අකලට පැසුණු කෙස් කලු කර ගන්නනේ කෙසේද?

0
17975
අකලට පැසුණු කෙස් කලු කර ගන්නනේ කෙසේද?

අද කාලයේ ගොඩක් දෙනෙක්ට තියෙන තව ප්‍රශ්නයක් තමයි හිස කෙස් සුදු වීම.  දැන් ඉන්න කුඩා දරුවාගේ සිට මැදිවිය නොහික්මුව වැඩිහිටි   පුද්ගලයා දක්වා මෙම හිස කෙස් සුදු වීමේ අවධානමට ලක් වෙලා ඉන්නවා. ඇත්තම කියනවා නම් මෙම හිස කෙස් සුදු වන එක අපේ සමාජයේ බොහෝ දෙනෙක්ට  මානසික වදයක් වෙලා. මොකද කියනවා නම් වයසට වඩා වයස පේන්න ගන්නවට අපි කවුරුත් ඒ තරම් කැමති නෑ. අද වෙළඳපොළේ නොයෙක් වර්ගයේ හිස කෙස් කලු කරන ආලේපන වර්ග තිබුනත් මෙම ආලේපන භාවිතා කිරීමෙන් ඔබට යම් යම් අසාද්මිකතා ඇති වෙන්න ඉඩ තිබෙනවා.
අකලට හිස කෙස් සුදු වුන සුදු කෙස් ගස් ටික කලු කර ගන්න ගොඩක් වෙහෙසන වාර අනන්තයි. ඔබ මොන තරම් මහන්සි වුනත් ඔබට ඔබ අපේක්ෂා කල ප්‍රතිඵල ලබා ගන්න නොහැකිව පසු තැවෙනවාද ?.  සමහර විට ඔය වෙළඳපොළේ තිබෙන සමහර ආලේපන වලින් ඔබට තියෙන කෙස් ගස් ටිකක් නැති වෙන්න ඉඩ තියෙනවා.

අපේ සමාජයේ ඉන්න 60%ක පමණ පිරිසක් මෙම අකලට හිස කෙස් සුදු වීමෙන් පීඩා විදිනවා. සමහර අයගෙ නම් පරම්පරාගත දෙයක් නිසා අඩු වයසින්ම හිස කෙස් සුදු වෙන්න පුළුවන්. අර අපි කියමනටත් කියන්නෙ ආරෙන් ආරෙට අරන් එනවා කියලා. ඒ වගේම තමයි සමහර උදවියට පීනස් රෝගයේ බලපෑම නිසා මේ තත්වය උදා වෙන්න ඉඩ තියෙනවා. අපේ සමහර කාන්තාවන් භාවිතා කරන ෂැම්පු වර්ග හෙයා ඔයිල් වර්ග නිසාත් හිස කෙස් සුදු වීමේ අවදානමක් තියෙනවා. මොකද  අපේ අය එක එක දවසට එක එක ෂැම්පු වර්ග  හෙයා ඔයිල් වර්ග භාවිතා කිරීම තමයි හේතුව. ඔබ හිස සේදීමේදි එකම වර්ගයේ ෂැම්පු එකක් නිතර භාවිතා කරනවා නම් මේ තත්වය  අඩු වෙන්න පුළුවන්.
ඉතින් මම අද මේ කියන්න යන බෙහෙත් වට්ටෝරුව ඔබට නිවසේදිම සකස් කර ගන්න පුළුවන් වගේම ඒ මගින් ඔබට ඇති වෙලා තියෙන අකලට හිස කෙස් සුදු වීමේ කරදරයෙනුත් මිදෙන්න හැකියාව තියෙනවා.  ඇත්තටම කියනවා නම් මෙය ස්වාභාවික, සුදු කෙස්  නිට්ටාවටම කලු කරන හැකියාවක් ඇති හිස කෙස් වර්ධනය වේගවත් කරන තෛලයක්.
මෙම තෛලය සාදා ගැනීම සදහා අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවාද කියලා අපි මුලින්ම බලමු.

පොතු හැර සුද්ද කර ගත් රතු ලූණු  ගෙඩි ටිකක්.
පොතු හැර සුද්ද කර ගත් සුදු ලූණු  බික්  දහයක් පමණ
ලොකු ලූණු ගෙඩියක්
කරපිංචා කොළ මිටක්
පොල් තෙල් මිලි ලීටර් 300- 400 පමණ

රතු ලූණු , සුදු ලූණු , හා ලොකු ලූණු ගෙඩිය හොදින් සිහින් වන සේ ලියා ගන්න. පසුව එයට කොටා මිරිකා ගත් කරපිංචා යුෂ හා කරපිංචා කොළ ටික එක් කරන්න. මෙය හොදින් මිශ්‍ර කොට එයට පොල් තෙල් ටික එක් කර හොදින් විනාඩි 20ක් පමණ රත් කර ගන්න. එම තෙල් මිශ්‍රණය කලු පැහැ ගැන්වෙන තුරු  රත් කර ගෙන ලිපෙන් බා ගන්න . පසුව එය නිවෙන්නට හැර තබා පිරිසිදු බෝතලයකට  දමන්න.

ඔබ නෑමට පෙර පැය තුනකට පෙර  ඔබේ හිස කෙස් හා හිස් කබල මත එම    තෛලය යොදා මෘදුව සම්බාහනය කරන්න . විනාඩි 30ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.

සතියකට හතර වතාවක් වත් මෙම  තෛලය යොදා හිස සම්බාහනය කර ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්න. ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් සමන්විත මෙම තෛලය ඔබේ  කෙස් ස්වාභාවිකව කලු කරන අතර හිස කෙස් වර්ධනය සදහාද මෙය උපකාරී වේ.

අගනා බෙහෙත් වට්ටෝරුවක් වන මෙය ඔබට ඇති හිස කෙස් සුදු වන ප්‍රශ්නය දුරලා ඔබට නැවුම් වෙනසක් ලබා දේවී. ඔබ තවත් තරුණ කරලීමට මෙය ඔබට උපකාරී වේවි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here