ඔබේ සැමියාගෙන් ඔබ පමණටත් වඩා අපේක්ෂා කරන බව හැඟවෙන ඉඟි කිහිපයක්

ඔබේ සැමියාගෙන් ඔබ පමණටත් වඩා අපේක්ෂා කරන බව හැඟවෙන ඉඟි කිහිපයක්

මා යෞවන අවධියේදි කියවූ ජෝන් ග්‍රීන් ගේ නව කතාවක් මා සමාජයෙන් බලාපොරොත්තු විය යුතු දෑ පිළිබඳ ආකල්පය වෙනස් කලේය. මෙම නව කතාවේ ප්‍රධාන චරිතය, ඔහුගේ මිතුරා ඔහුට කල දෙයක් සම්බන්ධයෙන් පසු තැවීමට පත් වූ අතර ඔහුගේ තවත් මිතුරකු ඔහුට මෙසේ පවසන ලදී. “ඔයා හරි. ඔයා කවදාවත් මෙහෙම දෙයක් යාලුවෙකුට කරන්නැහැ. ඒත් එයා එහෙම හිතන කෙනෙක් නෙමෙයි”

අප අපේක්ෂා කරන අන්දමට සමාජය අපට හැසිරවිය නොහැකි බව මට මින් වැටහී ගියේය.එසේ සිතීම පවා වැරදීය. මිනිසුන් කෙරෙහි ඉහල විශ්වාසයක් තබා අපේක්ෂා නොවූ ප්‍රතිඵල ලැබීමෙන් පසුතැවිමට පත් වීමෙහි ඵලක් නැත.
මෙම ලිපිය මා ලියන්නේ විශේෂයෙන් සැමියාගෙන් පමණට වඩා දේවල් අපේක්ෂා කරන බිරින්දෑවරුන් වෙනුවෙනි. එවැනි හැසිරීම් රටාවක් පවුල් සම්බන්ධතාවක් කෙරෙහි අහිතකර ලෙස බලපායි. පහත මා දක්වා ඇති හැසිරීම් රටාවන් අධ්‍යයනය කර ඔබත් එම කාණ්ඩයට වැටෙනවාදැයි මදක් සිතා බලන්න.

ඔබ ඔහුගේ වැරදි නිතරම ඉස්මතු කර පෙන්වයි.
ඔබ නිතරම ඔබේ සහකරුගේ වැරදි පෙන්නුම් කරනවා නම්, ඉන් අදහස් කරන්නේ ඔබ පමණට වඩා ඔහුගෙන් යම් දෙයක් අපේක්ෂා කරන බවයි. සෑම මිනිසෙකු අතින්ම වැරදි සිදුවේ. කිසිවකු 100% සුදන පුද්ගලයින් නොවන බව ඔබ සිහි තබා ගත යුතුය. ඔබ හැකි පමණින් තම ස්වාමියාගේ වැරදි නිවැරදි කිරීමට ඔහුට උපකාරි විය යුතු වනාතර ඒව නිතරම ඉස්මතු කර ඔහුට හිරිහැරයක් වන ලෙස හැසිරීම නොකල යුතුයි.

මේ වෙනුවට ඔබට කල හැකි තවත් දෙයක් වන්නේ ඔහුගේ හොඳ ගුණාංග ගෙන හැර පාමින් යහපත් හැසිරීම් රටාවක් බලාපොරොත්තු වීමයි.

ඔබ ඔහු සමඟ වාචිකව සන්නිවේදනයේ යෙදෙන්නේ නැත.
ඔබේ ස්වාමි පුරුෂයාගේ හැසිරීම සම්බන්ධයෙන් ඔබට දැනෙන හැඟීම් ඔබ ප්‍රකාශ කිරීමට මැලිවන්නේ නම්, ඔබට අපේක්ෂා කරන අන්දමට ඔහුගෙන් යම් යම් දේ ඔබට බලාපොරොත්තු විය නොහැක. ඔබේ සහකරුට ඔබේ සිත කියවිය නොහැක. ඔබ ඔහුට එසේ කල හැකි යැයි සිතීම අසාධාරණය.

