින් 11ට පෙර නින්දට යන්නට උත්සාහ ගන්න. ඉඳ හිට මෙම රටාව ඔබට කඩ කල හැකි නමුත් එය පුරුද්දක් බවට පත් නොකරන්න.

සේද රෙදි වලින් නිමවූ කොට්ට ඇතිරිලි භාවිතා කරන්න.
සේද රෙදි වලින් නිමවූ කොට්ට ඇතිරිලි භාවිතා කිරීමෙන් සම රැලි වැටීම, කුරුලෑ ඇතිවීම වැනි චර්ම ප්‍රශ්න මඟ හරවා ගත හැක. ඔබ දරුණු කුරුලෑ තත්ත්වයකින් පීඩා විඳින්නේ නම් දිනපතා කොට්ට ඇතිරිලි මාරු කිරීම යෝග්‍ය වේ. ඔබ කෙතරම් මුහුණ පිරිසිදුව තබා ගත්තත්, කොට්ට හා ඇතිරිලි වල විෂබීජ තැන්පත් වී ඇත්නම් ඉන් ඵලක් නොවේ. එම නිසා නොවරදවාම පිරිසිදු ඇඳ, කොට්ට ඇතිරිලි භාවිතා කරන්න.

රාත්‍රී නින්දට පෙර ඔබ විසින් සිදු කල යුතු මුහුණ ක්ලෙන්ස් කිරීමේ ක්‍රියාවලිය ඔබට අතපසු වන්නේ ඔබ තුල ඇති අලස කම නිසාය. සමහර කාන්තාවන් මුහුණ ක්ලෙන්ස් කර පිරිසිදුව තබා ගත්තත්, මේක් අප් ඉවත් කර නින්දට ගියත් කුරුලෑ ඇතිවීම වලක්වා ගැනීමට නොහැකි වී තිබේ. ඔබගේ ආහාර වේල පිලිබඳ සැලකිලි මත් වන්න. හොඳින් ජලය පානයක් කරමින් දවස පුරා සමේ තෙතමනය ආරක්ෂා කරගන්න. අවසාන වශයෙන් අප දෙනු ලබන අවවාදය වන්නේ රාත්‍රීයේ  සම පිරිසිදු කරන ප්‍රතිකාරය මැනවින් අනුගමනය කොට උදෑසන නීරොගි දිදුලන සමක් සහිතව අවදි වීමයි. නින්දට පෙර ඔබ විසින් සිදු කරනු ලබන රූපලාවන්‍ය සත්කාර තිබේද?

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here