සැබෑ වූ සිහිනය…

0
3600
Amaya-red-Perl

මහනුවර ඉපිද 2000 වසරේ කැලිෆෝනියාවේ පදිංචි වුන අයෝමා කරුණාසේන විවාහයට පසු අයෝමා විලන් කාබනික ආහාර පිලිබඳව කැලිෆෝනියාවේ සලකුනක්. ඒ නිසාම ඇය 2010 වසරේ කැලිෆෝනියාවේ හොඳම ආපනශාලාව පිළිබඳ සම්මානයත් 2013 වස‍රේ Best Chefs America award winner සම්මානයත් ලබා ගත්තා. ඇමරිකා එක්සත් ජනපදයේ හොඳම සූපවේදිනිය ලෙසින් සම්මාන ලත් එකම ශ්‍රි ලාංකික කාන්තාව ඇයයි.

අපේ ආහාරවලට ගැලපෙන වයින් නිෂ්පාදන කිරීමේ අදහසක් ඇති වුණා

මගේ ආපනශාලාව කාබනික නිසා බොහෝ දෙනෙක් මගෙන් ඉල්ලා හිටියා ඒ අයගේ නැවුම් වයින් මගේ ආපනශාලාවේ අලෙවි කරන්න. මම හැමදාම නිදාගන්නේ භාවනා කරලා. මම නිතරම හීනෙන් මිදි වත්තක් දැක්කා. තව දවසක් මිදි ගෙඩි ගොඩක් පිරමිඩ වගේ ගොඩකරල තිබෙනවා දැක්කා. තවත් දවසක මිදි යුෂ වැගිරෙනවා අශ්වයන් ඒ දිහාවට යනවා දැක්කා. එදා මට හිතුනා අපේ රටට ගැලපෙන වයින් වර්ගයක් හදන්න ඕන කියලා.

වයින් හදන්න මට බැහැනේ..

මම අපේ ආපන ශාලාවට යන එන වයින් නිෂ්පාදනය කරන අයගෙන් වයින් හදන හැටි ඇහුවා. ඒ ගොල්ලන් මට කිව්වේ වයින් හදන එක අපිට කරන්න බැහැ. ඒකට විද්‍යාත්මක දැණුමක් ඕන. අපි වත්තේ මිදි ටික මිරිකලා යුෂ ගත්තාට ඊට වඩා ලොකු කාර්යක් එතැන තියෙනවා කියලා. ඊටත් මට අවශ්‍ය වුනේ අපේ රටේ ආහාරපාන වලට ගැලපෙන සහ ලෝකයේ කොතැනකට වුනත් ගැලපෙන විදිහේ වයින් වීදුරුවක් නිෂ්පාදනය කර ගන්න. මම ඉන්ටර්නෙට් හරහා විවිධ විදිහට ( ජාත්‍යන්තර කීර්තිමත් වයින් නිෂ්පාදකයින්.. රන් පදක්කම් ලත් වයින් නිෂ්පාදකයින් ) ගවේශනය කළා. ඒ හැම අවස්ථාවකම ඉහලින්ම හිටියේ පැට් පොල්සන්. ඔහු ජාත්‍යන්තර වයින් නිෂ්පාදකයෙක්. ධවල මන්දිරයේ ආගන්තුක නිල උත්සව වෙනුවෙන් වයින් සපයන්නේ පැට් පොල්සන්. 1989 වසරේ ලංකාවේ හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා වෙනුවෙන් වයින් තෝරා දුන්නෙත් ඔහු.

මම ඔහුගේ ආයතනයට දුරකථනයෙන් කථා කළා ඒ වෙන විටත් ඔහු විදේශගත වෙලා හිටියේ. ඔහුගේ ලේකම් මගෙන් අවශ්‍යතාවය ගැන විමසලා උදව් වෙන්න උත්සාහ කළත් මගේ අවශ්‍යතාවය පැට් විල්සන් හමු වීම මිසක වෙන දෙයක් නෙවෙයි. ඒ නිසා මම දවසක් ඇයට මගේ ජංගම දුරකථනයෙන් කතාකරල කිව්වා පැට් විල්සන් මගේ මිතුරෙක්. මට එයාව මුණ ගැහෙන්න ඕන. එතකොට ඇය වොයිස් මේල් එකට මාව සම්බන්ධ කළා.

මම මගේ අවශ්‍යතාවය එහි සටහන් කළා

දවසක් මට වොයිස් මේල් එකෙන් පණිවිඩයක් ලැබුනා. පැට් විල්සන් මහතා මට කතා කරල කිව්වා මම තව දින දෙකකින් නැවත  විදේශගත වෙනවා. අද දෙකට පුලුවන් නම් ඔබ මාව හමු වෙන්න එන්න කියලා. මම ටැක්සියක් අරගෙන ඔහු හමු වෙන්න ගියා.

මගේ අදහස මම කිව්වාම ඔහු මට මේ විදිහට කිව්වා .මේ ව්‍යාපාරය ඩොලර් මිලියන ගණනක්  ඒ වගේම කාලය වැය වෙන  වැඩක්. මම ඉතින් ශ්‍රි ලංකාවේ ආහාරපාන ගැන දන්නේ නැහැ. මට ඔබේ ආපනශාලාවේ බොජුන්පත්, ආහාර වට්ටෝරු, තුනපහ සහ උයනක්‍රම ඇතුලත් පොත් සියල්ලම ගෙනත් දෙන්න. මම ඔහුට එකඟ වුණා. මම පොත් බලාගෙන උයන කෙනෙක් නෙවෙයි. මේ නිෂ්පාදනය වෙනුවෙන් මම ඒ සියල්ලම ඔහුට ගිහින් දුන්නා. ඔහු මගේ ඉල්ලීම බාර ගත්තේ මේ විදිහටයි.

