ආදායම වැඩි කරගමු

0
7066
Harshana_Serasinghe_Womanly_2016_06_012

අපි කවුරුත් කැමති ආදායම වැඩි කරගන්නට. එහෙත් ඒ සඳහා නිවැරදි ක්‍රම පිළිබඳව සමාජය තවම හරියාකාරව දැනුවත් නැත. ඒ නිසා මිනිසුන් ඉක්මනින් මුදල් උපයන්නට විවිධ නීති විරෝධි ක්‍රම වල නිරතවන්නට තැත් කරති. ඉන් අනතුරුව මුදල් උපයන්නට යන අයට වන්නේ තමන් සතුව තිබෙන මුදල්ද නැති කරගැනීමටයි. ඇත්තටම නීතියට අනුකූලව තම ආදායම වැඩි කරගත හැකි ක්‍රම තිබේද? තිබේ නම් ඒ මොනවාද? මේ සියල්ලටම පිළිතුරු පහතින් දැක්වේ.

තමන්ගේ රැකියාවෙන් ලැබෙන වැටුපට වඩා අමතරව ආදායමක් ලැබීමට සිදුකළ හැකි කාර්යයන් රාශියක් ඇත.

ආයෝජනය කරන්න

මෙතෙක් කලක් ඔබ ඔබේ ප්‍රධාන ආදායම් මාර්ගය භාවිතයෙන් උපයන ලද ආදායම් වලින් යම් කොටසක් මේ සඳහා යොදාගැනීමට සිදුවේ. මෙහිදී කළ යුත්තේ යම් කිසි නව නිෂ්පාදනයක්, ව්‍යාපාරයක කොටසක්, නව ව්‍යාපාරයක් වැනි දෙයකට ඔබේ ප්‍රධාන ආදායමෙන් ලබාගත් ඒ කොටස ආයෝජනය කිරීමයි.

ඉන් අනතුරුව එම ව්‍යාපාරයට ලැබෙන ආදායම් වලින් කොටසක් ඔබටද ලබාගත හැකිය. මතක තබාගන්න, ඔබ යම් කිසි ව්‍යාපාරයක හෝ නිෂ්පාදනයකට ආයෝජනය කිරීමේදී හොඳින් ඒ පිළිබඳව විස්තර සොයා බැලිය යුතුවේ. නැත්නම් වන්නේ මා කලින් කියූවා සේ ඔබට සිදුවන්නේ අමතර ආදායමක් සෙවීමට ගොස් තිබෙන ආදායමද නැති කරගැනීමටය.

ස්ථිර තැන්පතුවක් අරඹන්න

ඔබේ ප්‍රධාන ආදායම උපයෝගී කරගෙන අමතරව මුදලක් ලබාගත හැකි තවත් එක් ක්‍රමයක් ලෙස මෙය හැඳින්විය හැකිය. මෙහිදී කළ යුත්තේ ඔබ සතුව ඇති යම් කිසි මුදල් ප්‍රමාණයක් බැංකුවක ස්ථිර තැන්පතුවක් අරඹා තැන්පත් කිරීමයි. අපේ රටේ බැංකු මාස 3, මාස 6, මාස 12, මාස 24 වැනි කාල පරිච්ඡේද වලට ස්ථිර තැන්පතු යෝජනා ක්‍රම සලසා තිබේ. මින් වැඩි කාල පරිච්ඡේදයක් ඇති විට ලැබෙන මුදලද වැඩිවේ. මෙයින් පළමු ක්‍රමයටම තරම් මුදලක් නොලැබුණද මෙයද සාර්ථක ක්‍රමයකි.

අමතර රැකියාවක් කරන්න

ඔබ දැනට නියුතු වී සිටින රැකියාවට අමතරව වෙනත් රැකියාවක නියළීමට හැකිනම් එමඟින්ද අමතර ආදායමක් ඉපයිය හැකිය.අමතර රැකියා වලට නිදසුන් ලෙස

  • අන්තර්ජාල ව්‍යාපාර (Online Businesses),
  • ලිපි ලිවීම
  • ගෙවතු වගා සිදු කිරීම
  • ඉගැන්වීම හැඳින්විය හැකිය.

මෙහි අන්තර්ජාල ව්‍යාපාර ලෙස හැඳින්වෙන්නේ අන්තර්ජාල දැන්වීම් මඟින් මුදල් ඉපයීම, භාණ්ඩ අලෙවිය ආදිය වේ. ලිපි ලිවීම යනු අන්තර්ජාලයේ පවතින වෙබ් අඩවියකට හෝ වෙනත් කුමන හෝ මාධ්‍යයකට ලිපි ලිවීමයි. තම ප්‍රධාන රැකියාවෙන් පසු ගෙවතු වගාවද නිසියාකාරව සිදු කරන අයෙකුට සාර්ථකව අමතර ආදායමක් ලබාගත හැකිවේ. ඉගැන්වීම යනු අමතර පංති පැවැත්වීම වැනි ක්‍රමයක් තුළින් මුදල් ඉපයීමයි.

ව්‍යාපාරයක් පටන්ගන්න

අමතර ආදායමක් සෙවිය හැකි තවත් එක් ක්‍රමයක් ලෙස ව්‍යාපාරයක් ඇරඹීම හැඳින්විය හැකිය. ඔබට ආරම්භ කළ හැකි ව්‍යාපාර කිහිපයකට නිදසුන් පහත දැක්වේ.

  • අමතර පංති පවත්වන ආයතනයක් ආරම්භ කිරීම

මුල් අවධියේ තරමක් මහන්සි විය යුතු වුවත් අනතුරුව පහසුවෙන් මුදල් ඉපයිය හැකි ක්‍රමයක් ලෙස මෙය හැඳින්විය හැකිය. මුල් කාලයේ ගුරුවරුන් සොයාගැනීමට, ප්‍රචාරණයට ආදියට මහන්සි වීමට සිදුවවත් ඔබ මේ කාර්යය නිසි අයුරින් සිදු කළ හොත්  ආදායම වැඩි කරගැනීම අමාරු කාර්යයක් නොවේ.

  • පරිගණක අළුත්වැඩියා කරන ව්‍යාපාරයක් ආරම්භ කිරීම

නිවසට ගොස් පරිගණක අළුත්වැඩියා කිරීම හෝ වෙනත් ස්ථානයක අර්ධ කාලීන ලෙස පරිගණක අළුත්වැඩියා කිරීම මඟින්ද අමතර ආදායමක් සෙවිය හැකිය.

  • Graphic Designing

ඔබට graphic designing පිළිබඳව දැනුමක් ඇත්තේ නම් මෙයද අමතර ආදායම් මාර්ගයක් ලෙස යොදා ගත හැකිය. ඔබ දැනට Graphic Designing දැනුමක් නොමැති නමුත් එවැනි දැනුමක් ලැබීමට කැමති අයෙක් නම් ඒ සඳහා ඕනෑ තරම් Tutorials අන්තර්ජාලයේ ඇත.

ඇතැමුන් අමතර ආදායම් ලෙස පටන්ගන්නා ව්‍යාපාර අනතුරුව තමන්ගේ එකම ආදායම් මාර්ගයද විය හැකිය. මන්ද ඔබේ අමතර ආදායම යම් දිනෙක ඔබේ ප්‍රධාන රැකියාවෙන් ලැබෙන ආදායමටත් වඩා වැඩි විය හැකි නිසාවෙනි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here