අවංකව ආදරේ කරා නම් එයා ඔයාව දාලා ගියාට දුක් වෙන්න එපා

0
6668

ආදරේ කියන්නෙ හරිම වෙනස් ⁣අත්දැකීමක්. මේ ලෝකෙ ඉන්න පොඩි දරුවගෙ ඉඳලා මහළුවිය ඉක්ම වූ වැඩිහිටියන්ගෙ පවා සෑම කෙනෙක්ම ආදරේ කියන දේ උපරිමයෙන් බලාපොරොත්තු වෙනවා. දරුවන් දෙමාපියන්ගෙන් ආදරය ලබද්දි තරුණ තරුණියන් යෞවන වියෙහි ආදරය සොයා යනවා.ඉතින් දෙමාපියන්ගෙන් දරුවන්ට ලැබෙන ආදරයට එහා ගිය වෙනස්ම ආදරයක් තමයි යෞවනත්වය අතරෙ තිබෙන්නේ.
මෙන්න මේ යෞවන අවධියේ ඇති වන ආදරය හිමි වීම තුලින් වගේම අහිමි වීම තුලින් ද ඔබගේ සිතෙහි හට ගන්න ව්‍යාකූලත්වය ඔබ විසින්ම ගොඩ නගා ගන්න දෙයක්. ඉතින් ඔන්න ඔය ව්‍යාකූලත්වය වගේම සිතෙහි හට ගන්න වේදනාවත් ආදරේදි කරන හැම දෙනාටම පොදුයි.

ඇත්තටම ගොඩක් දෙනා තමන්ගෙ ආදරය අහිමි වීම තුලින් තම ජීවිතය පවා විඳවන තත්වෙට පත් වෙලා. ආදරයේ අහිමි වීම නිසා ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට ඇතැමුන් පෙළඹිලා සිටිනවා. නොකා නොබී තම ආදරය වෙනුවෙන් ඔබ ජීවිතයෙන් පවා වන්දි ගෙවන්නෙ ඔබට ඇත්තටම ආදරය කළ කෙනෙක් වෙනුවෙන් ද කියලා ඔබ මොහොතකට හරි හිතුවද?

ආදරය කියන්නෙ ගොඩක් පිවිතුරු බැඳීමක්. දෙදෙනෙක් අතරෙ හැඟීම්, සිතුවිලි, අවංකකම එකතු වෙලා හිත් දෙකක එකතු වීමක්. ඉතින් ඒ පිවිතුරු බැඳීම වෙනුවෙන් දෙදෙනගෙන් එක් අයෙක් පමණක් තමන්ගෙ ආදරේට අවංක වෙලා වැඩක් නෑ. ආදරේ කරන්නෙ දෙන්නම නම් තමන්ගෙ හිතට එකඟව දෙදෙනම එකිනෙකාට අවංකව ආදරය කරන්න ඕන. ඒ වගේම තමයි    හදවතේ බැඳීම ගොඩක් ශක්තිමත්. ඒ ශක්තිමත් ආදරේ වෙනුවෙන් ඔබ කරන කැප කිරීම් නොතකා ඔබගේ ආදරේ අතහැර දමන පමණක් අය වෙනුවෙන් ඔබ ඔබේ වටිනාකම ඔබම විසින් නැති කර ගන්නවා නම් මේ ලෝකේ ඔබ තරම් අනුවණ කෙනෙක් නැති තරම්.

ඔබේ අවංකකමට, ආදරයට පිටු පා අතර මඟ ඔබව අතැර යන ඔබේ ආදරනීය පෙම්වතා, පෙම්වතිය වෙනුවෙන් ඔබ දුක් වෙනවා කියන්නෙ ඔබට ඔබේ ආදරය ඔබේ අවංකකම ගැන විශ්වාසයක් නෑ කියන එකයි. ඔබ යම් අයෙක්ට අවංකව ආදරය කරා නම් කවරදාකවත් ඔබේ ආදරේ බාල්දු වෙන විදියට ඔබව අතැර ගිය කෙනෙක් පසුපස යන්න එපා. මොකද ඒ කෙනා ඔබට සැබෑවටම ආදරය කළා නම් කිසිම දිනක ඔබවත් ඔබේ ආදරේවත් අසරණ වන විදියට ඔබව හැර යන්නෙ නෑ. ඔබට සැබෑ ලෙසම ආදරේ කළ අයෙක්  ඔබ ආදරය ළඟ වැඳ වැටෙන තුරු බලන් ඉන්නෙත් නෑ. කිසිම දිනක ඔබේ නෙතට කඳුලක් දෙන්නෙ නෑ වගේම ඔබේ හදවත හඩා වැටෙන ලෙස ක්‍රියා කරන්නෙ නෑ.

ඉතින් මොහොතක් හිතන්න, ඔබ අවංකව ආදරේ කරේ ඔබට අවංකව ආදරේ කරපු කෙනෙක්ටද. ඔබ අද  හඩා වැටෙන්⁣නෙ ඔබ ගැන මොහොතකට හරි හිතපු කෙනෙක් ගැනද? . ඔබ සතුටු වෙන්න ඔබ ගැන  ඔබගෙ අවංකකම ගැන වගේම ඔබේ ආදරේ ගැන.

හොඳම දේ හොඳම විදියට පහු වෙලා හරි ලැබෙනවා කියලා කතාවකුත් තියෙනවා නේ. ඉතින් ඔබටත් හොඳම ⁣දේ ලැබෙන්න කාලය ගත වෙන්න පුළුවන්. දුක් වෙන්න එපා කවදාවත් ඔබට නොලැබුන ඔබේ ආදරේ ගැන. ඇත්තටම ආදරේ කරන අය තමන් ආදරේ කරන කෙනා නැති කර ගන්නෙ නෑ. එයාව ලබා ගන්නයි කටයුතු කරන්නෙ. ඒ නිසා මින් පසුව නොලැබුන ආදරේ වෙනුවෙන් ජීවිතේ අපායක් කර ගන්නෙ නැතුව ඔබ ඔබ පිළිබඳ සතුටු වෙන්න.
මොකද ඔබට නොලැබුනේ ඔබට ආදරේ නොකරන කෙනෙක් වගේම ඒ  කෙනාට නැති වුනේ ඒ කෙනාට ගොඩක් ආදරේ කරපු කෙනෙක් වෙන්න පුළුවන්.

අවංකව ආදරේ කරපු ඔබ ඔබේ ආදරේ ගැන හිතලා දුක් නොවී ජීවිතය විඳින්න උත්සාහ කරන්න. ඔබත් ඔබේ ආදරේට බොරුවක් කළා නම් ඔබ දුක් වෙයි ඒ ආදරේ ඔබට නැති වුනේ ඔබෙත් වැරදි නිසාවෙන් කියලා. නමුත් අවංකව ආදරේ කළා නම් කවදාවත් අතර මඟ දමා ගිය කෙනෙක් වෙනුවෙන් කඳුළු හෙලන්න එපා. එය ඔබ ඔබේ ආදරයට සිදු කරන තවත් එක් වරදක්.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here