“මම ඔබේ ධෛර්ය අගය කරනවා. ඔබ මාව හමුවෙන්න ආවෙ හරියට පායා එන ඉරක් වගේ. ඒ වගේම ඔබ අරමුණ අභියෝගයක් විදිහට බාර ග්තතා මිස එය අත්හැරියේ නැහැ. මට බොහොම සතුටුයි…”

ඔබේ වයින් පිලිබඳ සිහිනය සැබෑ වීමට කොතරම් කාලයක් ගත වුනාද…?

පැට් පොල්සන් අපේ රටේ විවිධ ආහාර සමග වසර හතරක් මේ ගැන අධ්‍යනය කළා. පරීක්ෂණ වාර 17 ක් සිදු වුණා. එයින් පසුව මම මෙතෙක් බලා සිටි මගේ සිහිනය මල් ඵල ගැනුනා. කැලිෆෝනියාවේ “නාපාවැලි” කියන ප්‍රදේශයේ පරීක්ෂන කටයුතු සිද්ධ වුනා. මේ ප්‍රදේශය වයින් වලට ඉතාම ප්‍රසිද්ධයි.

මේ වයින් වෙනුවෙන් වෙළඳ සන්නාමය විදිහට මගේ නම යොදා ගන්න කියල බොහොම ඉල්ලීම් තිබුණා.  මම රතු මිදි යොදා ‍ගත් නිෂ්පාදනය “අයෝමා රෙඩ් පර්ල්” යනුවෙනුත් අනෙක් වයින් විශේෂය “අයෝමා  වයිට් පර්ල්” යනුවෙන් නම් කළා. මේ ලාංඡනයේ මගේ රූපය යොදා ගත්තා. ඇමරිකා එක්සත් ජනපදයේ වයින් ඇසුරුමක  කාන්තාවක් යොදා ගත් මුල්ම අවස්ථාවත් එයයි. එතෙක් වයින් වෙනුවෙන් කාන්තාවකගේ රූපය යොදා ගෙන නැහැ.

වයින් වෙළදපොලට හදුන්වා දෙන්න ඉස්සරින් එහි අයිතිය, මද්‍යසාර මට්ටම,ලේබල් ලියාපදිංචි කිරීම වැනි කටයුතු සිද්ධ කරන්න මාස නවයක් ගත වුනා. 2016 අවුරුද්දේ උත්සවාකාරයෙන් මගේ නිෂ්පාදන වෙළඳපොලට හදුන්වා දුන්නා.

ඒ අවුරුද්දේ පැවැති “රෙස්ටොරන්ට් වීක්” උත්සවයේදී මම මෙම වයින් වර්ග දෙක ඉදිරිපත් කළා. ඊට අමතරව කොස් වලින් සොසේජ් එකකුත් හැදුවා. මේ දෙකටම ඉහල ඉල්ලුමක් ඇති වුණා. වයින් පානය කළ හැම කෙනෙක්ම නිවසට රැගෙන යන්නත් අමතර වයින් මිළට ගත්තා.

වයින් සමග අයෝමා නාමය තව ඉදිරියටත්….

මම දැනට අතුරුපස විදිහට යොදා ගන්න පුලුවන් “චායි” සහ “කැපචුනේ” වයින් යන විශේෂ දෙකත් හදුන්වා දී තිබෙනවා.

කාන්තා ව්‍යවසායිකාවක් විදිහට අද ඔබ ජාත්‍යන්තරයේ ශ්‍රි ලංකාවේ නම බබලවා සිටිනවා. ව්‍යවසායිකාවක් විදිහට අපේ කාන්තාවන්ට දිය හැකි පණිවඩයක්..

“අපි කිසිම දවසක උත්සාහය අත් අරින්න හොඳ නැහැ. වරක් දෙවරක් නොව කිහිප වරක් අසාර්ථක වෙන්න පුලුවන්. ඒත් ඉලක්කය හඹා යන්න. එවිට ජය එතැනයි. මොනම දෙයක හෝ පටන් ගන්නේ පිරිසිදු සිතුවිල්ලෙන්. අපි සේවකයන් සහ අයිතිකරුවන් කියල වෙනසක් නැහැ. සේවකයන්ගේ අරමුණත් ව්‍යාපාරයේ සාර්ථකත්වයමයි.  ඔවුන්ගේ හිත සතුටු වෙන විදිහට වැටුප් වේතන විතරක් නොවෙයි, ජීවිතයේ දුක සැප සතුට වෙනුවෙන් මම උදව් වෙනවා.”

අපේ රටේ කාන්තාවක් විදිහට ඔබේ නිෂ්පාදන ලංකාවට හඳුන්වා දෙන්න අදහසක්..

මම දැනටමත් ජනාධිපතිතුමාගෙන් ඒ වෙනුවෙන් ඉල්ලීමක් කළා. සංචාරක හෝටල් වලට, වගේ ගුවන්යානා සමාගම්වලට මේ වයින් යොදා ගත්තොත් අපේ රටේ ආහාර සමග මනා ගැලපීමක්. ඒ වගේම සංචාරකයන් තමන්ගේ රටට යන විට සිහිවටන විදිහට බොහෝ විට අරගෙන යන්නේ වයින් . ඒ නිසා අයෝමා රෙඩ් පර්ල් සහ අයෝමා වයිට් පර්ල් ශ්‍රි ලංකාවේ කාන්තාවකගේ නිෂ්පාදනයක් විදිහට වටිනාකමක් ලැබෙයි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here