ඔන්න, රසම රසම පුඩින් රෙසිපි හතරක්ම ගෙනාවා

0
17452
pudding

පුඩින් කිව්වම ඉතින් ස්වීට් පුඩින් වගේම සේවරි පුඩිනුත් තියෙනව. අද මේ කියන්න යන්නෙ ඩෙසර්ට් එකට ගන්න පුළුවන් ස්වීට් පුඩින් රෙසිපි කිහිපයක් හදන විදිය. වැඩි වැඩ නැති ඊසි ලේසි පුඩින් රෙසිපි ටික ඔයාට ගොඩක් වැදගත් වේවි..

චොකලට් ක්‍රීම් පුඩිං

අවශ්‍ය ද්‍රව්‍ය
  • සුදු සීනි කප් 1
  • කෝන්ෆ්ලා මේස හැඳි 2
  • කිරි කප් 2
  • ලුණු තේ හැඳි 1\4
  • කුඩාවට කපාගත් කුකින් චොකලට් 30g
  • බිත්තර කහමද 2
  • බටර් මේස හැඳි 2
  • වැනිලා තේ හැන්දක්
සාදන ක්‍රමය

භාජනයක් ලිප තබා එයට කිරි ටික එක් කර ඒ සමඟම සීනි, කෝන්ෆ්ලා, ලුණු එක් කර මිශ්‍ර කරන්න. එයටම චොකලට් කැබලි ටිකත් එක් කරගන්න. චොකලට් ටික දිය වෙන තුරු නොනවත්වාම හැඳි ගාන්න.

ලිපෙන් ඉවත් කර කමහද එක් කර ඉක්මණින්ම මිශ්‍ර කරගන්න. නැවත ලිප තබා විනාඩි 2ක් පමණ හැඳි ගාගන්න. නැවත ලිපෙන් ඉවත් කර බටර් සහ වැනිලා එක් කර මිශ්‍ර කරගෙන පුඩින් බෝල් එකකට දමාගන්න. නිවෙන්නට හැර ශීතකරණයේ පැය 2ක් තබා විප් ක්‍රීම් වලින් පොඩි සැරසිල්ලක් දාලම පිළිගන්වන්න.

මාරි බිස්කට් පුඩිං

අවශ්‍ය ද්‍රව්‍ය
  • ටිකිරි මාරි පැකට් දෙකයි
  • ඇස්ට්‍රා හෝ බටර් 100
  • අයිසින් සීනි 200
  • චොකලට් පව්ඩර් මේස හැන්දක්
  • බිස්කට් පොඟවන්න කිරි (පිටි කිරි)
  • උඩින් ඉහගන්න කජු හෝ පළතුරු
සාදන ක්‍රමය

මුලින්ම බටර් අයිසින් එක හදාගන්න. අයිසින් සීනි, බටර්,චොකො පව්ඩර් මික්ස් කරල.බිස්කට් ටික කිරි වල පොඟවලා පුඩින් එක හදන බාජනයේ අඩියට අතුර ගන්න ලේයර් එකක්. ඒකට උඩින් අයිසින් ලේයර් එකක්. කජු ටික චූටියට කපල ටිකක් ඉහ ගන්න.උඩට අමතරව මැදත් කජු හැපෙද්දි රසයි.ඔහොම ඔහොම බිස්කට් ඉවර වෙනකම් දාගෙන අන්තිමටම උඩට අයිසින් ලේයර් එකක් දාල කජු ඉහල වැඩේ ඉවර කරන්න. ෆ්‍රීසර් එකේ දාන්න පැයක් දෙකක්.එච්චරයි.මතක තියගන්න බිස්කට් කිරිවල පොඟවලා ගනිද්දි කිරි ටික හොදට බේරලා ගන්න.නැත්නම් දිය ගතියක් එනවා..බිස්කට් පොඟවපු කිරි හදිසියේ ඉතුරු උනොත් වැඩක් කරන්න. කිරි ටික පෙරාගන්න .ඒකට තව අයිසින් සීනි ටිකක් දාලා චොකො පව්ඩර් දාලා රත් කරන්න. හොදට උකු වෙන්න ඕනේ හැබැයි.හොදටම නිව්නාම පුඩින් එක උඩින් වක් කර ගන්න.

ජෙලි පුඩිං

අවශ්‍ය ද්‍රව්‍ය:
  • පාට හතරකින් ජෙලි ක්‍රිස්ටල්ස්
  • මිල්ක්මේඩ් කිරි ටින් 1 යි
  • ජෙලටින් 30ග්රෑ පැකට් 1 යි
  • ස්ට්‍රෝබෙරි රසැති ජෙලි පැකට් 1 යි
  • රාත්තල් 2 කේ කේක් තැටි 1 යි
  • ලන්ච් ෂීට් 1 යි
සාදන ක්‍රමය:

පළමුවෙන්ම පාට හතරේ ජෙලි භාජන 4 කට දමා එකකට උනු වතුර කෝප්ප 1 1/2 බැගින් දමා මුදවා ගන්න. ජෙලටින් උනු වතුර කෝප්ප දෙකකින් දියකර මිල්ක්මේඩ් වලට දමා හොදින් කලවම් කර ගන්න. ස්ට්‍රෝබෙරි ජෙලිත් වෙනම උනු වතුර කෝප්ප 1 1/2 දමා දියකර ගන්න. කේක් ට්‍රේ එකට ලන්ච් ෂීට් එක දමා කලින් මුදවා ගත් පාට හතරේ ජෙලි පිහියකින් පොඩි කෑලි කපා ට්‍රේ එකට දමා හොදින් පාට මිශ්‍ර වෙන්න කලවම් කර ගන්න.
ඊට උඩින් ජෙලටින් මිශ්‍ර කරගත් මිල්ක්මේඩ් වත්කර ගන්න. ශීතකරනයේ තබා මුදවා ගන්න. මිදුනු පසු උඩින් ස්ට්‍රෝබෙරි රසැති ජෙලි වක්කර නැවත මුදවා ගන්න. හොඳින් මිදුනු පසු ලන්ච් ෂීට් එක පිටිං ගෙන ලෑල්ලක් මත තබා අවශ්‍ය ප්‍රමානයට කෑලි කපා ගන්න.

කැරමල් පුඩිං

මේක සාමාන්‍යයෙන් අපි වෙනද හදනවට වඩා ටිකක් වෙනස් විදියෙ රෙසිපි එකක්… milkmaid වලට අමතරව fresh milk දාලයි හදලා තියෙන්න.

අවශ්‍ය ද්‍රව්‍ය :
  • මිල්ක්මේඩ් ලොකු ටින් 1
  • ෆ්‍රෙශ් මිල්ක් 500 ml
  • බිත්තර 10
  • වැනිලා එසන්ස් 1 tsp
  • කැරමල් එක සදහා සීනි 100g පමණ
සාදන ක්‍රමය:

මුලින්ම සීනි කැරමල් කර පුඩින් භාජනයේ අඩියට දමා නිවෙන්න හරින්න.පසුව  බිත්තර ටිකක් beat කර ඉන් පසුව මිල්ක්මේඩ් සහ ෆ්‍රෙශ් මිල්ක් දමා හොදින් මිශ්‍ර කරන්න. පසුව වැනිලා එකතු කරන්න.අනතුරුව  සාදාගත් මිශ්‍රණය කැරමල් සහිත පුඩින් භාජනයට දමා විනාඩි 45ක් පමණ වාශ්පයෙන් තම්බාගන්න. නිවුනු පසු ශීතකරණයේ තබා අනිත් පැත්ත හරවා කෑලි කපා ගන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here