යෝගා….හිතනවාටත් වඩා අපූරුයි

යෝගා....හිතනවාටත් වඩා අපූරුයි

ඉන්දියානු  සංස්කෘතිය, කෘෂිකර්මාන්තය සමඟ  බැඳී  ආ  යෝගා , කෘෂිකර්මයේ  සීසෑම  මෙන්  එකිනෙක බැඳී  පවතින්නක්. යෝගා, මනස , ශරීරය සහ ආත්මය  සමඟ  බැඳී  පවතිනවා.බොහෝ දෙනෙක් කියන්නේ  යෝගා ජීවිතය  වෙනස්  කරන, අලුත්  කරන වාසිදායි ව්‍යායාමයක්  කියලයි. ඒවගේම  සම  පැහැපත්  කර  ඔබව  තවත්  සුන්දර  කරන්නත්  යෝගා වලට  පුළුවන්.ව්‍යායාමයකටත් එහා  ගිය  අපූරු වින්දනයක් ලැබෙන  මනස  පුබුදුවන  යෝගා ඔබ  කලයුත්තේ මේවගේ  හේතු  නිසා…. බලන්න…යෝගා අපි  හිතනවටත් වඩා කොයිතරම්  සැහැල්ලුවක්  ගෙනදෙනවද  කියලා?…..

1.යෝගා ඔබේ ආත්ම  විශ්වාසය  වැඩිකරනවා.
ආත්ම ශක්තියෙන් ඉදිරියට වැඩ කරගෙන යන්න යෝගා ඔබට  උදවුවක් වෙනවා.මිනිසුන් කැමති ආත්ම විශ්වාසයෙන් වැඩ කරන අයට . කායිකව ගත්තොත් ඔබේ උරහිස්,පසුපස ශරීර හැඩය, පිරිපුන් බව වැඩිකරන්න යෝගා වලට  හැකියි.ඒවගේම එමඟින්  හැමවිටම ඔබ කෙලින් වැඩකරන්න  මනසක්  ඇති කරගන්නවා වගේම යෝගා  ඔබේ ආත්ම අභිමානය පවා වැඩිකරනවා.

2.යෝගා  ඔබේ  ශරීරයේ  විෂහරණය  කරනවා
යෝගා ඔබේ රුධිර සංසරණය වර්ධනය කර පිරිසිදු කරන නිසා එමඟින් විෂ සහිත දේවල් ඔබේ සිරුරෙන් ඉවත්වෙනවා.එනිසා සිරුර ශක්තිමත් වී ඔරොත්තු දීමේ හැකියාව වැඩිකර ඔබේ සම පැහැපත් කරනවා.

3.යෝගා ඔබේ මානසික පීඩනයත් අවම කරන බව ඔබ දන්නවද?

ඔබේ හැසිරීම් වලින් ඔබ කෙතරම් පීඩනයකින් පසුවෙනවද යන්න කෙනෙකුට තීරණය කරන්න පුළුවන්.ඔබේ මුහුණෙන්, වෙහෙස මහන්සිය නිසා ඔබේ මුළු පෙනුම ම පෞරුෂත්වය වෙනස්කරනවා, ඒ නිසා ඔබේ ශරීර බරත් වැඩිවෙන්න පුළුවන්.ශ්වසන ව්‍යායාම සහ ඉරියව් මඟින් ඔබට මානසික පීඩනය අවම කරගන්න පුළුවන් වෙනවා. එයට යෝගා හුඟක් උපකාර කරනවා.ඔබේ මනස නිරවුල් වෙනවා නම් ඔබේ පෙනුමත් ඉබේම ලස්සන වෙනවනේ.

4.හැමදේකින්ම හුඟක් ප්‍රවේසම් වෙන්න යෝගා උදව් කරන බව ඔබ දන්නවද?
යෝගා කරන අයට  සාමාන්‍යයෙන් ජීවිතය පිලිබඳ  හොඳ අවබෝධයක් ඇති අතර තමා වටා සිදුවන දේ පිලිබඳ හොඳ අවධානයකින් ඔවුන් පසුවෙන්නේ.ජීවිතය ගැඹුරින් දකින්න ඔවුන්ට පුළුවන්. හේතුව වන්නේ මනස නිරවුල් කරන යෝගා ඔබ කරන්න සියල්ල පිලිබඳ ඔබට හොඳ දැක්මක් ලබාදීමයි.

