ඔබගේ ස්මාට් ෆෝනය ආරක්ෂා කර ගත හැකි මාර්ග 10ක්

0
5519
ඔබගේ ස්මාට් ෆෝනය ආරක්ෂා කර ගත හැකි මාර්ග 10ක්

ස්මාට් ෆෝනය හා ටැබ් එක දැන් අපේ සමීප සගයන් වී ඇත. මෙම ඩිජිටල් උපාංග අපට තොරතුරු රාශියක් සපයනු ලැබේ. මිතුරන් හා පවුලේ ඥාතීන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වා ගැනීමටත් පොදුවේ ජීවිතයට අවශ්‍ය වැදගත් දේවල් බොහෝමයක් දැන ගැනීමටත් පට ස්මාට් ෆෝන් හා ටැබ් එකේ පිහිට අවශ්‍ය වේ. සාමාන්‍යයෙන් මිනිසා තමාට අත්‍යවශ්‍ය යැයි හැඟෙන ප්‍රයෝජනවත් සියලුම දේ පුරුද්දක් හා ඇබ්බැහි වීමක් බවට පත් කර ගනියි. ස්මාට් ෆෝනය මීට කදිම උදාහරණයකි. ඔබ අමතක වීමකින් ඔබගේ ස්මාට් ෆෝනය උදෑසන නිවසේ තබා රැකියාවට ආවේ නම්, එම දවස ඔබට ස්මාට් ෆෝනය නැතිව ගත කල හැකිද? මා සිතන අන්දමට බොහෝ දෙනෙකු මීට ‘නැහැ” යැයි පිලිතුරු දෙනු ලැබේ. ස්මාට් ෆෝනය අපගේ ජීවිතයේ එක් කොටසක් වී ඇත. එය මෙම තාත්ත්වික ලෝකයේ ඇති අප විසින් නිර්මාණය කරන ලද තවත් කුඩා ලෝකයකි. දැන් ඔබට ස්මාට් ෆෝනය නොමැතිව ජීවත් වීම අසීරු දෙයක් බවට පත් ව ඇත. පහත දක්වා ඇත්තේ ඔබගේ ඩිජිටල් ජීවිතය වඩාත් ඵලදායි ලෙස ගත කිරීම සඳහා ඔබට අනුගමයක කල හැකි උපදෙස් කිහිපයකි.

Malware ඉවත් කරන්න
ලැප් ටොප් පරිගණකයේ පමණක් නොව ඔබගේ ස්මාට් ෆෝනයේද malware තිබිය හැක. ස්මාට් ෆෝනයේ ඔබ සිටින ස්ථානය පහසුවෙන් හඳුනා ගත හැකි හෙයින් මෙවැනි malware වලින් ඔබ ප්‍රවේශම් විය යුතුය. ඔබ යමක්  කිරීමට හා වෙබ් අඩවියක් වෙත ප්‍රවේශ වීමට ප්‍රථම එහි විශ්වාසිභාවය පිලිබඳ විමසිලිමත් වන්න. Malwarebytes වැනි anti-malware මෘදුකාංග ඉන්ස්ටෝල් කර ඔබගේ උපාංගය ආරක්ෂා කර ගන්න.

උපාංගයේ දත්ත ගබඩා කිරීම සඳහා ඇති ඉඩකඩ පිළිබඳ විමසිලිමත් වන්න
බොහෝ ස්මාට්ෆෝන් වල ඇත්තේ කුඩා ඉඩකඩකි. මෙය ඉක්මණින්ම විවිධ ඡායාරූප හා වීඩීයෝ වලින් පිරෙනු ඇත. මෙහි ප්‍රථිඵලයක් ලෙස උපාංගය අනපේක්ෂිත අයුරින් ක්‍රියාත්මක වන්නට පටන් ගනියි. ඔබ භාවිතා කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයක් නම් හෝ එහි SD කාඩ් එකක් ඇත්නම් මෙවැනි අතිරේක මෘදුකාංග ඇතුලු අනෙකුත් ගබඩා කිරීමට ඔබගේ දුරකතනයේ ප්‍රමාණවත් ඉඩක් ලබා ගත හැක. ස්මාට් ෆෝනයේ ඉඩකට ප්‍රමාණවත් නොවූ විට එහි කාර්යක්ෂම බව හීන වන නිසා ඔබට ගබඩා වී ඇත අනවශ්‍ය දේවල් ඉවත් කරමින් හෝ SD කාඩ් එකක් ගෙන ඉඩකට කළමනාකරණය කල හැකි වේ.

