සාර්ථකත්වය හමුවේ දියූණුවේ රන් දොරටුව හැර ගැනීමේ රහස්

සාර්ථකත්වය හමුවේ දියූණුවේ රන් දොරටුව හැර ගැනීමේ රහස්

සමාජය දිහා  බැලූ බැල්මට අද වන විට සමාජයේ පුද්ගලයන්ගේ තරාතිරම අනුව ඔවුනොවුන්ම තමාගේ තත්වය නම් කර ගැනීමට පෙලඹ ඇත. රජයේ සේවකයාගේ සිට රජ මැදුරේ අතුපතු ගාන කෙනා දක්වා එක් එක් තත්වයන්ට වෙන් කර ඇත. නමුත් මේ හැම දෙනාම ඉපදෙනවාත් සමඟ ඉහලට ගිය අයද නොවෙති. සියලුම දෙනා තම උත්සායෙන් හා කැපවීමෙන් යුතුව තම තමන්ගේ ස්ථාවරත්වය හදාගත් අය වෙති.
ඇත්තටම මේ ලොව තුල වෙසෙනා ඕනෑම කෙනෙක් දුකක් කරදරයක් නැතිව සැපෙන් කාලය ගෙවීමට කැමතිය. නමුත් තම තමන්ගේම ක්‍රියා අනුව ඔවුනොවුන් තමන්ගේ තත්වය නැති කර ගන්නා අවස්ථාද මේ සමාජය තුල නැතිවා නොවෙයි.  කොපමණ මිල මුදල් රජ සැප තිබුනත් අවසාන මොහොතේ අවසන් හුස්ම හෙලන්නට පවා ගෙයක් දොරක් අහිමි කර ගත් උදවිය ඇති තරම් සිටිති. සුරා සූදුව නිසාවෙන් සියල්ල අහිමි කර ගත්ත වුන්ට තම ජීවිතය පවා අවසානයේ අහිමිය.
එමෙන්ම මේ ලොව තුල වැඩි වශයෙන් රජ කම් කියන්නේ නොකළ යුතු වෙළදාම් කටයුතු කරනා උදවියයි. අවි ආයුධ , මත්පැන් , මත් කුඩු, සත්ව වෙළදාම වැනි  දේවල් තුලින් මිනිසුන් මුදල් ඉපයුවද ඒවා තාවකාලික  වත්කම් වේ. අනුන්ට ගිනි දී උපයා ගන්නා දේවල් ස්ථීර නොමැත.
ඉතින් මේ හැම දේකින්ම මිදී  යහපත් ආකාරයෙන් හිතේ හයියෙන් දියූණු වීමට අප සියලු දෙනාටම පුළුවන. දියුණු වෙන්න උත්සහා කරනා ඔබ සැමට මෙම ලිපිය අත්වැලක් වේයයි මා සිතමි.

දියුණුවේ මුල්ම රහස උදෑසන අවදි වීමය. කම්මැලියාට දියූණුවක් නැත ඔහු තුල ඇත්තේ තවකෙක් සූරා කෑමය. නමුත් කම්මැලි වී දියුණුව කරා ලගා වීමට නොහැක  එම නිසා උදෑසන පිබිද  ඔබත් දිනපතා අධිෂ්ඨාන කර ගන්න ඔබ යා යුතු ගමන ඔබ අනිවාර්යයෙන්ම යන බව. එය සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකටද මඟක් වේවි.  ලොව ඉහළ සාර්ථකත්වයක් ලබා ගත් බොහෝ දෙනා පවසන්නේ තමන්ගේ ගොඩක් වැඩ වලට සුදුසුම කාලය උදය වරුව වන බවය.  අධ්‍යාපනය ලබන දුවා දරුවන්ට පවා තම පාඩම් කටයුතු වලට හොදම කාලය වන්නේද උදෑසන කාලයයි.
උදෑසන නැගිටින ඔබ හොද වතුර වීදුරුවක් බී ඔබගේ දවස සැලසුම් කරන්න.  ඔබ එදා දවස තුල කළ යුතු මොනවාද යන්න වගේම ඔබගේ ඉලක්කය මොකක්ද යන වග සිහියට නගා ගන්න. ඔබට යෙදී තිබෙන රාජකාරි තම උපරිම උත්සායෙන් කිරීමට ශක්තිමත් වන්න.  එමෙන්ම ඔබගේ ජීවිතය තුල ඔබ විසදිය යුතු ගැටලු එදාට එන ප්‍රශ්න එදා දවස තුලම නිරාකරණය කර ගන්න.

