ජුනි මාසයේ හොඳම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස්

0
2834
best_apps_june

1 – Macrodroid

Macrodroid_app

Macrodroid කියන්නේ ඔයාගේ දුරකථනයේ ඇති apps සහ settings තමන්ට අවශ්‍ය වේලාවක හෝ අවශ්‍ය තත්වයක් යටතේ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කරවීමට පහසුකම් සලසා දෙන ඇප් එකක්. උදාහරණයක් ලෙස ඔයාට යම් වේලාවකට ඔයාගේ දුරකථනය silent mode එකේ පැවැත්වීමට අවශ්‍ය යැයි සිතන්න. එවිට Macrodroid ඇප් එක මඟින් අවශ්‍ය වේලාව තෝරාගෙන අනතුරුව silent mode යන්න තෝරා එම කාර්යය ස්වයංක්‍රීව සිදුවීමට සැලැස්විය හැකිය. එමෙන්ම ඔයාට යම් ස්වයංක්‍රීය කළ අංගයක් battery low අවස්ථාවක ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නොවේ නම් ඒ බවද Macrodroid ඇප් එකට දැන්විය හැකි වීම විශේෂ අංගයකි.

Link : https://play.google.com/store/apps/details?id=com.arlosoft.macrodroid

2 – Feedly

Feedly_app

Feedly කියන්නේ ඔයා කැමති Blog සහ Web sites වලට අළුතින් එකතු කරන ලිපි ඒ වෙබ් අඩවි වලට පිවිසීමෙන් තොරව බලාගැනීමට හැකියාව සලස්වන ඇප් එකක්. ඔයාට කරන්නට තියෙන්නේ ඔයා කැමති Blog සහ web අඩවිවල ලිපින මේ ඇප් එකට ඇතුළත් කරන එක විතරයි. ඉතිරි සියල්ලම මේ ඇප් එක විසින් සිදුකරයි.

Link : https://play.google.com/store/apps/details?id=com.devhd.feedly

3 – Quick reply

Quick reply app

Quick Reply ඇප් එකෙන් ඔයාගේ Phone එකට Text Message එකක් පැමිණිවිට එම Text Messaging app එකට පිවිසීමෙන් තොරව එම පණිවුඩයට reply කරන්න ඉඩ සලසා දෙනු ලබන එකක්.

Link : https://play.google.com/store/apps/details?id=com.jamworks.quickreply

4 – Dango

Dango app

Dango කියන්නේ ඔයා SMS එකක් ටයිප් කරනවනම් ඒ ටයිප් කරන දෙයට අදාළව emojis, GIF Animations ලබාදෙන ඇප් එකක්. මේ ඇප් එක සතුව ඇති විශේෂත්වය තමයි ඔයා SMS යවන ඇප් එක තුළ සිටම මෙම ඇප් එකේ සියලුම පහසුකම් භාවිතාකරන්න පුළුවන් වීම. ඒ වගේම මේ ඇප් එකේන ඔයාගේ පෞද්ගලික තොරතුරු කිසිවක් ගබඩා කරගන්නේ නැති නිසා පෞද්ගලිකත්වය පිළිබඳවත් කිසිදු ගැටලුවක් ඇති කරගැනීමටද අවශ්‍ය නැත.

Link : https://play.google.com/store/apps/details?id=co.dango.emoji.gif

5 – Boomerang Notifications

Boomerang Notifications app

මේ ඇප් එකෙන් ඔයාගේ phone එකට එන notifications ඔයාට බැලීමට නොහැකි කාර්ය බහුල අවස්ථාවක ඒවා ගබඩා කරගෙන පසුවට බැලීමට ඉඩ සලස්වා දෙයි.

Link : https://play.google.com/store/apps/details?id=comsc.cardiff.ac.uk.boomerang

6 – Good Morning Alarm Clock

Good Morning Alarm Clock app

Good Morning Alarm clock කියන්නේ වෙනස්ම විධියක alarm clock එකක්. මේ alarm clock ඇප් එක මඟින් ඔයාගේ චලනයන් පිළිබඳව සෙවිල්ලෙන් සිටින අතර ඔයා නැගිටින්න හොඳම වේලාව මේ ඇප් එක මඟින් තීරණ කරනවා.

Link : https://play.google.com/store/apps/details?id=com.apalon.alarmclock.smart&hl=en

7 – Whisper

Whisper app

Whisper කියන්නේ දැනට ලෝකයේ ජනප්‍රියම ඇප් වලින් එකක්. මේ ඇප් එක සමහර අයට තමන්ගේ හොඳම යහලුවාට හෝ යෙහෙළියට සමානයි. ඒකට හේතුව තමයි මේ ඇප් එක ඔයාගේ පෞද්ගලික තොරතුරු කිසිවක් ලබාගැනීමෙන් තොරව වෙනත් අයට කියන්නට අපහසු රහස් පවා මෙහි නිර්නාමිකව post කළ හැකි වීමයි. ඉන් අනතුරුව මේ ඇප් එක භාවිතකරන අනික් users ලා ඔබේ ගැටලුවට පිළිතුරු ලබාදෙයි.

Link : https://play.google.com/store/apps/details?id=sh.whisper&hl=en

8 – App Volume Control

App Volume Control app

මේ ඇප් එක මඟින් ඔයාගේ Phone එකේ තිබෙන apps වල volume එක වෙන වෙනම වෙනස් කර ගැනීමට ඉඩ සලසා දෙනවා. ඒ වගේම ඔයා සාමාන්‍ය headset එකක් හෝ Bluetooth headset එකක් දුරකථනය සමඟ භාවිතාකරනවානම් ඒවාටද වෙන වෙනම volume එක වෙනස් කළ හැකිය.

Link : https://play.google.com/store/apps/details?id=com.spycorp.appvolumecontrol&hl=en

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here