ස්ට්‍රෙස් ඔයාටත් වදයක් ද ?

0
7218
Himanshi_Hewawasam_Womanly_2016_06_003

මානසික පීඩනය එහෙමත් නැත්තම් ස්ට්‍රෙස් කියන්නේ අද කාලයේ අප හැමෝම අඩු වැඩි වශයෙන් අත්දකිනා දෙයක්. විභාගයක් ලං වුනාම, රැකියාවේ වැඩ වැඩි වුනාම, අප ලඟින්ම සිටි කෙනෙකුගේ වෙන්වීමක් වගේම පරිසරයේ සහ අප ලඟින්ම සිටින අයගේ වෙනස් වීම් දරාගන්න බැරි වීම නිසාත් අපට මානසික පීඩනය ඇති වෙන්න පුළුවන්.

අප අසීමිතව කය හෝ මනස වෙහෙසනවා නම් අපේ මනසටත් අවිවේකි බවක් අසහනකාරී බවක් දැනෙනවා. මේ නිසාම හිසරදය, හැම දෙයක්ම එපා වෙලා වගේ හැඟීමක් අපට දැනෙනවා. මානසික පීඩනය අප අත්විඳිනා ප්‍රමාණය සහ කාලය මත සරල මානසික පීඩන තත්වයක සිට කම්පන තත්වයක් දක්වා වුවත් වර්ධනය විය හැකියි. මේ නිසා සරල අවස්ථාවේදීම මානසික පීඩනය හඳුනා ගෙන එයට ප්‍රතිකර්ම කල යුතුයි. නැතිනම් ඔබේ මනස මෙන්ම ශරීරයත් ලෙඩ විය හැකියි.

ඔබ නොදන්නවා වුනත් ඔබත් මානසික පීඩනයෙන් පිඩා විදිනවා විය හැකියි. ඉතින් පහත දැක්වෙන්නේ මානසික පීඩනයෙන් පසු වෙනවද නැද්ද යන්න සොයාගත හැකි ස්ට්‍රෙස් ඇති පුද්ගලයෙකුගේ ලක්ෂණ කිහිපයක්

මානසික ලක්ෂණ

  • තමා තනි වී ඇතැයි හැඟීම
  • මතක තබා ගැනීමේ හැකියාව අඩුවීම
  • ඉක්මන් කෝපය
  • පරාජිත සිතුවිලි නිතර සිත තුල පැවතීම
  • අවධානය එක තැනක තබා ගැනීම අපහසුවීම
  • නිතර බියෙන් පසුවීම
  • නිවැරදි තීරණ වලට එළඹීමට අපහසුවීම
  • අසහනකාරී බව
  • උදාසීන බව
  • නිතර දුකෙන් සිටීම

කායික ලක්ෂණ

  • නිතර සෑදෙන හිසරදය
  • නිතර සෑදෙන පපුවේ කැක්කුම
  • ඔසප් චක්‍රය අක්‍රමවත් වීම
  • ලිංගික ආශාවන් අඩුවීම
  • ආහාර ගත් පසු ඇතිවන උදරයේ වේදනාව
  • වමනය සහ කරකැවිල්ල
  • වැසිකිලි යාම අක්‍රමවත් වීම

එදිනෙදා හැසිරීම් වල සිදුවෙන වෙනස් කම්

  • පමණට වඩා වැඩියෙන් ආහාර ගැනීම හෝ ඉතා අඩුවෙන් ආහාර ගැනීම
  • නින්ද නොයාම හෝ දවසින් වැඩි වේලාවක් නිදා ගැනීම (දවස පුරාම නිදිමත දැනීම)
  • තනිව සිටීමට සැමවිටම උත්සාහ ගැනීම
  • මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම

ඉතින් ඔබටත් ඉහත ලක්ෂණ අඩු වැඩි වශයෙන් තිබේනම් ඒ මානසික පීඩනය විය හැකියි. ඒත් අනිසි ලෙස බිය වෙන්නෙපා. ඉතාමත් සරල ක්‍රම මඟින් මානසික පීඩනය අඩු කර ගන්න හිත සන්සුන් කරගන්න පුළුවන්. එවැනි ක්‍රම කිහිපයක් පහත සඳහන් වෙනවා.

  • මුලින්ම ඔයාගේ හිතට වද දෙන ප්‍රශ්නය ගැන තව දුරටත් හිතන එක නවත්තන්න. ඔයා තවත් ඒ ගැන හිතනවා කියන්නේ මනස තවත් පීඩනයට හසුවෙනවා.
  • ඔබට සමීප ඒ වගේම විශ්වාසවන්ත කෙනෙකු සමඟ කතාබහ කරන්න. ඔයාගේ හිතට වද දෙන ප්‍රශ්න ගැනම නොවුනත් කමක් නැහැ. ඒත් කාටවත් නොකියා හිතේ ප්‍රශ්න, දුක තද කරන් ඉන්නවාට වඩා හිත සැහැල්ලු වෙනවා කාත් එක්ක හරි ඒ ප්‍රශ්න , දුක බෙදාගන්න පුලුවන්නම්.
  • සිංදුවක් අහන්න, පොතක් කියවන්න, එහෙමත් නැතිනම් තමන් කැමති විනෝදාංශයකට සිත යොමු කරන්න. එතකොට ප්‍රශ්න ගැන හිත හිතා ඉන්න ලැබෙන ඉඩත් අඩුයි.
  • එලිපහලියේ පොඩ්ඩක් ඇවිදින්න. ඔයාට පුලුවන්නම් මුහුදු වෙරළට යන්න. එහෙමත් නැතිනම් කෙටි විනෝද ගමනක් යන්න.
  • භාවනා, යෝග ආදී සිත සැහැල්ලු කිරීමේ ව්‍යායාම වල නිරත වෙන්න.
  • මිතුරන්, ඔබේ සමීපතමයන් සමගින් කතාබස් කරන්න, ඔවුන්ව මුණගැසෙන්න.
  • ඔබ ගායනයට, වාදනයට, නර්තනයට දක්ෂ නම් ඒ සඳහා වෙලාව ටිකක් යොදාගන්න.

ඉහත ක්‍රම වලින් ඔබට සහනයක් නොලැබේ නම් සුදුසුකම් ලත් උපදේශකවරයෙක් හමුවීමට යන්න. ඔහු ඔබට උදව් කරාවි මානසික පීඩනයෙන් මිදෙන්න. ජීවිතය සැහැල්ලුවෙන් සතුටින් විදින්න නම් මානසික පීඩනයෙන් ඈත් වෙන්න උත්සාහ ගන්න.

 

 

 

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here