තක්කාලි ආහාරයට ගෙන පෙනහළු රෝග වලක්වා ගන්න

tomatoes

තක්කාලි එලවළු සහ පළතුරක් යන දෙයාකාරයටම ආහාරයට ගැනීමට පුලුවන්. හොද්දක් රස කර ගන්න වගේම සැන්ඩ්විච් , සලාද ආදිය පිළියෙල කිරීමේදී තක්කාලි යොදා ගැනීමෙන් ඇති වෙන්නේ ඉතාම ආකර්ශනීය බවක්. ඒ නිසාම දැක්ක ගමන් කන්න හිතෙන තත්වයත් නොදැනීම ඇති වෙනවා. තක්කාලි වලින් ජෑම් පිලියෙල කර ගත්තොත් පුංචි ඈයෝ කිසිම කරදරයක් නැතුව පාන්, රොටී විතරක් නොවෙයි සමහර වෙලාවට බිස්කට්වලට වුනත් තවරා ගෙන ආහාරයට ගනීවි. තවත් වාසියක් තක්කාලිවල තිබෙනවා. මේවා අමුවෙන් වුනත් ආහාරයට ගන්න පුලුවන්. ප්‍රණීත සහ කටට ප්‍රියමනාප රසයක් ලැබෙනවා.

ඉතින් ඔය ආහාරයට ගන්න විදිහනේ… අපි බලමු තක්කාලිවලින් ලැබෙන ගුණ මොනවාද කියලා…

ඇමරිකාවේ ජාතික පිලිකා සංගමයේ අධ්‍යක්ෂ “ලොරෙලෙයි ඩි සොග් රා” සඳහන් කරන අන්දමට අපේ ආහාර වේලක රතු , කහ, කොළ, නිල් දම් සහ සුදු පැහැයේ වර්ණයන් ඇතුලත් වීම වැදගත් බවයි. අපිට නම් මවා කිසිම අපහසුවකින් ලබා ගන්න පුලුවනි. කොටින්ම මේ පර්යේෂකයන් වහෙන්ඔරෝ භාෂාවෙන් කියන්නේ පළතුරු සහ එළවලුවල අන්තර්ගත ස්වභාවික වර්නයන්ගෙන් වටිනා පෝෂක උපයා ගැනීමට පුලුවන් බවයි.

එහෙමනම් තක්කාලිවල රතු පැහැය…

අනිවාර්යෙන්ම,

තක්කාලිවල අන්තර්ගත රතු වර්ණය නිසා අපිට ස්වභාවිකවම  ලැබෙන”ලයිකොපින්” වර්ණය නිසා පෞරෂ හෙවත් ප්‍රොස්ටේට් ග්‍රන්ථි ආශ්‍රිත පිලිකාවෙන් ආරක්ෂාව ලැබෙන බවයි. අද බොහෝ පිරිමි උදවිය මේ වර්ගයේ පිළිකාවන්ට ගොදුරු වීමේ අවදානමක් තිබෙනවා. ඒ නිසා තක්කාලි ගෙඩි දෙකක් විතර අමුවෙන් ආහාරයට ගැනීමෙන් පෙනහළු දුර්වලවීමේදී පූර්ව ආරක්ෂාව සලසා ගත හැකි බවත් මෙම පර්යේෂකයන් පෙන්වා දෙනවා.

ශ්වසන රෝගවලටත් ආරක්ෂාව..

ශ්වසන රෝග කී විට ඔබ මේ විදිහට හිතයි.. “අපි දුම්බොනවාය…පෙනහළු දුර්වල වෙන්න…” නමුත් මේ විදිහට උපකල්පන ගොඩ නගා ගැනීමට අපිට බැහැ.  John hopkins blooming school of public health ප්‍රකාශිකා වැනෙස්කා ගාර්ෂියා ලාසන් සඳහන් කරන්නේ කිසිම දවසක දුම් පානය නොකළ පුද්ගලයෙකුගේ වුනත් වයසත් සමග පෙනහළු දුර්වල වීමේ අවදානමක් තිබෙන බවයි.  ඇයගේ වාර්තාවේ පෙන්වා දෙන අන්දමට පෙනහළු ආශ්‍රිතව ඇති විය හැකි chronic obstructive pulmonary ( COPD) රෝග තත්වයන් පවා ආහාර මගින් වලක්වා ගැනීමට වගේම එහි ව්‍යාප්තියත් පාලනය කර ගැනීමට හැකියාවක් ඇති බවයි.

