අවුරුද්ද එන්නේ අපිව කන්නද…?

woman-thinking-about-bills

අලුත් අවුරුද්ද කිව්වාම බොහොම දෙනක් කියන්නේ අවුරුද්ද එන්නේ අපිව කන්න… ඔබත් මේ සිතුවිල්ලේ සිටින කෙනෙක්ද? එහෙම නම් අවුරුද්ද ගැන සෘන සිතුවිලි හිතෙන් අයින් කර ගත්තොත් වඩාත් වැදගත්.

අවුරුද්දක් කියන්නේ අවම වශයෙන් අපේ සමාජ යුතුකම් මේ දිනය මුල් කර ගෙනවත් ඉටු කිරීමට අපිව පොළඹවන කාලපරිච්චේදයක්. මේ  කාලසීමාව අහම්බෙන් එන දිනයක් හෝ කාලයක් නොවයි. අපේ සාමාන්‍ය ජීවනරටාව අනුව හැම වසරකදීම යුතුකම් වෙනුවෙන් වූ අලුත් අවුරුදුකාලය එළැඹෙන බව අපි දන්නවා නම් ඒ වෙනුවෙන් පූර්ව සූදානම අත්‍යවශ්‍ය වෙනවා.

ජීවිතයට වෙනසක් විනෝදයක් අවශ්‍යයි යන මානසිකත්වයේ සිටීම වැදගත්…

අපි බොහොම දෙනෙක් උගුරට හොරා බේත් කනවා වගේ මොකක්ද ඔය අවුරුද්දක් කියන්නේ…ඒක තවත් එක දවසක් විතරයි කියල කියද්දී තවත් කෙනෙක් අවුරුදු වෙනුවෙන් ණය වෙලා තමන්ගේ ආර්ථිකය තුළ ප්‍රහ්න රැසක් ඇති කර ගන්නවා. අපි මේ අන්ත දෙකෙන්ම මිදෙන්න අවශ්‍යයි. අවුරුද්දක් වෙනුවෙන් වූ සූදානම නිසා අපි මානසිකව අලුත් වෙනවා. එහි වරදක් නැහැ. ඒ වගේම තමන්ගේ ශක්තිය අනුව අවුරුදු වෙනුවෙන් සූදානම් වීමත් වැදගත්.

ණය වෙන්න ඕනෑද…?

අලුත් අවුරුද්ද වෙනුවෙන් පූර්ව සූදානමක් වගේම සැලසුමක් අපි ළග තිබෙනවා නම් අවුරුදු වෙනුවෙන් ණය වෙන්න අවශ්‍ය නැහැ. අපි හෙමින් සීරුවේ මේ වෙනුවෙන් මුදල් හෝ කලින් අරගෙන තබා ගත හැකි තෑගි බෝග හෙමින් සීරුවේ තෝරා ගන්න පුලුවනි. එයින් හිතටත් විවේකයක්. නැත්නම් දුවන්නන් වාගේ සෙනග අස්සේ තිබෙන කලබගෑනියෙන් ඔබ හෙම්බත් වෙන්න පුලුවන්. ඒ නිසා අලුත් අවුරුද්ද වෙනුවෙන් තෑගි බෝග කල් තබාම ටිකින් ටික අරගෙන තබා ගන්න.

මුදල් වෙනුවෙන් මොකද කරන්නේ..?

සල්ලි තියෙනවා නම් හැමදාම අවුරුදු කියනවා වගේම අවුරුදු වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කරන්න නම් අත මිට හොඳට ගැවසෙන්න තිබෙන්න ඕන. රජයේ සේවකයන්ට නම් උත්සව අත්තිකාරම්වත් ලැබෙනවා. ඒ නිසා කාන්තාවක් විදිහට අලුත් අවුරුදු වෙනුවෙන් කැටයක හෝ බැංකු ගිණුමක කීයක් හෝ  මුදලක් අත මිට තිබෙන වේලාවට ඉතිරි කරන්න.දරුවන්ටත් කැටයක මුදල් එකතු කරල තමන්ට අවශ්‍ය දේ මිළට ගැනීමට අවස්ථාවක් දීම වැරැද්දක් නොවේ.

