ඔබත් කුඩා කල සිටම ඔබේ දරුවාටත් මේ ගුණාංගයන් පුරුදු කරන්න

ඔබත් කුඩා කල සිටම ඔබේ දරුවාටත් මේ ගුණාංගයන් පුරුදු කරන්න

මව් පදවිය කියන්නෙ මෙලොව කාන්තාවකට හිමි වන වටිනා අවස්ථාවක්.ඉතින් මේ ලෝකෙ සිටින මා පියවරුන්ට තියෙන වටිනාම වස්තුව වෙන්නෙ තමන්ගෙ දරුවො. කුඩා වියේ සිටම තම  දරුවන් ගුණ ගරුක  හොඳ නරක හදුනන අය කරන්න අපේ දෙමාපියන් ගොඩක් දේවල් කරනවා. ඉතින් මම අද කියන්න හිතුවා කුඩා වියේ සිටම ඔබේ දරුවාත් හරි පාරට ගන්නෙ කොහොමද ? අපි අපේ දරුවන්ට හුරු කළ යුතු ගුණාංග මොනවද? කියලා.

  • සෑම ක්‍රියාවක් අවසානයේදීම ඔබේ දරුවාටත් අත් සේදීමට පුරුදු කරන්න.
    ඇත්තෙන්ම කිව්වොත් කුඩා වියේ පසුවන අපේ දරුවන් හැම දෙයක්ම අල්ලන්න කරන්න කැමතියි. ඉතින් මේ විදියට යම් යම් දේවල් අතපත ගානවා කියන්නෙ අපේ දරුවන් විෂ බීජ එක්ක නිතර දෙවේලේ ගණුදෙනු කරනවා කියන එක. ඉතින් මේ බැක්ටිරියා කාරක විෂ බීජ නිසා දරුවන් ලෙඩ වෙන්න වුනත් ඉඩ තියෙනවා. ඒ නිසා මොන දෙයක් කරත්.අඩු තරමේ ගමනක් ගිහින් ගෙදරට අාවා වුනත් දරුවාට අත් දෙක හොදින් සේදීමට පුරුදු කරන්න. ඔබටත් පුළුවන් මෙය නිතර නිතර සිදු කරන්න එයින් ඔබේ දරුවාත් ඔබව අනුගමනය කර එම හොඳ පුරුද්දට හුරු වේවි.
    ඒ වගේම ආහාර ගැනීමට ප්‍රථම හා ආහාර ගත් පසුවද හොදින් සබන් දා අත් සේදීමට දරුවාව හුරු කරන්න.
  • වැඩිහිටියන් හට ගරු කල යුතු ආකාරය කුඩා වියේ සිටම ඔබත් ඔබේ දරුවාට කියා දෙන්න.
    කවදා හරි දවසක ඔයාලා වයසට යනවා.එදාට අපේ පිහිටට ඉන්නෙ අපේ දරුවො. ඉතින් අද සමාජය එක්ක බැලුවම වැඩිහිටියන්ට ගරු කිරීම නම් නොවෙනා තරම් මොකද තම දෙමාපියො බලු කූඩු වල සිර කරන කාලයක් බවට අද පත්වෙලා. ඇයි මෙහෙම වෙන්නෙ. නමුත් අපි වැඩිහිටියන්ට ගරු කිරීම වැඩිහිටියන් සැලකීම වැනි යහපත් පුරුදු කුඩා කල සිටම දරුවාට කියා දිය යුතුයි. එහෙම වුනොත් අපේ ළමයි අපව නම් කූඩු වල සිර කරන එකක් නෑ. ඒ වගේම ඔබේ මාපියන්ට, ඔබේ වැඩිහිටි නෑදෑයන්ට, ගුරුවරුන්ට  මේ සියලු දෙනාට ඔබේ දරුවා ලවා නමස්කාර කරවන්න. එවිට ඒ යහපත් ගුණාංගය සෑමදාටම ඔබේ දරුවා සිදු කරාවි.එයින් වැඩිහිටි වන්දනාව ඔවුන් උගනීවි.
