ඔබට අත් හදා බැලිය හැකි පහසු Google Search ක්‍රම වේද 9ක්

0
3119
ඔබට අත් හදා බැලිය හැකි පහසු google search ක්‍රම වේද 9ක්

අපට අවශ්‍ය වැදගත් තොරතුරු හා දත්ත ලබා ගැනීම සඳහා google  ඉමහත් සේ උපකාරි වේ. නමුත් මෙම ගවේෂණය පහසු වෙන් හා වේගයෙන් කිරීම සඳහා ඔබට අනුගමනය කල හැකි ක්‍රම කිහිපයක් ඇත. ඔබට යම් විශේෂ දෙයක් සෙවීමට අවශ්‍ය වූ විටෙකදී මෙම ක්‍රමය භාවිතා කිරීමෙන් පහසුවෙන් අවශ්‍ය තොරතුරු සපයා ගත හැක. ඔබ google search කරන ආකාරය වෙනස් කර ඵලදයි ප්‍රතිඵල ලබාග් ගන්න.

විශ්ව විද්‍යාල සම්බන්ධ තොරතුරු
ඔබ කතුවරයකු හෝ ශිෂ්‍යයකු වූවත්, මෙම ක්‍රමය භාවිතා කල හැකිය. දිනපතා මා අලුත් දෙයක් ඉගෙන ගැනීමට උත්සාහ ගන්නා අතර මට යම් විශේෂ දැයක් දැන ගැනීමට අවශ්‍ය වූ විටෙක මම මුලින්ම ‘site:edu’     ලෙස type කර ඉන්පසු අවශ්ය දේ search කරමි. මෙම විකල්ප මාර්ගයෙන් අධ්‍යාපනික ආයතන වලට පමණක් යෝග්‍ය වූ තොරතුරු ලැබේ. සමහර අවස්ථාවලදී මම ‘site:edu intitle’  ලෙස type  කර මට අවශ්‍ය දේ සොයා ගන්නෙමි. උදාහරණයක් හැටියට ඔබට ‘harvard:edu diet’ ලෙස type කිරීම මගින් හාවඩ් විශ්ව විද්‍යාලයේ තොරතුරු වල හොඳම search results ලබා ගත හැක.

ද්විත්ව උද්ධෘත පාඨය භාවිතා කරන්න
ඔබ කිසියම් විශේෂ දෙයක් ගැන සොයනවාද? එවිට ඔබට ද්විත්ව උද්ධෘත පාඨය භාවිතා කල හැකිය. මම සමහර අවස්ථා වලදී ගීත වල පද ගූගල් කිරීමෙන් සොයා ගනිමි. ඔබත් එසේ කරනවා ඇත. මෙසේ ද්විත්ව උද්ධෘත පාඨය භාවිතා කිරීම ගවේෂණය පහසු හා වේගවත් කරයි. විද්වතුන්ගේ මෙන්ම ගත් කතුවරුන්ගේ පාඨ සොයා ගැනීමටත් මෙම ක්‍රමය මහත් සේ උපකාරි වේ.

විශේෂ වෙබ් අඩවි
ඔබට යම් විශේෂ වෙබ් අඩවියකින් තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නම් මෙම ක්‍රමය භාවිතා කල හැක.
ඔබ  ‘site’ යන වචනයත් ඉන්පසු  “දෙදිත” ත්  වෙබ් අඩවියත් type කර ඔබට අවශ්‍ය තොරතුරු වල ප්‍රධාන වචන type කරන්න. ඔබට Womanitely වෙබ් අඩවියේ සෞඛ්‍ය සම්බන්ධ යම් දෙයක් දැන ගැනීමට අවශ්‍ය නම් මෙසේ ‘site:womanitely.com healthy life style’ ලෙස type කර කියවන්න.

තරු ලකුණ
මට ගීතයක පද දැනගැනීමට අවශ්‍ය වූ විටෙක මම මෙම ක්‍රමය අනුගමනය කරමි. ඔබ කැමති ගීතයක සම්පූර්ණ පදවැල දැන ගැනීමට අවශ්‍ය වූ විට තරු ලකුණ ගී පද අතරට type කරන්න. උදාහරණයක් හැටියට “All I want*life*good time” ලෙස ඔබ type කල විට ඔබට එම ගී පද Three Days of Grace යන ගීතයේ බව සොයා ගත හැකි වේ. * ලකුණේ බලය දැන් ඔබ දන්නවා ඇති.