ඔබගේ දියූණුවට තව එක් රහසක් තමයි මනසින් ඔබ උසස් පුද්ගලයෙක් වීම.එය හැමෝටම කරන්න බැහැ නමුත් උත්සහා කලොත් බැරි වෙන්නෙත් නෑ. ඒකට ඔබට කරන්න තියෙන්නෙ සුළු දෙයක්. ඔබ උදෑසන අවදි වූවාට පසුව  තම අසුනේම හිද ගනිමින් විනාඩි 10ක පමණ  භාවනා යෝගීව තමන්ගේ ජීවිතයේ සියල්ල මෙනෙහි කරන්න. එය ඔබ මිල මුදල් වලින් මෙන්ම මනසින් ද දියුණු කෙනෙක් බවට පත් කරාවි.
කිසිවිටක කෝපයෙන් කිසිම දෙයක් දිහා බලන්න එපා. ඔබට තරහා ගිය අවස්ථාවක වුනත් හැකි නම් අනෙක් අයගෙන් දුරස්ව කෝපය පාලනය වන තුරු තනිව ඉන්න උත්සහා කරන්න.
ඒ වගේම තමයි සෞඛ්‍ය සම්පන්න උදෑසන ආහාර වේලක් ලබා ගන්න. මොකද මොනවා කරන්නත් අපි කෙලින් ඉන්න එපැයි නේද ?. ඔබ ලබා ගන්නා උදෑසන ආහාර වේල  ඔබව දවසේ කාර්යන් මනාව ඉටු කිරීම සදහා හැඩ ගස්සාවි. මොකද බඩ ගින්නෙ වැඩ කරද්දි ඒ රාජකාරිය හරියට කර ගන්න ගතටත් හිතටත් ශක්තියක් නෑ.
ඔබට වේලාවක් ලැබෙන සෑම මොහොතකදිම හැකි නම් ඇස් දෙක පියා ගෙන මුල සිට ඒ දක්වා ඔබ කළ දෑ පිළිබඳව සිහියට නගන්න. යම් තැනකදී ඔබට අමතක වූ දෙයක් ඇති නම් එය ක්‍රියාවට නංවන්න. ඔබට ගැටලුවක් අැත්නම් එය මනසින් විසදීමට උත්සහා කරන්න.

දිනපතා ඔබ ලද සාර්ථකත්වය ගැන සිහිපත් කරන්න. සෑම දෙයක් පිළිබඳව ධනාත්මක චින්තනයෙන් බලන්න.  සෑම විටම හොදම දේ පමණක් ජීවිතයට ලං කර ගැනීමට උත්සහා වන්න.
දිනපතා උදෑසන අවදිවී බුදු පහණ දෙස බලා තම වැඩ කටයුතු ආරම්භ කරන්න. අද  මගේ සියලු කටයුතු සාර්ථක කර ගැනීමට හැකි වේවා කියා අධිෂ්ඨානයෙන් යුතුව ගෙදරින් එළිය‍ට බහින්න.
ඔබ කිරීමට අකමැති දේවල් ඇති නම් ඒවායෙන් දවස අරඹන්න. මොකද බැහැ කියලා අතහැර දාන්නෙ ගොඩක් ලේසියිනේ කිරීමට හැකි දේවල් වෙන්න පුළුවන්. අපි අතහැර දැමුවත් ඒවා කවදා හෝ සිදු කරන්න ඕන. ඉතින් සිතට සහනයක් ලබන්නත්  ඒ    වගේ ඒවා  කරන්න අපි කායිකව මානසිකව ශක්තිමත් වෙන්න ඕන  නේද.

ඔබත් අද ඉදන්ම මේ දේවල් ඔබේ ජීවිතේටත් එකතු කර ගෙන සාර්ථක කෙනෙක් ලෙස ලෝකයට පිය    නගන්න උත්සහාවන්ත වන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here