ඔබේ සැමියා මේ දේවල් 15 නිතර කරයි නම්, ඔබට හිමි ලෝකයේ හොඳම සැමියා විය හැකිය

0
38836
ඔබේ සැමියා මේ දේවල් 15 නිතර කරයි නම්, ඔබට හිමි ලෝකයේ හොඳම සැමියා විය හැකිය

ලොව බොහොමයක් ආදර කතා දික්කසාදයකින් කෙලවර වන්නේ දෙදෙනාගේම පුංචි පුංචි අත්වැරදීම් දුර දිග ගිහින්.  පෙම්වතුන් ලෙස ගත කල කාලයේත් විවාහ වූ මුල් කාලය තුලත් එකිනෙකාට බොහොම සමීප වී පුංචි ම දෙයට පවා වර්ණනා කිරීම් ප්‍රශංසා කිරීම් ඔබ අතරත් සිදු වන්න ඇති. මුළුතැන්ගෙයි ඔහුගෙන් ලද කුඩා උපකාරයටත් ඔබ ඔහුට අනේක වාරයක් ස්තුති කරන්නැති ඔහුගෙන් ලද උපකාර මිතුරන් ඉදිරියේදී පවා වර්ණනා කරන්නැති.

එහෙත් කලක් ගත වෙද්දී ඒ හැම දෙයක්ම එදිනෙදා ජිවිතයේ සාමාන්‍ය සිදුවීම් බවට පත් වෙලා ඔබ දෙදෙනා අතර කිසිම අගය කිරීමක් නැති වෙලා නම් ඔබ දෙදෙනාගේ විවාහ ජීවිතය වෙහෙසකර සහ කලකිරීමට පත් වෙන්න වැඩි කලක් ගත වෙන එකක් නැහැ.

අනෙකාගේ කැපකිරීම් වලට කෘතගුණ නොවීම දික්කසාදයන්ට ප්‍රභලම හේතුවක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඔබගේ සැමියා ඔබ වෙනුවෙන් සිදුකරන සෑම කුඩා දෙයකටම පවා ඔහුට ස්තුති යනුවෙන් පසවන්න අමතක නොකරන්න. ඔබගේ ජිවිතයේ වැදගත්ම සහ ආදරණියම පුද්ගලයා විය යුත්තේ ඔබේ සැමියායි.

දෑගිලි රන් හුයකින් බැඳ අතිනත ගත් ඔබට නිරතුරු රැකවරණය සපයන ඔබේ සැමියාත් මේ වගේද බලන්න. එහෙනම් ඔබට ලැබී ඇත්තේ ලොව හොඳම සැමියායි. ඔහු වෙනුවෙන් ඔබේ ජීවිතය ආදරය කැප කරන්න.

1.ඔහු ඔබව විශ්වාස කරයි.

ඔහු ඔබගේ එදිනෙදා වැඩ කටයුතු පිලිබඳ අනවශ්‍ය ලෙස සැක නොකරයි.

2.ඔහු ඔබට අවංකයි.

ඔහු කරන කියන කිසි දෙයක් ඔබගෙන් වසන් නොකරයි. ඔහුගේ ජිවිතයේ සෑම සිදුවීමක් පිළිබඳවම ඔබ සමඟ කතාබස් කරයි.

3.ඔහු ඔබගේ රුචි අරුචිකම් හොදින් හඳුනයි.

ඔබ කැමති අකමැති දේ සම්බන්ධයෙන් මනා අවබෝධයක් තිබේනම් ඔහු ඔබට සතුටින් තබන්නට ඔබ රුචි සෑම දෙයක්ම ඔබට ලබා දෙයි. ඔබගේ ප්‍රියතම චොකලට් වර්ගය,ඔබ වඩාත් කැමති චිත්‍රපට පිලිබඳ ඔබටත් වඩා හොඳින් ඔහු දන්නවා නම් ඔබට ලැබී ඇත්තේ ඔබව තේරුම් ගත් සැමියෙකුයි.

4.ඔබට තනිවම සිටින්න අවැසි නම් ඔහු බාධා නොකරයි.

ඔබට ඔබේ මිතුරියන් සමඟ විනෝද වීමට, සාප්පු සවාරියේ යන්නට නැතහොත් මිතුරියන් සමඟ චිත්‍රපට නැරඹීමට යාමට ඔහු බාධා නොකරයි. ඔබට තනිවෙන්නට අවැසි නම් ඔහු ඔබගේ හැඟීම් තේරුම් ගෙන බාධා නොකරයි.

5.ඔබ දෙදෙනාට විශේෂ දිනයන් ඔහු මතකයේ තබා ගෙන සිටියි.

ඔබේ උපන් දිනය,ඔබ දෙදෙනාගේ විවාහ සංවත්සර ආදී ඔබ දෙදෙනාට විශේෂ වූ දිනයන් ඔහු මතකයේ තබාගෙන ඔබට පුංචි තෑගී එහෙමත් නැතිනම් ඒ දිනවල ඔබව පුදුමයට පත් කරවනවා නම් ඔහු ඔබට අසීමිත ලෙස ආදරය කරයි.

6.ඔහු ඔබට සාර්ථක වීමට  උදව් කරයි.