යුරෝපයේ සිදු කරන ලද මෙම අධ්‍යනය වෙනුවෙන් පුද්ගලයන් 680 ක් සම්බන්ධ වුනා. ඔවුන් වෙනුවෙන් ප්‍රශ්නාවලියක් ලබා දුන් අතර ඔවුන් පරීක්ෂන දෙකකට සම්බන්ධ කර ගත්තා. අන්වායෑම හෙවත් නැවත අධ්‍යනය කරන මෙම පර්යේෂණයේදී මුලින් ලියාපදිංචි වුන පිරිස වසර දහයකට පසුව නැවතත් සම්බන්ධ කර ගත්තා. එහිදී තත්පරයක් තුළ පුද්ගලයෙකුගේ ප්‍රශ්වාස වායු ප්‍රමාණයද , තත්පරය හයකදී පුද්ගලයෙක් ආශ්වාස කරන වායු ප්‍රමාණයද පරීක්ෂාවට ලත් වුණා. ඒ වගේම අධ්‍යනයට පාදක කර ගත් අයගේ ස්ත්‍රි පුරුෂ බව, උස, බර, ආදියත් අධ්‍යනයට ලක් කළා.

ඉතින් තක්කාලිවල සම්බන්ධය…

මේ අධ්‍යනයේදී පෙනී ගියේ වයස අවුරුදු 30 න් පසුව පෙනහළුවල දුර්වලවීම වලක්වා ගැනීමට නම් දිනකට තක්කාලි ගෙඩි දෙකක් ආහාරයට ගැනීම වඩාත් වැදගත් බවයි. ඒ වගේම දුම් පානයට ඇබ්බැහිව සිට එයින් මිදුන අයටත් මේ ආරංචිය සුබයි. ඔවුන් දිනකට තක්කාලි ගෙඩි දෙකක් ආහාරයට ගත්තොත් හිතා ගන්න බැරි විදිහට පෙනහළුවල ක්‍රියාකාරිත්වය ඇති වෙන වවත් මේ අධ්‍යන වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා.

හැබැයි අලුත් තක්කාලි වුනොත් ගුණයි..

තක්කාලි ගැන කී විටම පලිබෝධනාශක ගැනත් සිතුවල්ල අපේ හිතට නැගෙනවා. ගෙවත්තේ හදා ගන්නා පළතුරු අපි හැම දෙනාටම නැති නිසා වෙළදපොලෙන් මිළට ගන්නා තක්කාලි අවම විදිහට හෝ වස විස ඉවත් වන සේ පිලියෙල කර ගන්නේ කොහොමද…? මේ  ගැනත් අදහසක් ඇතොත්… පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යා  හා තාක්ෂණ අංහයේ මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා සදහන් කරන්නේ..,

“අපි වෙළඳපොලෙන් නිවසට රැගෙන ආ සැනින්ම තක්කාලි ආහාර වෙනුවෙන් එක් නොකොට ඒවා සෝදා ශීතකරනයේ නොතබා ගෙන දින දෙකක් තුනක් යෑමෙන් ආහාරයට එක් කිරීමෙන් යම් ප්‍රමාණයකින් විස ගතිය ඉවත් කර ගන්න හැකියාවක් තිබෙන බව සදහන් කරනවා…”

තක්කාලිවල අගුණ

සමේ රෝග ඇති අයට තක්කාලි අගුණ බව අපේ පිලිගැනීමයි. සමහර අයට ස්වභාවයෙන්ම තක්කාලි ආසාත්මිකයි. ඒ වගේම ඇලුමිනියම් භාජනවලත් තක්කාලි පිසීම අගුණයි. හාල්මැස්සන් සමග එකට තක්කාලි පිස ගැනීමෙන් ඇති වෙන අගුණ ගැනත් දන්නා නිසා ඒ වගේ කටයුතු වලින් අපි ඉවත්වීමත් නුවණට හුරුයි. කොහොම වුනත් අමුවෙන් තක්කාලි ආහාරයට ගැනීම ට පුලුවන්.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here