සුන්දර කාන්තාවක් සතු ගුණාංග මෙන්න

attractive-woman

කාන්තාවක් ගැන සාහිත්‍යයේ මවා පාන්නේ ඉතාම සුන්දර සංකේතයක්. ඇත්තටම කාන්තාවක් මුල් කර ගෙන සාහිත්‍යය තුලින් මවන මේ ආකර්ශණීය බව සැබෑ ජීවිතයේදීත් කාන්තාවක් වෙතින් ප්‍රදර්ශනය වෙනවා නම් එය ඉතාම වටිනවා. ඒ තැනට කන්තාවට පත් වීම එතරම් අපහසුවක් නොවෙයි. අපේ සාහිත්‍යයේ මවන මේ සුන්දරත්වයට පසුගිය දා “ඩේලි මේල්” වෙබ් අඩවියේ පළවී තිබුන කාන්තාවකගේ ආකර්ශනය වෙනුවෙන් බලපාන කරුණු කාරනා කීපයත් ආදේශ කර ගෙන බලමු.

මුහුණ සුන්දර වුනාටම බැහැ

මෙම වෙබ් අඩවියේ පළ වූ අන්දමට සුන්දර මුහුණ පමණක් කාන්තාවකගේ ආකර්ශනයට බලපාන්නේ නැහැ. ඇගේ සිරුරේ හැඩයත් මේ වෙනුවෙන් බලපානවා. අපි කියන විදිහට බැරල් ප්‍රමාණයේ සිරුරක් තිබුනොත් ඇගේ මුහුණේ පෙනුම මොන තරම් පියකරු වුනත් අපි කියන ලාලිත්‍යය සහ ප්‍රසන්නතාවය ඇති වෙන්නේ නැහැ. ඉතින් අද බටහිර ලෝකය දකින මේ සිරුරේ හැඩය අපේ සාහිත්‍යයේ දුටු අපුරුව මේ පද වැල්වෙතින් ඔබේ මතකයට නැගේවි.

“සිසි වන වුවන ඉඟ සුඟ ගත හැකි මිටින
නිසි පුළුලුලකල රිය සකයුරු තිසර තන…”

 

පිරිසිදුබව

කාන්තාවක වෙතින් දැකිය යුතු වැදගත්ම ගුණාංගය පිරිසිදු බවයි. උඩින් ඔපේ යටින් හපේ කියන්නා සේ බාහිරව ඔබේ පෙනුම මොන තරම් තිබුනත් දත්, නිය, මුඛය ආදියේ පිරිසිදුබවක් නැත්නම් එයින් දැනෙන්නේ ඔබ අපිරිසිදු කාන්තාවක බවයි. එවන් කාන්තාවන් සමග සමීප අසුරක් පැවැත්වීමට සමාජය කැමැත්තක් දක්වන්නේ නැහැ. කොටින්ම කිව්වාත් කාර්යාලයක නම් එක බත්පත බෙදා හදා ගැනීමටවත් ‍කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. එය ඔබේ නොව ඔබේ අපිරිසිදුකම නිසා ඇති වෙන තත්වයක්.

ආචාරශීලී වෙන්න

පියකරු පෙනුම තිබුනත් ඔබේ ආචාරශීලීබව නැත්නම් ඇත්තටම ඔබ පියකරු කාන්තාවක් නොවෙයි. වචනය පවා සංවරව භාවිතා කරන්න. ඇතැම් කාන්තාවන්ගේ වචන ඉතාම අශීලාචාර විදිහට පවෙිච්චි වෙනවා. ඔවුන්ගේ හැසිරීමත් ඒ විදිහයි. නමුත් ඔබ කාන්තාවක් වගේම ඇතැම් විට මවක්, බිරිදක් එසේත් නැත්නම් අත්තම්මා කෙනෙක් විය හැකියි. ඒ නිසා නිතරම ආචාරශීලීව හැසිරීම ඉතාම වැදගත්.

අනවශ්‍ය බොළදබව එපා

කාන්තාව ගැන අපේ මතය වී තිබෙන්නේ “ඇය සුළගටත් සෙලවුනත් මහා චන්ඩ මාරුතයේදී නොසැලී සිටින ශක්තිය ඇති බවයි…” එය ඇත්ත. දරුවන් වැදීමේ පටන් ඇගේ ආත්ම ශක්තිය ප්‍රදර්ශනය වෙනවා. ඒ නිසා බොරු බොළඳකම් වෙනුවට යථාර්ථයට මුහුණ දෙන සැබෑම කාන්තාවක් වුනොත් ඔබ වෙනුවෙන් වූ පිලිගැනීම තවත් ඉහළින් සම්මානයට පාත්‍ර වෙන බවත් අමතක කරන්න එපා.