ඔබ ආසාර්ථක වූ සෑම විටම ඔබට ශක්තියක් වී ඔබට නැගී සිටීමට ඔහු උදව් කරයි. ඔබට ජිවන මගේ දුෂ්කර කාලවලදී  තනිවම නැගී සිටීමට ඔහු දිරියක් වෙයි නම් ඔබේ සාර්ථකත්වයම ඔහු පතන්නේ නම් ඔබට ලැබී ඇත්තේ ලොව හොඳම සැමියා ය.

  1. ඔබත් සමඟ ඔබේ විහිලු තහළු වලට සිනා සෙයි.

ඔබ කරන විහිලු තහළු වලට ඔහු සිනහවෙන්ම පිළිතුරු දෙයි. ඔබ ඇතැම් විට උපහාසාත්මකව දෙයක් පැවසුවත් එය සිනහවෙන්ම බාරගෙන කටයුතු කරයි ඔබ සමඟ උරණ නොවෙයි.

8.ඔබ පිලිබඳ විශ්වාසයෙන් කටයුතු කරයි.

ඔහු ඔබව සැක නොකරයි. ඔබ පිලිබඳ කුඩා හෝ සැකයක් ඔහුගේ සිතෙහි නොමැති නම් ඔහු ඔබව 100 % ක් ම විශ්වාස කරයි.

9.සිනහවෙන් සෑම දෙයක්ම සිදු කරයි.

ඔබට සතුටින් තැබීමට ඔබගේ සිනහව වෙනුවෙන් ඔහු ඔහුට හැකි සෑම දෙයක්ම සිදු කරයි.

  1. ඔබගේ හැඟීම් මනාව තේරුම් ගනියි.

ඔබගේ හැඟීම්,ඔබගේ සිතැඟි මනාව තේරුම් ගනී. ඔබ දුකෙන් සිටින මොහොතක පවා ඔබව සැනසීමට ඔහු උත්සාහ කරයි.

11.ඔහු ඔබට දැනෙන ලෙස ආදරය කරයි.

ඔහුගේ ජිවිතයේ වඩාත්ම වැදගත්ම සහ ආදරණීයම පුද්ගලයා ඔබයි. ඔහු ඒ වෙනුවෙන් ඔහුට හැකි සෑම දෙයක්ම ඉටු කරයි. ඔහුගේ ජිවිතයේ ඔබ හැර වෙන කිසිඳු ගැහැනියක් නොමැති බැව් ඔබට වැටහෙන ලෙස ඔහු කටයුතු කරයි.

12..ඔබගේ ජීවිතය පහසු කරයි.

ඔබගේ රැකියාවේ හෝ වෙනයම් ගැටලුවකදී ඔබට උදව් අවශ්‍ය නම් ඔහු ඔබ වෙනුවෙන් පෙනී සිටියි. ඔබට අවවාද අනුශාසනා කරයි.

13..නිවසේ වැඩට ඔබට උදව් කරයි.

මුළුතැන්ගෙයි වැඩ කටයුතු වලදීත් දරුවන් බලා ගැනීමේදීත් ඔහු ඔබට උදව් කරයි. ඔබ ඔහුගෙන් උදව් නො ඉල්ලා සිටින විටදී පවා ඔහු ස්ව කැමැත්තෙන්ම ඔබට උදව් කරයි.

14.ඔබ දුකෙන් සිටින විට ඔබේ සිත සනසයි.

ඔබ දුකෙන් සිත් තැවුලෙන් සිටින විට පවා ඔබ අසලට විත් ආදර බස් මුමුණමින් ඔබව සනසයි නම් ඔබ සතුටින් තැබීමට සියලු දේ සිදු කරයි නම් ඔබේ සැමියා සැපේදී මෙන්ම දුකේදීත් ඔබ සමගින්ම රැදෙයි.

15.ඔබගේ සිනාව අගය කරයි.

ඔහුට අවශ්‍ය ඔබ සැමදාම සතුටින් සිනහවෙන් කල්ගෙවනු දැකීමයි. ඔහු ඒ වෙනුවෙන් ඔබව සතුටින් තැබීමට නිරතුරු උත්සාහ කරයි.

ඔබේ ජිවිතයට වඩාත් සමීප අය තමා වැඩිපුරම ඔබේ හිත රිද්දන්නේ. ඇත්තෙන්ම කිව්වොත් ගොඩක් සමීප අයගේ පුංචි වෙනසක් පවා අපේ හිත් ගොඩක් රිද්දනවා. ඔබේ ඔබත් ඔබේ සැමියාත් අතර පුංචි පුංචි හිත් අමනාපකම් ඇති වීම ස්වාභාවිකයි. එය ඕනෑම පවුල් ජීවිතයක දකින්න පුළුවන්. ඒත් ඒ පුංච් පුංචි රණ්ඩු දුර දිග නොයවා ආදරයෙන් කටයුතු කරන්න. ඔබේ සැමියාත් ඔබව සතුටින් තැබීමට ඔහුට හැකි සෑම දෙයක්ම සිදු කරාවි. මතක තබාගන්න ඔහුගේ සෑම හොඳ වැඩක්ම අගය කරන්න. එතකොට ඔහු ඔබට තවත් ආදරය කරාවී.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here