මගේ ආදරය…….ඔයා මතක තියාගන්න.

remember_my_love

“ඔයාට මොකක්ද දැන් තියෙන ප්‍රශ්නේ? හැමවෙලාවෙම මුණ එල්ලගෙනමයි ඉන්නේ…. පිස්සුද? මටත් එපාවෙනවා… කියන්නෙත් නෑ..”

“ඔව් දැන් මටත් එපාවේගෙන තමයි යන්නේ… මේක විකාරයක්නෙ… සැරින් සැරේ අහනවා.. එහෙම දෙයක් නෑ……”

“ආ එහෙමද බලමුකෝ මේකේ ඇත්ත නැත්ත එහෙනම්…”

“හරි ඕනේ දෙයක් කරගන්නවා….”

ජීවිතය  ගොඩක් සංකීර්ණයි. සමහර වෙලාවට අපිට හැමදේම එපාවෙනවා…ඔයාට  තමන් ආදරය කරන  අයව එපාවෙන්න පුළුවන්.. ඒ ආදරය  නැති  නිසා  නෙමෙයි.. ප්‍රශ්න  හිතට  එනකොට  ඕනෙම  කෙනෙක්ට  එහෙම  වෙනවා…”මට කාවවත් එපා…ඔයාට කියන්න කිසිම දෙයක්  නැහැ”… අනේ  මට කරදර  කරන්න නම්  එපා… මේ වගේ දේවල් කියලා තියෙනවා නේද?…. එහෙම  වෙලාවට මේ දේ මතක තියාගන්න…

“එහෙම වුනොත් මෙහි අවසාන ප්‍රතිඵලය සබඳතා බිඳිලා විසිරිලා යන එක විතරයි….”

ඒ නිසා… මේවගේ වෙලාවට දුකෙන් ඉන්න ඔයාගේ ආදරයට ඔයා  මෙන්න  මේ දේවල් ටික කියන්න…

ඔයාට උවමනා හැම වෙලාවේම  මම  ළඟින් ඉන්නවා…

මම කැමති  නැහැ  ඔයා දුකින්  ප්‍රශ්න ගැන හිතල විඳවනවට… මට ඕනේ පුළුවන් හැම වෙලාවකම ඔයාට උදව් කරන්නයි.මට ඕනේ පුළුවන් විධියට ඔයාට වෙන කරදර වලින් ඔයාව නිදහස් කරන්නයි…නමුත් ඔයාට මම එහෙම උදව් කරන එක අනවශ්‍ය වෙන්නත් පුළුවන්…

මෙතැනදී මම කියන කරන කිසි දෙයකින් සිත්  වේදනාවල් ඇතිවෙන්නේ  නැහැ…
ප්‍රශ්න ඇතිවුණාම කාටද හිත නොරිදෙන්නේ? මම කැමති නැහැ ඔයා මට ඒ දේවල් නොකියනවට. නමුත් ඔයා සමහරවිට ඒ දේවල් මගෙන්  සඟවන්නේ මගෙත් හිත රිදෙයි කියලා වෙන්නත් පුළුවන්.. නැත්නම්  මාව අනවශ්‍යයි කියලා හිතෙන නිසා වෙන්නත් පුළුවන්… ඒ කොහොම වුණත් එහෙම වෙලාවට  මට හිතෙන්නේ නම් මම නිසාම  වුන ප්‍රශ්නයක් කියලයි….නමුත් මට උවමනා ඔයා ගේ ප්‍රශ්න මගෙත් කරගන්නයි… ඒ නිසා මම හිතනවා ඔයා මට හිතේ ගැටලුව කියයි කියලා…බනිනවා වෙනුවට මම අහන්නේ ඔයාගේ කරදරය විතරයි.. මට දැනගන්න ඕනේ ඔයාට මගෙන් මේ වෙලාවේ ඕනේ උදව්ව මොකක්ද කියලයි…

නමුත් මම ඔයාට ඇහුම්කන් දෙනවමයි…
මම ආසම දෙය තමයි මම දුකෙන් ඉන්නකොට ඔයා මට ඇහුම්කන් දෙන විධිය, මාව අගය කරන විධිය, මගේ මුවඟට සිනහවක් ගෙන විධිය. ඒ පුංචි වචනවලත් කොච්චර නම් සතුටක් රැඳිලා තියෙනවද? එහෙනම් ඇයි මට බැරි ඔයා වෙනුවෙනුත් ඒ දේවල් කරන්න?

කිසිම දෙයක් සදාකාලික නැහැ කියලා මතක තියාගන්න…
මම දන්නවා… අසතුටෙන් ඉන්න වෙලාවට සතුටක් පෙන්නන්න  බැහැ… එතකොට තවත් දුක වැඩිවෙන එක විතරයි වෙන්නේ..ඒත් ඔයා මතක තියාගන්න ඕනේ දේ තමයි… හැම කෙනෙක්ටම  නරක දවස් හොඳ දවස් දෙකම උදාවෙනවා..ඒ නිසා කිසිම දෙයක් හැමදාම තියෙන්නෙත් නැහැනේ..නරක කාලෙදී ඉවසන්න අමාරුයි තමයි.. ඒත් අපි දෙන්නම එකතුවෙලා ඒවාට මුහුණ දෙමු.

මේ දේවලුත්  මතකයේ තියාගන්න…
මනුස්සයෝ විධියට අපිට කරදරයක් වුනොත් ටිකක් තනිවෙන්න තමයි අපි කැමති… මම දන්නවා ඔයත් එහෙම තමයි කියලා…ඔයාගේ කැමැත්ත ඒක නම් මම මේ ප්‍රශ්න විසඳෙනකල් මුකුත් අහන්නේ නැතුව ඉන්නම්… ඒත් මතක තියාගන්න… මට ඔයාව ඕනේ වගේම ඔයාටත් මාව ඕනේ නේද කියලා…අපි එකිනෙකා ගැන බලන්න ඕනේ.. එහෙමයි ආදරය කරන්නත් ඕනේ…අපි මේ දේවල් සමගියෙන් විසඳ ගත්තොත්… අපිට මූණ දෙන්න බැරි ප්‍රශ්න නම් නැතිවේවි…

(දුකෙන් ඉන්න ඔයත් ඔයාගේ සහකාරිය හෝ සහකරුවා කියන මේ පුංචි දේවල් වලට ඇහුම්කන් දෙන එක, තේරුම් ගන්න එක නම් හුඟක් වැදගත් කියලා මතක තියාගන්න.)
 

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here