අධික රස්නයෙන් හා සීතලෙන් ආරක්ෂා කර ගන්න
මේ ගිනි අව්වේ, වාහනය තුල ස්මාට්ෆෝනය තබා යාම එතරම් නුවණට හුරු නොවේ. ෆැරන්හයිට් 113º ක උෂ්ණත්වය ඊට හානිකර විය හෙයින් ස්මාට්ෆෝනය තද අව්වේ තැබීමෙන් වළකින්න. ඔබට මෙවැනි තත්වයකදී දුරකතනය ක්‍රියා විරහිත කල හැක. ෆැරන්හයිට් 40º ක අධික සීතල පරිසරයක්ද ස්මාට්ෆෝනයට අහිතකර ප්‍රතිඵල ගෙන දිය හැකි බව සිහි තබා ගන්න.

ප්‍රවේශමෙන් root කරන්න
ඔබ ඉහල වටිනාකමින් යුක්ත ස්මාට් ෆෝනයක් මිලදී ගන්නේ එයින් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමේ බලපොරොත්තුවෙනි. මිලදී ගත දුරකතනයේ සිංහල අකුරු නොපෙන්වයි නම්, ඊට විසඳුමක් ලෙස උපාංගය root කර සිංහල අකුරු ස්ථාපනය කිරීමට සමහරුන් පෙළෙඹෙයි. බොහෝ පුද්ගලයින් පෙර අත්දැකීමකින් තොරව මෙසේ තනියෙන් තම ස්මාට්ෆෝනය root කර ගනියි. ඉන් අයහපත් ප්‍රතිඵල ඇති විය හැක.  ක්‍රියාවලිය පහසු යැයි ඔබට සිතුනත් එය ඉතා ප්‍රවේශමෙන් සිදු කල යුතු වේ. ඔබ සිදු කරනු ලබන කුඩා වරදකින් වුවද ස්මාට්ෆෝනය අකර්මණ්‍ය වීමට් ඉඩ ඇත. මේ නිසා ප්‍රවීණයකු ලවා root කර ගැනීම නුවණට හුරුය.

අනෙකුත් උපාංග සමඟ සම්බන්ධ කිරීමේදි ප්‍රවේශම් වන්න
Micro USB සම්බන්ධතා සාමාන්‍ය USB තරම් අවදානම් නැතත් අනපේක්ෂිත අයුරින් ඉන් අහිතකර ප්‍රතිඵල ගෙන දිය හැක. ඔබ USB කේබලයක් හරහා ඔබගේ ස්මාට් ෆෝනය වෙනත් උපාංගයකට සම්බන්ධ කරන්නේ නම් ඉතා සැලකිලිමත් වන්න. කුඩා දරුවකුට මෙන් ඉතා ප්‍රවේශමෙන් ඔබ ස්මාට් ෆෝනයට සැලකිල්ලක් දැක්විය යුතුය. එක් වැරදි ක්‍රියාවකින් ඔබට තමා සතු උපාංගය අහිමිව යා හැක. එම නිසා මෙවැනි සංවේදී උපාංගයකට ඔබ USB කේබලයක් සම්බන්ධ කිරීමේදි ඉතා සංයමයෙන් හා ප්‍රවේශමෙන් එය සිදු කරන්න.

ඔබගේ ඇඳුමේ ඇති සාක්කු තුල ස්මාට් ෆෝනය දැමීම අනතුරුදායක විය හැක
බොහෝ පුද්ගලයින්, විශේෂයෙන් පිරිමින් ඔවුන්ගේ ස්මාට් ෆෝනය තම ස්කිනි ජීන්ස් වල පිටුපස සාක්කුවල දමා ගනියි. මෙහි ඇති අවදානම වන්නේ ඔබ වැරදි අයුරුන් ඉඳ ගැනීමේදි  ඒ මත පීඩනයක් ඇතිවී ෆෝන් එක විනාශ විය හැකි වීමයි. අනෙත් අවදානම වන්නේ සාක්කුව ස්මාට් ෆෝනයට වඩා විශාල නම් ඔබගේ දැනුවත්වීමකින් තොරව එය වැටෙන්නට ඉඩක් තිබීමයි. ඔබගේ වටින ස්මාට් ෆෝනය මෙවැනි නොසැලකිලිමත්කම නිසා සිදුවන වැරදි වලින් ආරක්ෂා කර ගන්න.

