කාලය කළමණාකරණය කළ හැකි ක්‍රම 3ක්

0
4065
කාලය කළමණාකරණය කළ හැකි ක්‍රම 3ක්

කාලය කියන්නේ අද ලෝකයේ ජීවත්වන අපිට ගොඩක් වටිනා දෙයක්. එහෙත් කාලය කියන දෙය අරපිරිමැස්මෙන් යුතුව භාවිතා කරන්නට සෑම පුද්ගලයෙක්ම දන්නේ නැත. මේ නිසා ඔවුන්ගේ දවසේ පැය 24න් වැඩි වේලාවක් නිකරුනේ නාස්තිවන්නට ඇති ඉඩකඩ වැඩිය. ඉන් අනතුරුව ගොඩක් පුද්ගලයින් පවසන්නේ “වැඩක් කරගන්නටවත් වේලාවක් නැත” යන්නයි. ඇත්තටම ඔබට කාලය කළමණාකරණය කරගන්නට පුළුවන්ද? ඔව් පුළුවන්. ඒ කෙසේද යන්න අද ලිපියෙන් ඔබට දැනගැනීමට හැකිවේ.

කාලය කළමණාකරණය කළ හැකි ක්‍රම කිහිපයක් ඇත. ඒවා එකින් එක පහතින් පැහැදිලිව විස්තර කෙරේ.

වැඩ ලැයිස්තුවක් (To-Do List) සකසා ගන්න

ඔබ දවසේ අවසානයේ නින්දට යෑමට පෙර ඔබ ඊළඟ දවසේදී කිරීමට නියමිත වැඩ සියල්ලම සිහියටනගා ගන්න. අනතුරුව කොළයක් ගෙන එම වැඩ සියල්ලම සටහන් කරගන්න. මෙය පිළිවෙලකට සටහන් කරගත හැකි නම් වඩාත් හොඳයි. ඒ කියන්නේ ඔබ උදේ 6ට නැගිටිනවා නම් උදේ 6ට ඔබ කරන්නනේ කුමක් ද යන්නේ සිට රාත්‍රී නින්දට යන තෙක් සියල්ල පිළිවෙලින් සටහන් කරගන්න.

අනතුරුව ඔබේ වැඩ ලැයිස්තුව ගෙන කළයුතු වැදගත් සහ විශේෂ වැඩ සඳහා විශේෂ සලකුණක් යොදාගන්න. එම විශේෂ සහ වැදගත් වැඩ සියල්ල දවසේ ආරම්භයේදීම සිදු කිරීමට උත්සහ කරන්න. දවසේ ආරම්භය සෑම විටම නැවුම් නිසා එම වැඩ සියල්ල පහසුවෙන් ඔබට නිම කළ හැකි වේ.

අනතුරුව ඉතිරි වැඩ සඳහා අවධානය යොමු කරන්න. සෑම වැඩක්ම අවසානයේ එම කාර්යය අවසන් කළ බව ලැයිස්තුවේ සලකුණු කරගැනීමට අමතක නොකරන්න. ඔබ වැඩ ලැයිස්තුවේ සටහන් කරගත් සියලුම කාර්යයන් එදිනම කිරීමෙන් ඔබට දවස සැහැල්ලුවෙන් නිම කිරීමට හැකියාව ලැබේ.

ඔබ ජංගම දුරකථන භාවිතා කරන අයෙක් නම් මෙම වැඩ ලැයිස්තු නිර්මාණය කිරීම සඳහා To-Do List ඇප් එකක් වුවද භාවිතා කළ හැකිය.

සෑම දිනකම සිදුකරන කාර්යයන් එක් දිනකට සීමා කරගන්න

ඔබ රැකියාවක් කරන අයෙක් නම් ඔබ වැඩට අදින්නේ කුමක්ද යන්න තීරණය කරන්නේ එක්කෝ දවසේ ආරම්භයේය. නැතිනම් ඊට පෙර දවසේය. එහෙත් ඔබට එවැනි කාර්යයන් සති අන්තයේදී සිදු කළ හැකිය. එනම් ඔබ දවස් 5ක් වැඩ කරන අයෙක් නම් එම දවස් 5ට අදින සියලුම ඇඳුම් ඉරිදා වැනි දිනක තිරණය කළ හැකිය. මේ නිසා ඔබට කොතරම් කාලයක් ඉතිරි කළ හැකිවේද? ඔබම සිතන්න.

ඔබ දවසේ වැඩි වේලාවක් Facebook වැනි වෙබ් අඩවි වල නිරත වන අයෙක් නම් ඒ සඳහා යොදවන කාලයද අඩු කරන්න. එසේත් නැතිනම් පිවිසෙන වාරගණන අඩු කරන්න.

එක වේලාවේ කාර්යයන් දෙකක් පමණ සිදු කිරීම

ඔබ වැඩ නිම වී නිවස බලා යන විට ඔබේ ජංගම දුරකථනය හරහා අන්තර්ජාලයට පිවිසීම, සමාජ ජාල වලට පිවිසීම වැනි අතිරේක කාර්යයන් සිදු කර කාලය ඉතිරි කරගැනීමට හැකියාව ලැබේ. මේ නිසා තවත් කාර්යයකට යන වේලාවද ඉතිරි වේ.

ඔබ ප්‍රධාන රැකියාවට අමතරව තවත් රැකියවාක් (උදාහරණයක් ලෙස Online රැකියාවක්) කරන්නේ නම් ඒ සඳහා නිවසට පැමිණ යොදවන වේලාව කාර්යාලයේදී යෙදවිය හැකිය. ඒ සඳහා ඔබ කළයුත්තේ ඔබ කාර්යාලයේදී සිදු කළ යුතු රාජකාරී ඉතා ඉක්මනින් සහ නිවැරදිව සිදු කිරීමයි. ඉන් අනතුරුව ලැබෙන කාලය ඔබේ අනික් රැකියාව සඳහා යෙදවිය හැකිවේ.

කාලය යන්න අපිට නැවත ලබාගත නොහැක. ඒ නිසා එය බුද්ධිමත්ව භාවිතා කරන්න. ඔබට සුභ දවසක්!

 

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here