Tilde (~) යතුරේ ප්‍රයෝජනය
සාමාන්‍යයෙන් අප  වැඩිය භාවිතා නොකරන අතර බොහෝ දෙනෙකු පවසන්නේ එය අනවශ්‍ය යතුරක් බවයි. නමුත් ඔබ කිසියක් දෙයක් google   හරහා ගවේෂණය කිරිමේදි එහි ප්‍රතිඵල ඔබට ඒවාට සමාන පද සමඟ දැන ගැනීමට උවමනා කරන්නේ නම් tilde යතුර එම වචනයට ඉදිරියෙන් type කරන්න. උදාහරණයක් හැටියට ඔබ ස්පාඤ්ඤ සලාද පමණක් සෙවීමට කැමති නම් මෙසේ ‘spanish~salads’ type කිරීමෙන් ඔබට සියලුම වට්ටෝරු වෙනුවට ස්පාඤ්ඤ සලාද වල වට්ටොරු පමණක් google ලබා දේ.

තිත්.
දින, සංඛ්‍යාන දත්ත හෝ වෙනත් මිණුම් සොයා ගැනීමේදි මෙම ක්‍රමය ඔබට භාවිතා කල හැක. ඔබ සෙවීමට බලාපොරොත්තු වන දෙය අතරට තිත් දෙකක් ඇතුලත් කරන්න. එවිට google විසින් ඔබට අවශ්‍ය තොරතුරු ලබා දේ. උදාහරණයක් හැටියට ඔබට 50 දශකයේ ඓතිහාසික වටිනාකමකින් යුක්ත තොරතුරු දැනගැනීමට කැමති නම් මෙසේ ‘historic facts 1950..1959’ type කිරීමෙන් ඔබට ඔබ අපේක්ෂා කරන දත්ත ලබා ගත හැකි වේ.

නව වෙබ් අඩවි
ඔබගේ ප්‍රියතම වෙබ් අඩවි ආශ්‍රිත නවතම වෙබ් අඩවි සොයා ගැනීමට කැමති නම්, පැය ගණනාවක් ඒ සඳහා වෙන් කල යුතු නැත. search bar හි ඔබ කැමති වෙබ් අඩවියේ නම සඳහන් කර දෙතිතක් සමඟින්  “related” යන්න type කරන්න. එවිට ඔබ බලාපොරොත්තු වන ප්‍රතිඵල ලබා ගත හැක.. උදාහරණයක් හැටියට ඔබ amazon හා සම්බන්ධ වෙනත් වෙබ් අඩවියක් සොයන්නේ නම් මෙසේ type කරන්න. ‘related:amazon.com’. මෙම ක්‍රමය ඔබ නිතරම භාවිතා නොකරත් එය දැන සිටීම වැදගත් වේ.

යා ඉරෙහි හි ඇති ප්‍රයෝජනය. (hyphen)
ඔබ නිතරම google වලින් යම් යම් දේ ගවේෂණය කරන කෙනෙකු නම් තේරුම් දෙකක් ඇති අවස්ථාවක ඒ සම්බන්ධ තොරතුරු ලබා ගැනීම අපහසු බව හොඳින් දනි.එවිට ඔබට යා ඉරක් භාවිතා කරමින් එම වචනය එහි තේරුම සමඟ සම්බන්ධ කර අවශ්‍ය ප්‍රතිපල ලබා ගත හැකි වේ.

ක්‍රමය අත් හදා බලන්න
මෙම ක්‍රමය google search සඳහා උපකාරි නොවූවත්, අත්හදා බැලීම වටින්නේය. ඔබ කවදාහරි යනුවෙන් ‘do a barell roll” ලෙස type කර ඇත්ද? එසේ කලවිට google 360º කැරකේ. මෙහි හේතුවක් නැතත් ඔබට එයින් යම් කිසි දෙයක් ඉගෙන ගත හැක.

ඔබ රැකියාවක නිරත වන පුද්ගලයෙකු හෝ ශිෂ්‍යයකු වේවා මෙවැනි  ක්‍රම වේද භාවිතා කිරීමෙන් ඔබට පහසුවෙන් හා වේගවත්ව අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි වේ. ඔබ කලින් මෙවැනි google trick දැන සිටියාද? ඔබ දන්නා තවත් කෙටි ක්‍රම ඇත්ද? කරුණාකර ඒවා අපත් සමඟ බෙදා ගන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here