ඹ්පා දූප කතා කරන්නේ ගැහැනු විතරද…?

women's-talking-gossips

ළිඳ ළඟ මණ්ඩපය කිව්වාම අපේ මතකයට නැගෙන්නේ ගම මුල් කර ගෙන තොරතුරුබෙදා ගන්නා පුංචි සමාජයක්. එය ලිද ලග, කඩපිල වගේ මිනිසුන් රැස්වුන තැනක් වුනා. ජල විදුලි සහ දුරකථන සන්නිවේදන දියුනු වීම සමග මේ තත්වය අපෙන් නොදැනීම ඈත් වුනා. ඒ වගේම අධයාපනය නිසා කාන්තාවන්ද රැකියාවන්ට යොමු වීමත් තවත් පැත්තකින් බලපෑවා. අද කාර්යාලවල වුනත් මේ වගේ පුංචි ඕපා දූප සමාජ තිබෙනවා.

ඇත්තටම ඕපා දූප නරකම නැහැ

නෙදර්ලන්තයේ ග්‍රොනිජිත් විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද අධ්‍යනයකට අනුව මහාචාර්ය “එලිනා මාර්ටිනෙස්කෙව්” සඳහන් කරන්නේ ඕපා දූප ඉතාම වැදගත් සමාජ මෙහෙයක් ඉටු කරන බවයි.

ආත්මාරක්ෂාවට

සමාජ ජීවින් විදිහට අපට ලැබෙන තොරතුරු නිසා අපි අපේ ආරක්සාව සලසා ගන්නවා. කටවචනයට වුනත් අපි මේ විදිහට කියනවා නේද..? “හදිසියේවත් කවුරුත් දැන ගත්තොත්…” අපි තොරතුරු හෙවත් ඕපා දූප පැතිරෙයි කියන බිය නිසා හෝ අපේ සීමාවන් පවත්වා ගැනීමට උනන්දුවක් දක්වනවා.

තරගය

හැම කෙනෙක්ම සමාජයේ වැජඹෙන්න එහෙම නැත්නම් ස්ථාවරයකින් ඉන්න සතුටුයි. මේ සංකල්ප ගොඩ නැගෙන්නත් තොරතුරු අපිට අවශ්‍ය වෙනවා. අහවල් අය හොඳට ඉගෙන ගත්තා… අහවල් විභාගය… අහවල් විෂය.. වැනි තොරතුරු බෙදා හැරෙන්දී තමන් මුල් කර ගෙනත් ඒ විදිහට අභිමානයක් ගොඩ නගා ගත යුතුයි කියන අදහස අපි අතරේ නොදැනීම ඇති වෙනවා. එය සමාජයේ තරගයත් සමග ඉදිරියට යෑමට ජවයක් කිව්වත් වරදක් නැහැ.

සංවේදී වීම තොරතුරු බෙදා හදා ගන්නා විට අපි එකිනෙකා සමග සංවේදි වීමක් නොදැනීම සිදු වෙනවා. වචනයකින් හෝ තවත් කෙනෙකුට උදව් කිරීමේ කැමැත්ත ඇති වෙනවා. අනුන්ගේ පුද්ගලිකත්වය හාරා ඇවිස්සීම අපිට අවශ්‍ය නැති වුනත් පුලු පුලුවන් විදිහට පුලු පුලුවන් වේලාවකට කාට හෝ උදව් කිරීම මෙහිදී ඉතාම වැදගත් වෙනවා.

ඕපාදූප නිසා සිදු වෙන හානි

අපි හැම කෙනෙකුටම ආත්ම ගරුත්වයක් තිබෙනවා. ඒ සීමාවෙන් අපි පිට පැනීම අවශ්‍ය නැහැ. අද කන්තෝරුවල ඇතැම් නිළධාරීන් පුද්ගලික ලිපි ගොනු පවා හාරා අවුස්සමින් ඒවායේ තිබෙන තොරතුරු පවා බෙදන්න හරිම උනන්දුයි. වාසගම්, මව්පියන්ගේ තරාතිරම් වැනි තොරතුරු ඔවුන්ට හරිම රසවත්.ඔය වාසගම එයාගේ නෙවෙයි, එයාගේ තාත්තාගේ රස්සාව මේකයි… මෙවැනි තොරතුැු අපිට අදාලම නැති වුනත් සමහර උදවිය තවත් අයෙකුගේ පුද්ගලිකත්වයට හානි කිරීමට මේ වගේ ඕපා දූප හොඳම ආයුධය කර ගන්නවා.