ඔබගේ හැඟීම් සිත තුල නොසඟවා, සහකරු සමඟ විවෘතව අදහස් ප්‍රකාශ කරන්න. ධනාත්මක හෝ ඍණාත්මක වේවා හැකි පමණ වාචිකව ඔහු සමඟ සන්නිවේදනයේ යෙදෙන්න.

ඔබේ ස්වාමි පුරුෂයා ඔබට සැම විටම මුල් තැන දිය යුතුයි. එසේ නොවන විට ඔබ මනස්තාපයට පත් වේද?

සාමාන්‍යයෙන් දරුවාට, මිතුරන්ට හා රැකියාවට වඩා ස්වාමි පුරුෂයකු මුල් තැන දෙන්නේ තම බිරිඳටයි.  නමුත් සැම විටම ඔහුගෙන් ඔබට එම පළමු ස්ථානය අපේක්ෂා කල නොහැකි බව සලකන්න. සමහර අවස්ථා වලදී ඔබට වඩා ඔහුට වෙනත් පුද්ගලයෙකු වෙත අවධානය යොමු කිරීමට සිදු වේ. එය වැදගත් රාජකාරි කටයුත්තක් විය හැක. නිසැකවම ඔබ සැමියාගේ පලමු අවධානය දිනා ගත යුතු වූවත් සෑම විටකදීම පලමු ස්ථානයේ සිටීමට තැත් කිරීම එතරක් ප්‍රායෝගික නොවේ.

ඔබ නිතරම එකිනෙකා හා තමාගේ ස්වාමියාව සැසඳීමට තැත් කරයි.

සැමිය හා බිරිඳ අතර ඇත්තේ උතුම් බැඳීමකි. ඔහු ඔබගේ විවාහක ස්වාමි පුරුෂයාය. පිටස්තර පුද්ගලයෙකු හා ඔහුව සැසඳීම අනවශ්‍ය ප්‍රශ්න ඇති කිරීමට හේතු වේ. සෑම සන්ධ්‍යාවකම රැකියාව අවසන් වී නිවසට එනවිට මාලිනිගේ සැමියා මෙන් තමාට මල් පොකුරක් ගෙන ඒමටත් සුරංගි ගේ සැමියා සේ සෑම සෙනසුරාදා දිනකම වැසිකිලිය පිරිසිදු කිරීමටත් ඔබට ඔබේ සැමියාට පැවසිය නොහැක. ඔහුගෙන් එසේ සැලකිලි අපේක්ෂා කිරීම අන් අයගේ සැමියාගේ යහපත් ගුණාංග තම ස්වාමියාගේ වැරදි හා සැසඳීමට සමාන වේ.

ඔබ විවාහ වී ඇත්තේ මාලිනිගේ හෝ සුරංගි ගේ ස්වාමියාට නොවේ. එම නිසා අන් අයගේ ස්වාමි පුරුෂයන් මෙන් තම ස්වාමියාට ද හැසිරෙන ලෙස බල නොකරන්න. ඔබ ඔබේ සහකරුට සැලකිය යුත්තේ ඔහුටම විශේෂ වූ අන්දමකිනි.
ඔහු ඔබටම වෙන්වූ කෙනෙක්ද යන්න සැම විටම නොසිතන්න.

ඔබගේ සැමියා අන් අය සමඟ සැසඳීමෙන් ඔබ පමණටත් වඩා දෙයක් අපේක්ෂා කරයි. එසේම ඔහුව ඔබ හා සැසඳීමෙන්ද අනවශ්‍ය ප්‍රශ්න පැන නැඟේ. මට මීට වඩා හොඳ කෙනෙක්ව බැඳ ගන්න තිබ්බා, යන සිතිවිල්ල ඔබ තුල ඇතිවන්නේ ඔබ 100% හොඳ පුද්ගලයෙකු යැයි ඔබට සිතෙන නිසාවෙනි.

ඔබේ ස්වාමියාට ඔහුගේ ස්වභාවය අනුව හැසිරෙන්නට ඉඩ දෙන්න. පවුල් ජීවිතයක සාර්ථකත්වය තීරණය වන්නේ එතැනයි. දෙදෙනෙකු ඔවුන්ගේ හොඳ, නොහොඳ හඳුනාගෙන, අන්‍යෝන්‍ය අවබෝධයකින් යුක්තව කටයුතු කිරීම එහි ඇති රහසයි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here