යුවතියනි, ප්‍රේමයේ නාමයෙන් , කාමයෙන් මුලා නොවන්න

0
6694
girl-and-boy-with-love

තම දිවි හිමියෙන් පෙම් කල පෙම්වතා දවසක ඔබට එරෙහි වුවහොත් ඔබට එය දරා ගත හැකිද? අද සමාජයේ එවැනි පෙම්වතුන් සිටිති. චිත්‍රපටිවල, නවකතා වල සිටින පෙම්වතුන් සැබෑ ලෝකයේ නැත. මේ සත්‍යය තේරුම් ගන්නේ ඉතාමත් කිහිප දෙනෙකු පමණි. සැබෑ තතු අවබෝධ කර ගැනීමට නොහැකි වුවහොත් ඔබේ ජීවිතය අකාලයේ විනාශ වනු ඇත. අද වන විට බොහෝ පෙම්වතුන් තම පෙම්වතිය හැර ගිය පමණින් ඇය සමග සිදු කල සියල්ල අන්තර්ජාලයට මුදා හරින්නේය. එසේ සිදු කල විට ඇයට සිදු වන්නේ කුමක් දැයි අමුතුවෙන් කිව යුතු නොවේ.

ආදරේ කොට ඔහුව තමාට නොගැලපෙන්නේ නම් ඇයට ඔහුගෙන් ඈත් වීමේ අයිතිය තිබිය යුතුය. ආදරේ කල පමණින් විවාහ විය යුතු යැයි කිව හැකි නොවේ. එසේ වුවද යම් හෙයකින් පෙම්වතියට පෙම්වතාව හැර යන්න අවශ්‍ය වූ විටෙක පෙම්වතා ඒ හමුවේ ක්‍රියාත්මක වන්නේ ඉතාමත් නරක විදියටය. මෙමගින් සියලු පෙම්වතුන් එක හා සමාන යැයි කිව හැකි නොවේ. පෙම්වතිය පෙම්වතා හැර යන්නේ ඇයට ඔහුව අවශ්‍ය නොවන නිසාවෙනි. එවැනි අවස්තාව වල ඔහු ඇයගෙන් පලි ගන්නේ නම් එතන සැබෑ ආදරයක් නැත.

ආදරේ කරන කාලයේ ඇය හා කල සියල්ල අන්තර්ජාලයට මුදා හරිමින් ඔහු බලාපොරොත්තු වන්නේ ඇයට අපහාස කිරීමටය. ආදරේ කරන සමයේ බොහෝ කාන්තාවන් තම පෙම්වතා වෙනුවෙන් පතිවත වුව පුජා කිරීමට මැලි නොවේ. පුද්ගලයෙකුට වෙනස් වන්නට තප්පරයක්වත් ගත වන්නේ නැති බව කාන්තාවන් සේම පිරිමින් ද අවබෝධ කර ගත යුතුය.

කොතරම් ආදරය කල ද තම පෙම්වතා වෙනුවෙන් සියල්ල පුජා කිරීමට තරම් ඔබ මෝඩ වන්න එපා. ඔබ තම පෙම්වතා හා ඇසුරේදී සිමා මායිම් ඉකමවා නොයන්නට තරම් ප්‍රවේශම් විය යුතුය. ඔබට ආදරේ කරන පෙම්වතා නැවත ඔබට එරෙහි විය හැකිය. ප්‍රේමයේ නාමයෙන් කාමයෙන් මුලා නොවීමට වග බලා ගත යුත්තේ මේ නිසාය. විවාහ වුවාට පසුව නිදන කාමරයේදී සිදු විය යුතු ලිංගික සබදතා විවාහයට පෙර සිදු කරන්න එපා. එසේ සිදු කිරීමෙන් ඔබට තිබෙන වටිනාකම වුව හීන විය හැකිය. බොහෝ පෙම්වතුන් ලිංගික සබදතා ඇති කර ගෙන පෙම්වතිය අත්හැර දමන අවස්ථා අනන්තවත් අද සමාජයේ සිදු වේ. ආදරය කිරීමේදී Sex නැමැති කාරනාව මුළුමනින්ම අවශ්‍ය නැතැයි කිව නොහැකිය. නමුදු එයට සිමා මායිම් තිබිය යුතුය. විවාහයට පසු කල යුතු දේවල් විවාහයට පෙර සිදු කරන්නට යෑමෙන් මෙවෙනි ගැටළු පැන නැගේ. කාන්තාවක් වුවාම තම ආත්මගරුත්වය රැක ගනිමින් කටයුතු කල යුතුය.

අද බොහෝ ප්‍රේම සබදතා ඇරඹෙන්නේ ජංගම දුරකථන හරහාය. එසේ හමු වූ සැනින් ඔබ තවත් පුද්ගලයෙකු විස්වාස කරන්නේ කෙසේද? ජංගම දුරකතන වලින් ඇරඹෙන බොහෝ පෙම් සබදතා වල අවසානය කනගාටුදායකය. ඔබ ආදරේ කල පුද්ගලයා හා විවාහ වීමට නොහැකි වුවා යැයි සිතන්න. එවැනි විටෙක ආදරේ කල සමයේ කල සියල්ල ඔබේ පෙම්වතා විවහා වූ සැමියා සමග පැවසුවහොත් ඔබේ මුළු අනාගතයම විනාස වනු ඇත.

තම පෙම්වතියට දිවි හිමියෙන්ම ආදරේ කරන, ආරක්ෂා කරන පෙම්වතුන් අදටත් අප අතර සිටි. නමුදු එවැනි පිරිස් සීමාසහිතය. කාන්තාවක් කාමයෙන් මුලා වුවහොත් ගැටළු ගණනාවකට මුහුණ පාන්න සිදු වේ. ගැබ් ගැනීම්, ගබ්සා කිරීම්, ලිංගික රෝග , අපකීර්තිය වැනි ගැටළු හට ගැනේ. ඒ නිසාම කොතරම් තම පෙම්වතාට ආදරේ කල ද විවාහ ජිවිතයෙන් පසු කල යුතු දේවල් විවාහ ජිවිතයට පෙර සිදු නොකරන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here