දුර්වර්ණ වූ ඔබේ සමට නව පෙනුමක්

0
6410
දුර්වර්ණ වූ ඔබේ සමට නව පෙනුමක්

කාන්තාවන් හැමෝම කතා කරන සියලු මාතෘකා අතරේ  සුන්දරත්වය, රූ සපුව, සම කියන තමන්ගෙ තරුණ බවට ඉවහල් වන කරුණු කාරණා ගැන  නිතර නිතර කතා කරනවට අකමැත්තක් නෑ කියලයි මට නම් හිතෙන්නෙ. ඉතින් අප කවුරුත් කැමතියි ලස්සනට ඉන්න වගේම අපේ සුන්දරත්වය රැක ගන්න පුළුවන් විදියෙ දේවල් කරන්නත්. ඒකනේ අපේ ගොඩක් කාන්තාවන් සල්ලි දීලා හරි ලස්සන වෙන්න තියෙයි නම් කියලා හිතාගෙන සතියකට වරක් දෙවරක් වත් රූපලාවණ්‍යගාර වලට යන්න පුරුදු වෙලා තියෙන්නෙ නේද ?.

ඒ වගේම තමයි මේ දින වල සූර්යයාගේ  අව් රශ්මිය ගොඩක් අයගෙ ශරීර සෞඛ්‍යයට නොයෙක්  ආකාරයෙන් බලපෑම් එල්ල කරනවා. ඒ නිසාම මේ දිනවල එළි පහලියට බැහැලා හිතේ හැටියට වැඩක් පලක් වත් කර ගන්න අමාරුයි. මොකද කිව්වොත් ඒ හිරු රශ්මියේ කිරණ නිසා අපේ සම දුර්වර්ණ වෙන්න පුළුවන් වගේම සම පිච්චෙන්න පුළුවන්. ඉතින් එහෙම වුනාම අපේ ගැහැණු ළමුන්ට නම් නින්ද යන එකක් නෑ. මොකද මං දන්නවා අම්මා කෙනෙක් දරුවෙක් රකිනවා වගේ අපේ කාන්තාවන් තමන්ගෙ සුන්දරත්වය රකිනවා කියලා.
ඉතින් මේ මම කියන්න යන පිළියම් වලින් ඔබට පුළුවන් දැන් ස්වාභාවිකවම ඔබේ සුන්දරත්වය රැක ගන්න වගේම දුර්වර්ණ වූ ඔබේ සමට නවුම් බවක් ලගා කර දෙන්න.
මේ කියන පිළිවෙත් අතරින් ඔබට හොදයි කියලා හිතෙන ඕනෑම එකක් කරන්න පුළුවන්. හැබැයි මතක තියා ගන්න ඕන හැම එකම කරන්න යන්න එපා ඔබට සුදුසුයි කියලා හිතෙන එක සරල ක්‍රමයක් පමණක් අනුගමනය කරන්න.
දුර්වර්ණ වූ ඔබේ සමට ගැලපෙනම ෆේස් පැක් එක දැන් ඔබට ඔබේ ගෙදර ඉදන්ම උනත් කර බලන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය
හොඳින් ඉදුණු තක්කාලි ගෙඩියක මිරිකා ගත් යුෂ
ලෙමන් යුෂ
මුදවපු කිරි  මේස හැදි 01ක්

ඉහත සදහන් කරන ලද සියල්ල පිරිසිදු භාජනයකට දා  සියල්ල හොඳින් මිශ්‍ර කර ගන්න. එම මිශ්‍රණය මදක් තිබෙන්නට හැර මුහුණේ ආලේප කර විනාඩි  20කින් පසුව මද උණුසුම් ජලයෙන්  සෝදා හරින්න.

මෙමගින් ඔබට මුදු සිසිලසක් මෙන්ම කාන්තිමත් බවක් ලබා ගැනීමට හැකි වේවි

ඉහත ආලේපනය වගේම තවත් එක් ආලේපනයක්  ගැන මම ඔබට  කියන්නම් මෙමගින්ද ඔබේ දුර්වර්ණ වූ සම පැහැපත් කර ගැනීමට හැකි වේවි.  ඇත්තටම කියනවා නම් මෙයට අප යොදා ගන්නෙ  විෂ බීජ නාශක ස්වාභාවික අමුද්‍රව්‍ය එමගින් සමේ තෙල් කුණු ඉවත් කර සමට දීප්තියක් ලබා දේවි

අවශ්‍ය ද්‍රව්‍ය
දෙහි යුෂ
කෝමාරිකා මද සාරය
කහ කුඩු ස්වල්පයක්
මී පැණි  තේ හැදි භාගයක්

මෙහිදී  කෝමාරිකා සාරය හොදින් ගහා ගෙන එයට දෙහි යුෂ  කහ කුඩු  හා මී පැණි එක් කර හොඳින් මිශ්‍ර කරන්න. පසුව එය විනාඩි 15ක් පමණ ශීතකරණයක බහා තබන්න. ශීතකරණයෙන් එලියට ගත් ආලේපනය හොඳින් මුහුණේ ආලේප කර විනාඩි 20ක් පමණ  තිබෙන්නට හැර  ඇල් මැරුණ දියෙන් සෝදා හරින්න

කෝමාරිකා වල සම සිසිල් කරන ගුණය  නිසා සම දුර්වර්ණ වීම වලකා ඔබට සුන්දර පෙනුමක් ලබා ගැනීමට මෙම ස්වාභාවික වට්ටෝරු  දෙක ඔබට ප්‍රයෝජනවත් වේවි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here