ඔබත් ආදරයෙන් පැරදිලාද ?

0
2991
Himanshi_Hewawasam_Womanly_2016_06_001

දෙදෙනෙකු ප්‍රේම කරන්නේ කෙදිනක හෝ විවාහ වී මරණය තෙක් පවුලක් ලෙස ආදරයෙන් සහ සතුටින් ජීවත් වීමටයි. එහෙත් බොහෝ හේතුන් නිසා බොහොමයක් පෙම් කතා වලට අතර මඟදී නැවතීමේ තිත තැබීමට සිදු වෙනවා. වර්තමනයේ බොහෝ පෙම් සබඳතා බිඳී යාමට සැකය , දෙදෙනා අතර සිදු වන පුංචි පුංචි ආරවුල් දුරදිග යාම වගේ දේවල් හේතු වෙනවා.

ඔබ පණ මෙන් ආදරය කල පුද්ගලයා ඔබව හැර ගියා නම් යුවතියක් ලෙස ඔබ දින ගණනක් යන තුරු හඩා වැලපී හිත හදාගැනීමට උත්සාහ කරාවි. එහෙත් ඔබව හැරදා ගිය ඔහු බොහොම සතුටින් සුපුරුදු පරිදි ජිවත් වෙනවා ඇති. ඉතින් ඇයි ඔබ තවත් හැර ගිය ඔහු වෙනුවෙන් කඳුළු සලන්නේ.

බොහොමයක් තරුණ තරුණියන් විරහ වේදනාව ඉවසා ගැනීමට නොහැකිව සියදිවි හානි කර ගැනීමට පෙලබෙනවා. පසුගිය දවස් වල ඔබ පුවත්පත් කියෙව්වා නම් එවැනි පුවත් රාශියක් නෙත ගැටෙන්න ඇති. පාසැල් දරුවන් මෙන්ම වැඩිහිටි කාන්තාවන් පවා විරහව හේතුවෙන් සියදිවි හානි කරගන්නට පෙළඹී සිටිනවා. මෙසේ සියදිවි හානි කරගන්නට උත්සාහ දරන කෙනෙක්ට පිස්සු යැයි පවසන්නට එය දකින කියවන ඕනෑම කෙනෙකුට පුළුවන්. එහෙත් විරහ වේදනාව විඳි කෙනෙකු නම් කිසිදාක සියදිවි නසාගත් කෙනෙකුට පිස්සු යැයි කියන එකක් නැහැ. මන්ද යත් දරාගන්නට නොහැකි තරමට වේදනාවෙන් මිරිකී සිටින ඕනෑම කෙනෙකුට  මරණය සරල විසඳුමක් ලෙස සිතෙනවා. එහෙත් එයින් සිදු වන්නේ ඔබ අවුරුදු ගණනක් හඩා වඩා ගත් දෙමව්පියන් මෙන්ම ඔබේ හිත මිතුරන්ද දුක් වීමයි.

ඔබත් ප්‍රේමය නිසා සිත තැවුලට පත්වී සිටින යුවතියක් නම් මුලින්ම ඔබේ හිත ශක්තිමත් කර ගන්න. හඩා වැලපී හැර ගිය කෙනෙකු වෙනුවෙන් ඔබේ වටිනා කාලය නාස්ති කරන්න එපා.

‘හිදිවී කොතැනක හෝ හිමිකාරයා ඔබේ නමින් උපන්
වඩිවි කෙදිනක හෝ ඒ එනතුරා හිත හදාගෙන ඉඳින්’

ඇත්තෙන්ම ඔබ වෙනුවෙන් මේ ලෝකේ කොහේ හෝ ඔබ වෙනුවෙන් කෙනෙකු සිටියි. ප්‍රථම ප්‍රේමය බිඳ වැටුන නිසා ආයෙම කිසි දිනක ප්‍රේම නොකරන්නට ඔබ සිතා සිටිනවා නම් ඇත්තෙන්ම එය වැරදි තීරණයක්‌. එක් පුද්ගලයෙක් ඔබව රැවටුවත් සමාජයේ හොඳ මිනිසුන්ද බොහොමයක් සිටිනවා. ඉතින් ඔබට ගැලපෙන පුද්ගලයා අනිවාර්යෙන්ම ඔබට මුනගසේවි. එතකම් ආදරයේ නාමයෙන් එන වංචාකරුවන්ට හසු නොවී ජීවත්ව සිටින්න උත්සාහ කරන්න.

ආදරය මෙන්ම විරහවත් ඒක සමාන සේ කලාකරුවන් බිහි කරනවා යැයි මා පැවසුවොත් ඔබත් මා සමඟින් එකඟ වේවි.බොහෝ විරහ ගීත ලියැවී ඇත්තේ ඔබ මෙන්ම විරහ වේදනාව විඳි පුද්ගලයන් අතින්. ඉතින් හඩා වැටෙනා මොහොතක කඳුළු සලනවා වෙනුවට පද කිහිපයක් ලියන්නට හැකි නම් ඔබට එය ඔබේ සිතෙහි වේදනාවද අඩු කරනු ඇත.

ඔහුගේ මතකයන් සියල්ල සිතින් අතුගා දමන්නට උත්සාහ කරන්න. එය කරන්නට අමාරු කාරණයක් බව ඇත්ත. එහෙත් නිතර ඔහුගේ ෆොටෝස් බැලීම, ෆේස්බුක් ප්‍රොෆයිල් එක බැලීම, දුරකතනයෙන් ඇමතීමට උත්සාහ දැරීම ආදියෙන් සිදු වන්නේ ඔහු ගැන තව තවත් ඔබ සිතන්නට පෙළඹීමයි. එය තවත් ඔබේ සිත දුකට පත් කරයි.

හිත හදා ගැනීමට හොඳම මාර්ගය වනුයේ ආගම දහමට නැඹුරු වීමයි. ඔබ බෞද්ධාගමිකයෙකු නම් පන්සලට යන්න, භාවනාවට යොමු වෙන්න එසේත් නැතිනම් දිනපතා හෝ මලක් පහනක් බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. ආගමට නැඹුරුවීම තුලින් හිත මෙන්ම ජීවිතයත් අර්ථාන්විත කරගැනීමට ඔබට හැකි වේවි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here