  • ඔබත් ඔබේ දරුවාට නිවැරැදි ලෙස ආහාර ගැනීමට කියා දෙන්න.
    ජීවිතේ එක් වැදගත් දෙයක් තමයි ආහාර පුරුදු කියන්නෙ. කුඩා කල සිටම අපි අපේ දරුවන්ට හරි දේ කියා දුන්නොත් කවදා හරි සමාජයට ගියපු දවසකත් එයාලා ඒ පුරුදු පිළිපදීවි. ඉතින් කුඩා කල සිටම දරුවාට කියාදිය යුතු තවත් එක් දෙයක් තමයි නිවැරැදි ලෙස ආහාර ගන්නා විදිය. කෑම කනවිට කථා නොකොට, ශබ්ද පිට නොවන ආකාරයෙන් කෑම ගත යුතුයි. ඒ වගේම පිගානෙ තියෙන ඉවත ලන දේවල් කනවිටදි පිගානෙ එක් පසෙකින් තියා ගෙන කොනින් කොනට කෑම කන්න දරුවාට හුරු කරන්න.
  • නිවැරැදි වචන හුවමාරුව දරුවාට කුඩා කල සිටම හුරු කරන්න
    අපේ දෙමාපියන් කියන කරන දේවල් තමයි අපේ දරුවන් කරන්න කියන්න යන්නෙ. ඉතින් ඔබේ දරුවාටත් කුඩා කාලයේ සිටම හරි දේ පමණක් කථා කිරීමට කියා දිය යුතුයි. මොකද කුඩා කාලයේදී අපි හරි දේ කථා කිරීමට අපේ දරුවාට කියා නුදුන්නොත් කවදාහරි ඒ ළමයි සමාජෙට ගියාට පසුව කථා කරන වචන අනුව සමාජෙන් කොන් වෙන්න වුනත් ඉඩ තියෙනවා. ඒ නිසා දරුවාට හරි දේ කතා කරන්න පුරුදු කරන්න .
  • සෑම විටම සත්‍ය කතා කිරීමටත් හරි දේ කිරීමටත් කියා දෙන්න.
    කුඩා වියේ සිටම ඔබේ දරුවාට සත්‍ය දේ කියන්නත් හරි දේ මොකක්ද කියලා පෙන්වලා දී ඒ දේ කරන්නත් කියා දෙන්න. මොකද අපි කවදා හරි සමාජෙට දායාද කරන්න ඕන සත්‍යවාදී ගුණ ගරුක හොඳ පුරවැසියෙක්. සත්‍ය මොකක්ද කියලා අපේ  දරුවන්ට කුඩා කාලයේ ඉඳන්ම කියා නොදුන්නොත් පහු වෙද්දි ඕනෑම නරක වැඩක් කිරීමට ඔවුන් පෙලෙඹෙන්න පුළුවන්.
  • පිරිසිදු බව හා ඒ සඳහා කලයුතු දේ හුරු කරන්න.
    ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමට දිනපතා පිරිසිදු වී සිටිය යුතු බවත් පිරිසිදු බවේ අගයත් ඔබේ දරුවාට කියා දෙන්න. දිනපතා උදෑසන හා රාත්‍රියට දත් මැදිය යුතු බව කියන්න. එමෙන්ම නෑම, ඇඟ සේදීම පිරිසිදු ඇදුම් ඇදීම වැනි ගුණාංගයන් සදහා දරුවාව හුරු කරන්න.

මෙම හොඳ පුරුදු ඔබත් සිදු කරන්න එවිට ඔබේ දරුවාද ඔබේ මාර්ගයේ ගමන් කරමින් එම යහපත් ගුණාංගයන් වෙතට හුරු වේවි. කුඩා වියේ     සිටම හරි දේ දරුවන්ට කියා දීම ඔබේ යුතුකමක් වගේම වගකීමක්.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here