ඔබත් ඔබේ විවාහා මංගල්‍යය ලස්සනම විවාහා මංගල උත්සවය බවට පත් කර ගන්න

ඔබත් ඔබේ විවාහා මංගල්‍යය ලස්සනම විවාහා මංගල උත්සවය බවට පත් කර ගන්න

තරුණියකගෙ ලොකුම සිහිනය වෙන්නෙ කවදා හෝ දවසක තමන් මෙලොව සිටින ලස්සනම මනාලිය වනු දැකීමය. ඇත්තටම ගොඩක් දෙනා කැමතියි තමන්ගෙ විවාහා මංගල්‍යය උත්සවය වෙන කිසිම කෙනෙක් නොපවත්තපු ආකාරයට ඉතා ඉහලින් අර ගන්න. මම ඔයාලට පොඩි රහසක් කියන්නද ? ඇත්තටම කිව්වොත් මේ දවස් වල මගෙත් හීන අතර තියෙන මුල්ම හීනෙ තමයි ලස්සනම ලස්සනම විවාහා උත්සවයක්.  ඉතින් අපි මොන මොන විදියෙ ප්ලෑන් ගැහුවත් හිතන පතන ආකාරයෙන්ම අපේ විවාහා  උත්සවය කර ගන්න බැරි වෙන අවස්ථාත් උදාවෙනවා.  මොකද මිල මුදල් ප්‍රශ්ණ, ඇදුම් ආයිත්තම් මිලදී ගැනීම, උත්සව ශාලා අලංකරණය මේ දේවල් එක්ක බැලුවම එක පාරම මාස ගාණකින් නම් විවාහායට සූදානම් වෙන්න අමාරුයි නේද?. ඉතින් ඔන්න මනාලියක් වෙන්න සිහින දකින ඔයාට ඔයාගෙ විවාහා උත්සවය අති දැවැන්ත සියලු දෙනාම පුදුමයට පත් කරන මංගල්‍යය දිනයක් කර ගන්න උදව් වෙන  පොඩි රහස් කීපයක් කියන්න ඕන කියලා මම හිතුවා.  ඔයත් ඔයාගෙ මංගල දිනය ඔයාගෙ ජීවිතේ අමතක නොවන දිනයක් කර ගන්න හීන මවන කෙනෙක් නම් මේ දේවල් ඔයාට වැදගත් වෙන්න පුළුවන්.

ඔයා දැන ගන්න ඕන මුල්ම දේ තමයි ලස්සන විවාහා මංගල උත්සවයකට  අවුරුද්දකට වත් කලින් අවශ්‍ය දේවල් සූදානම් කර ගත්තොත් ඇත්තටම එය ඔබට පහසුවක් වේවි. අන්තිම මාස දෙක තුනේ ඔබ ඔය වැඩ කටයුතු වලට මහන්සි වුනොත් නම් එ්ක ඔයාගෙ පෙනුමටත් හරි නෑ නේද?. මොකද මංගල ජායාරූපයට ලස්සනට ඉන්න එපැයි නේද .

ඔයාගෙ විවාහා උත්සවය මොන වගේ එකක්ද කියලා ඔයාට තීරණය කරන්න පුළුවන්.මම කිව්වෙ ඒක වෙන්න ඕන උඩරට ක්‍රමයටද බටහිර පන්නෙටද නැතිනම් ඉන්දීය ක්‍රමයටද කියලා ඔයා තීරණය කරන්න ඒ තීරණය කරන්න කලින් ඔයාට පුළුවන්  වෙඩින් සඟරා, වීඩියෝ, පොත් පත්, අන්තර්ජාලය භාවිතා කරලා බොඩි අයිඩියා එකක් ගන්න. එතකොට ඔයාට ඔයා මුලින් මතක් කර ගෙන ඉදපු ගොඩක් දේවල් මතක් වෙන්න පුළුවන්.  ඒ නිසා පොතක් අරගෙන ඔයාගෙ ප්ලෑන් එකේ හැටියට ලිස්ට් එකක් ගහන්න.  ඒ පොත ඔයාගෙ ඒ දැවැන්ත කටයුත්ත වෙනුවෙන්ම  වෙන් කරලා තියා ගන්න. අර ඔයා ගහපු නෝට් එකේ ඔයාගෙ වෙඩින් එකට අවශ්‍ය දේවල් හොයා ගත්තට පස්සේ ඒ දේවල් ලිස්ට් එකෙන් කපා හරින්න.

ඒ වගේම තමයි මොන තරම් ලොකුවට අපි අපේ විවාහාය කරන්න හීන මැව්වත් අතේ තියෙන ගානෙ හැටියට එපැයි නේද වැඩ කරන්න. ඉතින් ඔබ කොපමණ මුදලක් ඒ වෙනුවෙන් වියදම් කරනවාද යන්න ඔබට ප්‍රශ්ණයක් වෙන්න පුළුවන්.  ඒ මුදලෙ ප්‍රමාණෙට ඕන නේ අනිත් දේවල් තීරණය කරන්න. මොකද ඇඳුම් පැලදුම් වල ඉඳන් කන බොන රෙසිපි එක දක්වා සියල්ල තීරණය වන්නෙ මුදල මත නිසා එයට යොදවන මුදල කලින්ම තීරණය කරන් ඉන්න එක නම් හොදයි. මොකද අතේ තියෙන ගාණට ණය නොවී ලස්සන විවාහා උත්සවයක් කර ගන්න එතකොට අපිට හැකියාව තියෙනවා.

දන්නවද වෙඩින් එකකදි අපි අවධානය දෙන්න ