යහපත් ජීවිතයක් ගත කිරීමට වැදගත් වන කරුණු 5ක්

0
8204
Harshana_Serasinghe_Womanly_2016_06_010

අපි කවුරුත් යහපත් ජීවිතයක් ගත කිරීමට කැමැත්තක් දක්වන්නෙමු. ඒත් එසේ සිතන අපි සැමටම එවැනි ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබෙනවා අඩුයි. එසේ වීමට හේතුව ඔබ ඔබේ ජීවිතය යහපත් එකක් කරගැනීමට නිසියාකාරව නොදැනීම විය හැකිය. එම නිසා ඒ දන්නා නොදන්නා කාටත් දැනගැනීමට ජීවිතය යහපත් ලෙස ගත කිරීමට වැදගත් වන කරුණු 5ක් පහත දැක්වේ.

ප්‍රශංසා කරන්න

ප්‍රශංසා කරනවා කියන්නේ සරළවම කිව්වොත් තමන්ට ලැබෙන තේ කෝප්පයට පවා අගය කිරීමක් දෙන එකට. උදාහරණයක් ලෙස ඔබට ඔබේ කාර්යාලයේදී යමක් වෙනත් සේවකයෙකුගෙන් ඉල්ලූවා යැයි සිතන්න. එවිට ඔබට එය ලැබූ සැනින් ඔබ “ස්තූතියි” ලෙස පැවසීමද ප්‍රශංසා කිරීමක් ලෙස හැඳින්විය හැකිය. මේ නිසා එම සේවකයාගේද ඔබේද සිතේ හොඳ සිතුවිල්ලක් දෙදෙනා ගැනම ඇතිවේ.

සෑම දෙයටම දෝෂාරෝපණය නොකරන්න

අඥානවන්තයින් පළිගන්නා විට ඥානවන්තයින් අත්හරියි යනුවෙන් වැකියක් ඔබ අසා ඇතැයි මම සිතමි. ඒ වාක්‍යයේ කියූ ලෙසටම අඥානවන්තයින් මෙන් දෝෂාරෝපණය කිරීමට යොදවන කාලය අඩු කරන්න. මන්ද ඔබ සෑම දෙයටම දෝෂාරෝපණය කිරීමට ගිය විට මිනිසුන් ඔබ ගැනි සිතන කෝණයද වෙනත් අතකට යොමු කරයි. එමෙන්ම ඔබට එවිට ඇතිවන තරහ නිසා ඔබේ ශරීරයද දුර්වල වේ. මිනිසුන් අතරද ඔබ පිරිහේ.

දුර්වල තැන් හදාගන්න

ජීවිතයේ සෑම දවසකම ඔබ කතා කරන ආකාරය, කන බොන ආකාරය පිළිබඳව ඔබ ඔබ ගැනම සෙවිල්ලෙන් සිටින්න. ඔබ ඔබටම කැඩපතක් වන්න. සෑම දවසක්ම අවසානයේ ඔබ කළ සෑම වැඩක් ගැනම සිහියට නගාගන්න. ඔබට දුර්වල යැයි සිතන දේවල් ගැන සටහනක් තබාගන්න. අනතුරුව ඊළඟ දින කිහිපයේ ඔබ ඔබේ ජීවිතයට තවත් ඉලක්කයක් තබාගන්න. එම ඉලක්කයනම් පෙර දිනයේ ඔබ දුර්වල වූ දෙය නැතිකරගන්නවා යන ඉලක්කයයි. ඉන්පසු ඔබේ එම දුර්වල ස්ථාන සකසා ගැනීමට කටයුතු කරන්න.

සංසන්දනය නොකරන්න

සමාජයේ ගොඩක් මිනිසුන් තමන්ට වඩා අනුන් හොඳ ජීවිතයක් ගතකරනවා යන හීන මානයක් ගොඩනගාගනී. එහෙත් එය ඇත්තටම අසත්‍යයකි. ඇඹුල් අඹයක් වුවද කන සැටි බලා සිටින පුද්ගලයාට එය පැණි අඹයක් ලෙස පෙනුනද අඔය කන තැනැත්තා එය ඇඹුල් බව දනී. ඔබ ඔබේ ජීවිතය ගත කිරීමට දෛනිකව වෙහෙසවන තරම ඔබ දන්නේ නම් අනෙක් අය ඔවුන්ගේ ජීවිතය ගත කිරීමට වෙහෙස වන තරම ගැන ඔබ සංසන්දනය කිරීම ඇත්තටම වැඩකට නැති වැඩකි. එම සංසන්දනය කිරීම නිසා කවදාවත් ඔබට දුකක් මිස සතුටක් නම් නොලැබේ. සංසන්දනය කිරීම නිසා ඔබට ඇතිවන්නේ පසු තැවීමක් පමණි. එම නිසා ඔබේ ජීවිතය අන් අයගේ ජීවිත සමඟ සංසන්දනය කිරීමෙන් වළකින්න.

ඔබ ගැන විශ්වාසය තබන්න

ඔබේ ජීවිතයේ තීරණ වලට එළඹීමේදී සෑම විටම අන් අයගේ වදන් වලට වඩා තමන්ට සිතන දේ කිරීමට උත්සහ කරන්න.

ජීවිතය කියන්නේ විභාගයක්. ඔබ එය සමත් වුවහොත් යහපත් ජීවිතයක් ගතකරන අතර අසමත් වුවහොත් මරණය වුවද අත් විය හැකිය. මේ නිසා ඉහත මා කියාදුන් කරුණු පහ ඔබේ ජීවිතයට ඇතුළත් කරගෙන ජීවිතය යහපත් කරගැනීමට කටයුතු කරන්න. සුභ දවසක්.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here