ඔබත් මමත් සොයනා ආදරය

ඔබත් මමත් සොයනා ආදරය

ආලෝකය නැති විට සෙවනැල්ලත්  පිටුපාන ලෝකයේ පිටු නොපා හැර නොයන එකම දෙය නම් සැබෑ ආදරය පමණි.  මා මෙසේ පැවසුවද සමහර උදවිය නම් එයට එකඟ නොවන බව මම දන්නවා. හැබැයි මම පැවසුවේ සැබෑ ආදරය ගැන. ඇත්තටම මොකක්ද ඔබත් මමත් සොයන මේ ආදරය.

විටෙක…
නුඹ දුරයි  ක්ෂිතිජය සීමාව වගේ
විටෙකදි…
නුඔ මා දෑත මත පිපි මලක් වගේ
අරුත සොයනා මා ගවේෂකයකු ද ලොවේ
ආදරය නිසා කවියෙක් වුනා වගේ

ආදරය… සමහරුන්ට අනුව ආදරය වරදක්. තවත් සමහරුන්ට අනුව ආදරය වේදනාවේ පදනමයි. කෙසේ වෙතත්  සියලුම දෙනා ප්‍රාර්ථනා කරනු ලබන්නේ අවංක වූ දුකක් නොමැති ආදරයකි. ඔබටත් මටත් අවංක ආදරයක් ලබන්න නම් ආදරය වෙනුවෙන් අපද ‍බොහෝ කැප කිරිම් කල යුතුය. නමුත් අප සියල්ලෝ පෘථග්ජන මිනිසුන් වෙති. ආදරය වෙනුවෙන් මොන තරම් පරිත්‍යාග  කැප කිරීම් කලද කාලයත් සමග සමහරුන්ගේ  සිත් වෙනස් වන්නේ සිතා ගැනීමට වත් නොහැකි ලෙසය.  සිනහව මුවගට එක් කිරීමට හැක්කේ මා කියූ ලෙසට අවංක හදවතකට පමණි. නැතිනම් දෝර ගලනා කදුළු බින්දු දෙකම්මුල් තෙත් කරති. අවසානයේ බොදව ගිය මතකය පමණක් ඉතිරි වෙති.
මා මේ කථා කලේ යොවුන් හදවත් තුල ඇති වන ආදරය පිළිබඳවය. ආදරය කිව් සැනින් අපේ තරුණ පරපුර සිහි ගන්වන්නේ ඔහු හෝ ඇය උදෙසා සිත තුල හටගත් ප්‍රේමයයි. නමුත් ආදර සීමා වන්නේ පෙම්වතියකට පෙම්වතකුට පමණක්ම නොවේ.

මවක් නූපන් දරුවා වෙනුවෙන් දක්වන සෙනෙහස ද ආදරයයි. පියෙක් තම ලේයින් උපන් සිගිත්තන් වෙනුවෙන් දක්වන සතුට තුල ගැබ් වන්නේද ආදරයයි. සිය සහෝදර සහෝදරයින් එකිනෙකා වෙනුවෙන් බැදී සිටීම තුල ඇත්තේද ආදරයයි.
අප සමාජය තුල පමණක් නොව සත්ව සමාජය තුලද ආදරය නම් වූ භාජනය පිරී ඉතිරී යන්නට ඇත.  පෙර බෝසත් දවස ලේන් මවක් තම ලේන් දරුවාට දැක්වූ අපරිමිත ආදරය නිසා මහ සාගරයක් හිස් කිරීමට තරම් උත්සහාවන්ත වූවාය. මෙය නම් සැබෑ ආදරයයි.

අද සමාජයේ ආදරය යනු රාගයයි.  රාගය, කාමය නැති තැන ඔවුන් ආදරයක් නොදකිති.  නමුත් ආදරයේ නාමයෙන් විවාහයට පෙර තම පෙම්වතිය කෙලසන කෘර සමාජයක වෙසෙන කාන්තාව ආදරය නම් වූ දෙය බොහෝ සෙයින් ප්‍රාර්ථනා කරති . ආදරය නොලැබෙන තැන තම ජීවිත වලින් පවා වන්දි ගෙවීමට ඇතැමුන් තැත් දරයි.
සුන්දර වචනය තුල අසුන්දර තැන් පිරි අවස්ථා ද එකිනෙකාගේ ජීවිත දෙස බැලූ කල සොයා ගත හැකිය. එකිනෙකාගේ කෝණයෙන් බැලූ කල ආදරයට එක එක මාදිලියේ නිර්වචන යොදා ඇත. නමුත් නියම ආකාරයට ආදරය දෙස බලා එය නිර්වචන කර ඇත්තේ සහෘද ගීත රචකයා පමණි.
නමුත් අප සියලු දෙනා සොයන ආදරය නිර්වචන වලට ගීත වල හෝ ටෙලි නාට්‍ය චිත්‍රපට වලට සීමා නොවූ ආදරයකි.  අවංක හදවත් ඇත්තවුන්   මේ ලොව සොයා ගැනීමට අපහසුය.  සමහරුන් ආදරය කරනු ලබන්නේ ලස්සනටය.තවත් සමහරුන් දේපළ මිල මුදල් උදෙසා ආදරය කරති.
නමුදු ආදරය මුදලට ගත නොහැකි ආත්මීය බැදීමකි. මා දකින පරිදි ආදරය යනු හිත තුල යම් කෙනෙක් වෙනුවෙන් උපදින සංසාරගත පුරුද්දකි.

සිදුහත් කුමරුන් සංසාරික ජීවන ගමන් මග තුල ප්‍රාර්ථනා කරන ලද එකම ආදරය යශෝදරාවය. ඇයද එසේය. ඒ ආදරය තුල ඇත්තේ පරිත්‍යාගයයි. එය සැබෑ ආදරයයි.
සැබෑ ආදරය තුල ඇත්තේ  අනෙකා වෙනුවෙන් කළ හැකි කැපකිරීම් හා පරිත්‍යාගයයි. නැතිනම් ලබා ගැනීම ආදරය තුල නොවෙති .
සෑම පිරිමියෙක් හටම යශෝදරාවක් වීමට ඔබට හැකි නම් සැබෑ ලෙස ඔහු සිදුහත් කෙනෙකු වීම සිහිනයක්  නොවෙති.  සැබෑ ආදරය තුලින් ඔබ ඔබ මෙන්ම අනෙකාවද දැකීමට පුරුදු වන්න. දුකක් නැති ලස්සන ආදරයකට මුල පුරන්න එදාට ඔබටත් හැකි වේවි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here