සමාජශිලි වන්න…හැබැයි ප්‍රමාණයකට

එදා වගේ කාන්තාව අද මුලුතැන්ගෙට සීමා වී නැහැ. ඇයට සමාජගත වීමට ඕනෑ තරම් අවස්ථාවන් තිබෙනවා.ඒත් අපි සෝෂල් කියමින් සීමාව ඉක්මවා විය යුතු නැහැ. අද බොහෝ අනියම් ඇසුරු පවත්වන කාන්තාවන්ගේ මතය වී තිබෙන්නේ අපි සෝෂල්..යන සංකල්පයයි. ඒත් ඔබ මවක, බිරිදක බව අමතක නොකර මෙම සමාජ සම්බන්ධතාවයන් පවත්වා ගැනීමත් වැදගත්.

රූපාලාවන්‍ය ගැනත්..

ලස්සනට ඉන්න කවුද අකමැති…ඒත් ලස්සන වෙද්දී ඔබේ වයස, සිරුරේ හැඩය සහ ගැලපීම ගැනත් ටිකක් හිතන්න. ලස්සන වෙන්න අවස්තා තිබුන පමනින් ඒ මතම යැපෙන්න එපා. තමාට ගැලපෙන පවත් එහි සීමාවන් ගැනත් අවධානයක් දැක්වීම ඉතාම වැදගත්. එහෙම නැත්නම් ඔබ අනවශ්‍ය විදිහට පොෂ් වෙන්න ගිහින් සමාජයේ සමච්චලයට ලක් වෙන්න පුලුවනි.

ඇදුම්

අපිට අදින්න නිහස තිබෙන බව ඇත්ත. ඒත් තැනක් නොතැනක් ගැනත් ටිකක් කල්පනා කරන්න. පන්සලට යන විට උත්සවයකට යන අන්දමින් සැරසිය යුතු නැහැ. සරල ලෙසින් යා යුතු තැවට එසේ යෑම නිසා ඔබට කිසිම අවමානයක් ඇති වෙන්නේ නැහැ. චාම්බව කාන්තාවට ආභරණයක්. ඒ නිසා නිතරම තැන නොතැන ගලපා ගෙන ඇදුම් ඇදීමත් කාන්තාවගේ සුන්දරත්වයට බලපාන කරුණු අතරට ඩේලි මේල් වෙබ් අඩවිය දක්වා තිබෙනවා.

මැසිවිලි එපා

“අපෝ එයා කට ඇරියොත් අ‍ඳෝනාව…..” ඇතැම් කාන්තාවන් මුල් කර ගෙන මේ විදිහට කරන කතා බහ ඔබ අසා ඇති. තමාගේ හිත නිදහස් කර ගැනීමට මේ අන්දමින් තමන්ගේ දුක් ගැනවිලි තවත් අයෙක් සමග කීම එක්තරා ආකාරයක මනසට සැහැල්ලුවක්. ඒ වුනත් හැම දෙනාම එකම කතාව නිරන්තරව අසා සිටීමට අකමැතියි. ඒ නිසා ඔබ සමාජයේ අනුකම්පාව ලබනවාට වඩා ශක්තිමත් චරිතයක් වීමට උත්සාහ ගන්න.

සැහැල්ලු වෙන්න

හැම දෙනාටම ප්‍රශ්න තිබෙනවා. ප්‍රශ්න නැති කෙනෙක් මිහිපිට නැහැ. ඒත් මේ ප්‍රශ්න නිතරම දරා ගෙන ඒවා සමාජයට ප්‍රදර්ශනය කරනවාට වඩා සරල සහ සැහැල්ලු ලෙසින් ජීවත් වෙන්න. අනවශ්‍ය ලෙසින් මානසික නොසතුට නිසා ඔබ වයසටත් වඩා වයසට පත් වෙනවා. ශාරිරික ලෙසින් වගේම මානසිකවත් දුර්වල වෙනවා. එවිට සමාජයේ ඔබ සුන්දර කාන්තාවක් වේවි.

ආකර්ශණීය චරිත අධ්‍යනය කරන්න

ඔබ සමාජයේ තවත් එක් කාන්තාවක් . ඒත් ලෝකයේ සුවිශේෂීත්වයට පත් කාන්තාවන් ගැනත් අධ්‍යනය කරනන්. ඔවුන් සමාජයේ කැපී පෙනෙන චරිත බවට පත් වූයේ  කොහොමද…? ඒ වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතය ගොඩ නගා ගත්තේ කොහොමද? මෙවැනි තොරතුරු පොත් පත්  පරිහීලනයෙන් ලබා ගන්න.ඒ අනුව ඔබටත් ජීවිතය ගොඩ නගා ගැනීම අපහසුවක් නොවේ.

-ඩේලි මේල් වෙබ් අඩවිය ඇසුරින්…-

 

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here