5.යෝගා ඔබට පැහැපත් සුන්දර සමක් ලබාදෙනවා.
සමහර යෝගා ඉරියවු ඔබව ලස්සන  කරන්න උදවුකරනවා.රුධිර සංසරණය වේගවත් කරනවා වගේම කෙනෙකුගේ ඇතුලාන්තයෙන්ම ලස්සන මතුකරන්න සමත්වෙනවා.සෛල කරා ඔක්සිජන් වැඩියෙන් ගමන් කරන්නට යෝගා ඉරියව් වලට පුළුවන් නිසා සම සියුමැලි නොවී පැහැපත්ව පවත්වාගන්නත් හැකිවෙනවා.

6.යෝගා වලින් තියෙන තවත් වාසියක් තමයි බර අඩු කරන එක.

ව්‍යායාම අතරෙන් සරලවම වැඩි වෙහෙසක් නොගෙන කරන්න පුළුවන් ව්‍යායාමයක් තමයි යෝගා.යෝගා කරනවිට ඔබේ හෘද ස්පන්දය වඩා ක්‍රමවත් කරන නිසා දිවීමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ පවා මෙහිදී ලැබෙනවා.ඔබේ සිරුර කෙට්ටු වෙනවා වගේම අනවශ්‍ය මේදය ඉවත් වෙන නිසා ලස්සන හැඩයක් සිරුරට ලැබෙනවා.ඔබ හැමදාම යෝගා කරනවානම් ඉක්මනින් මේ වාසි ඔබට අත්විඳින්න පුළුවන්

7.ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියටත් යෝගා බොහෝ සෙයින් උපකාරී වෙනවා
ප්‍රතිශක්තිය වැඩිකරන එක යෝගා වල තියෙන හොඳම වාසියක්.යෝගා ඉරියව් සහ ව්‍යායාම ශරීර ක්‍රියාවලිය ක්‍රමවත් කරන නිසා ලෙඩ රෝග වලට විරුද්ධව සටන් කරන්න සිරුර ශක්තිමත් කරනවා.

8.ඔබේ නම්‍යශීලිත්වය වැඩිකරන්නත් යෝගා වලට පුළුවන්.
සැහැල්ලු සිරුරක් ලබාගන්න අපි කවුරුත් ආසයි .යෝගා කරන ආකාර අනුව, ඉරියව් පවත්වාගන අයුරෙන් මාංශ පේශීන් වලට හොඳ ව්‍යායාමයක් ලැබෙනවා.එයින් ඔබේ සිරුර නම්‍යශීලී වෙනවා.වැටීම්,සීරීම් වලින් වැලකි සිටීමට එය ඔබට උපකාර කරනවා.මොකද නම්‍යශීලී සිරුරකට  හානිවීමේ බලපෑම අඩුනිසා.

9.තරුණ පෙනුමක් ගෙනදෙන යෝගා…
යෝගා වලින් ලැබෙන තවත් අපූරු වාසියක් තමයි තරුණ පෙනුම රැකදෙන එක.කලින් කිව්වා වගේම යෝගා මනස සහ සිරුර යන අංශ දෙකම එක්ක බැඳී පවතින නිසා ඔබේ මනස සැහැල්ලුයි නම් සතුටෙන් නම් හිනාවෙන් ඉන්න ඔබේ මුහුණ හැමවිටම ඔබට තරුණ පෙනුමක් ගෙනදෙනවා.යෝගා කරන එක ජීවිතය යහපත් ලෙස වෙනස්කරනවා යැයි ගොඩක් අය කියන්නෙත් මේවගේ හේතු නිසා….

යෝගා වලට කැමතිද? මනස,සිරුර සහ ආත්මයම සැහැල්ලු කරන්න යෝගා වලට පුළුවන් කියලා ඔබට පේනවා ඇති.තරහව.කෝපය පවා පාලනය කරගන්න ඔබට යෝගා හොඳ මිතුරෙක් කරගන්නත් පුළුවන්.ලස්සනට,සැහැල්ලුවෙන් ඉන්න කවුද අකමැති නේද?

 

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here