පිබිදෙන ලොවක අනාගත මරණය – ළමා අපචාර

0
4395
පිබිදෙන ලොවක අනාගත මරණය - ළමා අපචාර

ළමා අපචාර පිලිබදව ශ්‍රී ලංකා සමාජය තුළ නිරන්තරයෙන්ම කතා බහට ලක් වේ. බොහෝමයක් සමාජ ප්‍රශ්න සමග මෙම අපචාර සම්බන්ධ වී පැවතීම එයට හේතුවයි. දිනකට ළමා අපයෝජන සහ ළමා හිංසනය සම්බන්ධ පැමිණිලි 30- 35 අතර ප්‍රමාණයක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබේ. වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් කොළඹ  දිස්ත්‍රික්කයෙන් ලැබී තිබීම විශේෂත්වයකි. ලැබී ඇති පැමිණිලි විශ්ලේෂණය කිරීමේ දී වැඩි වශයෙන් ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි වාර්තා වී ඇත්තේ,

කොළඹ , ගම්පහ, කුරුණෑගල, ගාල්ලේ ඇතුළු දැඩි නාගරීකරණය වූ දිස්ත්‍රික්ක වලය.

ළමා අපචාර වර්ධනය වීම අද වෙන විට මුළු ලෝකයම මුහුණ දී ඇති සංකිර්ණ ප්‍රශ්නයකි. මෙම ප්‍රශ්නයට විවිධ හේතු බල පා තිබෙනවා. අද වන විට පවුල් දෙදරා යමින් පවතී. අනියම් සබදතා අධික ලෙස වර්ධනය වී තිබේ. ඇතැම් විට විවාහක පුර්ෂයන් තම දියනියන්ගේම වයසේ ළාබාල දැරිවියන් සමග සබදතා ගොඩ නගා ගන්න අවස්ථා අද අනන්තවත් දක්නට ලැබේ. එමෙන්ම පවුල් සබදතා තුල බිරිද සහ සැමියා මගින් සපුරා ගත නොහැකි කායික හා මානසික සතුට වෙන ගැහැනියක හෝ පිරිමියෙකු වෙතින් සපුරා ගන්නට යාමෙන් දරුවන්ට හිමි විය යුතු මව්පිය රැකවරණය, ආදරය සහ සැලකිල්ල අහිමි වී යාමකි. එවිට දරුවා සමාජය තුල හුදෙකලා වන අතර අනියම ක්‍රම වලින් ඔහු ද ආදරය, රැකවරණය සොයන්නට ගොස් අපචාරයන් ලක් වේ.

ඇතැම් මවුපියන් දරුවන් කරදරයක් ලෙස ද තවත් පිරිසක් දරුවන් තම අණට යටත් වී තමන් කියන ඕනෑම දෙයක් කල යුතු අයෙකු ලෙස සලකති. දරුවාගේ අයිතිය මව්පියන් සතු වුව ද දෙමවුපියන්ට අවැසි ආකාරයට දරුවන්ට අඩම්තේට්ටම් කල නොහැකිය. මෙකි අයිතිය නිසාම දරුවන් පාසල් නොයවා තමාට අවශ්‍ය ඕනෑම විටෙක වැඩ පැවරීම, දවස පුරා විවිධ වැඩ වලට යොමු කරවීම, මුදල් සදහා රැකියා වලට මෙහෙකාරකම් වලට දරුවන් යොදවයි. නීතියට අනුව වයස අවුරුදු 18ත අඩු සෑම අයෙක්ම දරුවෙක් ලෙස සලකයි. එම නිසා දරුවන් යුතු ආකාරයට යොදා ගත නොහැකිය.

වර්තමානයේ ශ්‍රී ලංකාව තුල දරුවන් විකිණීමේ ජාවාරමක්ද  ඉතාමත් සුක්ෂම ආකාරයට ක්‍රියාත්මක වේ. විශේෂයෙන් මවුවරු තමාට ජිවත් වීමට හෝ පියෙක් නොමැති නම් දරුවන් විකුණති. එමෙන්ම දරුවන් පදික වේදිකා වල භාණ්ඩ විකිනීමට යොදා ගනී. මිට අමතරව ළමයින් බහුල වශයෙන් කඩ සාප්පු වල සහ හොටෙල් සේවයේ, කරවල වේලීම, ඉදි කිරීම් ආදී කටයුතු වලට යොදා ගනිමින් සිටි. මත්ද්‍රව්‍ය විකිනීමට කුඩා දරුවන් මේ වන විට බහුල වශයෙන් යොදා ගනී.

දිළිදුකම හා අඩු ආදායම් මට්ටම් ළමා අපචාර කරා යොමු වීමට විශාල ලෙස බල පා තිබේ. දරුවන්ගේ මුලික අවශ්‍යතා ඉටු කල නොහැකි පවුලකට මුදල් ඉපයීම සදහා ඇති ඉඩකඩ බෙහෙවින් වැඩිය. අනෙක් අතට පාසැල් යා යුතු වයසේ සිටිමින් පාසල් යා නොහැකි හා පාසල් ගමන් අත්හැර දැමු දරුවන් ද සිටි. එමෙන්ම මුදල් ඉපයීම සදහා දුර බැහැර හෝ දරුවන්ගෙන් ඈත් වන මව්පියන් නිසා ද දරුවෝ අයාලේ යන තත්වයට පත් වී ඇත. මේ සියල්ල අවසන් වන්නේ බිදුණු පවුලක් නිර්මාණ වීම සහ ළමා අපචාර වලට මග පෑදීමයි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here