ගත යුතු දේ හිතන්න

අවුරුදු වෙනුවෙන් සාප්පු සවාරි යෑමට පෙරාතුව ගත යුතු දේ මොනවාදැයි සැලසුම් කරන්න. ඒ පිළියෙල කරන ලැයිස්තුවෙන්ද ඉතා අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය යන කොටසට අයත් භාණ්ඩ වෙනුවෙන් මුල් තැන දෙන්න. මිළ ගැන විමසිලිමත් වීම ඉතාම වැදගත්. ගෙවන මුදලට අදාල භාණ්ඩ වටිනාකමකින් යුක්තදැයි සංසන්දනාත්මකව ඇගයීමට පුලුවන්. අවුරුදු වෙනුවෙන් ගත යුත්තේ මොනවාද කියල මුලින්ම හිතන්න. දකින දකින දේ ගැනීමට යන ඔබට අවශ්‍යම දේ ගැනීම අමතක වෙන්න පුලුවන්. ඒ නිසා ගත යුතුම දේ වෙනුවෙන් ප්‍රමුඛත්වය දෙන්න.

බිල්පත් ආදිය පියවන්න

අලුත් අවුරුද්දට පෙරාතුව නිවසේ ජල , විදුලි සහ දුරකථන බිල්පත් පියවා දමන්න. අවුරුදු උණුසුම සමග ඔබේ මුදල් පසුම්බිය හිස්වෙන තෙක් ඔබටත් ඒ ගැන වැටහීමක් නොමැති නිසා අවුරුදු සාප්පු සවාරියට පෙරාතුව බිල්පත් සියල්ල ගෙවා දමන්න.

උයන පිහන දේ ගැනත් හිතන්න

අලුත් අවුරුදු වෙනුවෙන් වැය ශීර්ෂවලට පෙරාතුව ඔබ පිළියෙල කරන දේ ගැන හිතනන්. සමහර අවස්ථාවල අනවශ්‍ය ලෙසින් අමුද්‍රව්‍ය මිළට ගත්තද ඒවායිනි කරන දෙයක් නොමැතියි. ඒ නිසා මේ අමුද්‍රව්‍ය අපතේ යෑම ඔබට වලක්වා ගන්න පුලුවනි. ඒ නිසා හදන රසකැවිලි මොනවාද…පිළියෙල කරන බත්, වයංජන මොනවාදැයි පූර්ව ඇස්තමේන්තුවක් සකස් කර ගන්න. එවිට අපතේ යැම් වලක්වා ගැනීම කිසිම අපුහසුවකින් තොරව පුලුවන්.

අගුණ විදිහට ආහාර පිසින්න එපා

අද හැම පවුලකම රුධිරගත සීනි, කොලස්ටරෝල් ඇති පුද්ගලයන් සිටින නිසා ආහාර පිළියෙල කරන විට තෙල්, කිරි , සීනි ගැන සීමාවන් තබා ගන්න.

“අවුරුදු කෑවාට වඩා වැඩි වියදමක් අවුරුදෙන් පස්සේ බේත් වලට ගියා…” මේ විදිහට කියන්න අවසරයක් නොදෙන්න වග බලා ගත හැකියි. හැම දෙයකම සීමාවක් තබා ගන්න. අවුරුදු වෙනුවෙන් අපි හිස් මුදුනින් කටක් මවා ගත යුතු නැහැ. ඒ නිසා නිතරම පානයක් ඇතුව ආහාර සකස් කරන්න.එවිට අවුරුද්දේ පසුවිපාක ලෙසින් මෙවන් අහිතකර තත්වයන් ඇති නොවේ.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here