ස්මාට් ෆෝනයට විරාමයක් දෙන්න
දිවා, රෑ පුරා එක දිගට අපි ලැප් ටොප් එක හා ස්මාට් ෆෝනය භාවිතා කරන්නෙමු. ඔබගේ උපාංගය ඩිජිටල් වූවත් ඉන් එයට හෝරා ගණනාවක් විරාමයක් නොමැතිව ක්‍රියා කර වීමට ඉඩ දීම නුවණට හුරු නොවේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස එහි කාර්‍යක්ෂමතාවය හීන වී ආයු කාලය අඩුවේ. ඉඳ හිට ස්මාට් ෆෝනය රීස්ටාට් කරන්න. සතියකට සැරයක්ම එය පැය භාගයක් පමණ ක්‍රියා විරහිත කර තබන්න. මින් එහි cache ඉවත් කරන අතර reboot subsystems නිසි ලෙස ක්‍රියාත්මක කර ඔබගේ උපාංගයේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කරයි.

ඔබගේ සිම් කාඩ් ලොක් එක සැලකිල්ලෙන් භාවිතා කරන්න
ඔබගේ අවසරයකින් තොරව ස්මාට් ෆෝනය භාවිතා වීමෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ඔබට සිම් කාඩ්පත් ලොක් කර තැබිය හැක. සිම් කාඩ් පත උපාංගයක් නොවූවත්, එය ලොක් වූ විට ඔබට ස්මාට් ෆෝනය ක්‍රියාත්මක කල නොහැකිය. මේ නිසා ඔබ යම් හෙයකින් සිම් කාඩ් ලොක් එකක් භාවිතා කරන්නේ නම් එය ඉතා ප්‍රවේශමෙන් කල යුතු වේ.

වතුර ඇති ස්ථාන වලින් අයින් කරන්න
ස්මාට් ෆෝන් ජලයට ඉතා සංවේදි වේ. කුඩා වතුර බිංදු කිහිපයක් වුවද උපාංගයට අහිතකර ලෙස බලපෑ හැකිය. මෙ නිස ඔබ එළි මහනේ ක්‍රීඩා කිරීමේදි හෝ දිවීමේදි ජල ප්‍රතිරෝධි ඇසුරුමක ස්මාට් ෆෝනය දමා ගෙනියන්න. තවද ස්මාට් ෆෝනයට අනවශ්‍ය ලෙස උණුසුමක් හෝ සීතලක් ලබා දීමෙන් වලකින්න. යම් හෙයකින් උපාංගයට වතුර ඇතුල් වූයේ නම් වහාම එය වියළි සහල් ඇති භාජනයක ගිල්වන්න. මෙම සහල් මත ගිල්වා තැබීමේ ක්‍රමය පිළිගත් මා අත්හදා බැලූ සාර්ථක ක්‍රමයකි.

සුදුසු ROM එකක් භාවිතා කරන්න
ඇන්ඩ්‍රොයිඩ් උපාංගයන්හි කාර්යක්ෂමතාව දියුණු කිරීම සඳහා ඔබට විවිධ   ROM මිලදී ගත හැකිය. නමුත් ඔබ වැරදි ROM එක භාවිතා කිරීම අවදානම් සහිතය. එය ස්මාට් ෆෝනයේ ක්‍රියාකාරිත්වය අකර්මණ්‍ය කල හැක. සෑම එක් එක් මොඩලයකටම ඊට සුදුසු ROM එකක් ඇති අතර ස්මාට් ෆෝනයේ උපරිම ප්‍රයෝජනය සඳහා ඔබ බුද්ධිමත් ලෙස ROM එකක් තෝරා ගත යුතුය.

ඉහත දැක්වූ උපෙදෙස් ඔබ නිසි ලෙස පිළිපදින්න. විපතක් වන්නට පෙර දැනුවත්ව කටයුතු කිරීම නුවණට හුරුය. විරාමයක් නොමැතිව එක දිගට ස්මාට් ෆෝනය ක්‍රියාත්මක වන්න ඉඩ නොහරින්න. ඔබ ඊට සැලකිය යුත්තේ දරුවකුට මෙනි. ඔබගේ ස්මාට් ෆෝනය ඔබ ආරක්ෂා කර ගන්නේ කෙසේද?

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here