අපහසුතාවයක් ඇති වය යුතු නැහැ තොරතුරු නිසා අපි අතර සහජීවනයක් ගොඩ නගා ගන්නවා මිසක එය තවත් කෙනෙකුට අපහසුතාවයක් ඇති කිරීමට යදො ගැනීම එතරම් සුදුසු දෙයක් නොවෙයි. ආයතන අතර මේ තත්වය ඉතාම දරුනුයි. ඒ නිසාම අද බොහෝ දෙනෙක් කතා බහකටවත් සම්මාදම් නොවී හුදෙකලා වෙන්නේ “අන්තිමට ඕවා අහලා අපිත් කේලාම් කාරයෝ” කියන බිය නිසයි. ඒ නිසාම අල්ලපු ගෙදර කෙනෙක් මැරුනාටවත් නොබලන තත්වයක් අද ගොඩ නැගී තිබෙනවා. අපි අපේ පාඩුවේ ඉන්නවා කියන ලේබලයේ ඔවුන් හුදෙකලා වෙනවා. ඒත් අපිට කවදාවත් තනියම ජීවත් වෙන්න බැරි නිසා පුංචි හෝ සමාජයක් ගොඩ නගා ගැනීම ඉතාම වැදගත්.

හැබැයි අපි ඔවුන්ගේ පුද්ගලකි ජීවිතයට එබිකම් කළ යුතු නැහැ. ඇතැම් පවුල්වල අරගල තිබෙනවා ඔවුන් ඒවා ප්‍රසිද්ධියට පත් නොකොට තමන්ම විද දරා ගෙන ඉනන්වා. ඒ වගේ අවස්තාවන්හිදී අනවශ්‍ය විදිහට පෞද්ගලිකත්වය හාරා විමසීම අපිට අවශ්‍ය නැති දෙයක්.බොහෝ දෙනෙකුට රසවත්ම තොරතුරු ලැබෙන්නේ කෙනෙකුගේ ජීවිතයේ සගවා සිටින තොරතුරු නිරාවරනය කිරීමෙන් බව ඇතැම් චරිත දිහා බලද්දී අපිටම තේරුම් ගන්න පුලුවනි.

තමා උපමා කර හිතන්න

අපි නිතරම අපිව උපමා කර ගෙන හිතනවා නම් බොහෝ දුරට හිත් රිදීම් වලක්වා ගන්න පුලුවනි. රිදුම දැනේනේ තුවාලය ඇති අයටයි. ඒ නිසා තවත් කෙනෙක් රිදවන්න අවශ්‍ය නැහැ. අද  මුහුනු පොත ඔස්සේ වුනත් තොරතුරු බෙදා හදා ගැනීම සිද්ධ වෙනවා. එය වරදක් නැහැ. ඒත් සීමාව ගැන පාලනයක්  පනවා ගන්න. බොහෝ අහිතකර ත්වයන්ට මුහුණු පොත චෝදනා ලබන නිසා ඔබ කවුද… තමාගේ සීමාව වගේම තවත් අයෙකු අපහසුතාවයට පත් වීමට තිබෙන ඉඩ ප්‍රස්තාවන්ද දැන ගෙන කටයුතු කරන්න. එවිට කිසිම දිනක වරදින්නේ නැහැ.

සමාජශීලිත්වය නිසා මානසික වෙහෙස දුරු වෙනවා

ඕපා දූප හෙවත් එකිනෙකා අතර තොරතුරු බෙදා හදා ගන්නා විට අපේ හිතේ තිබෙන මානසික වෙහෙසකරබව දුරු වීමටත් හේතු වෙන බව දැන් පිලිගෙන තිබෙනවා. තනි හිතක දරා ගෙන සිටිනවාට වඩා කතා බහ සමග ඇති වෙන නිදහස් මානසිකත්වය මේ තත්වයට හේතු වෙන බව මනෝවිද්‍යාඥයින්ගේ අදහසයි. ඒ නිසා ඕපා දූප මගින් අපි එකිනෙකා අතර සමාජ සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීම තමන්ගේ ජීවිතයට හිතකරයි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here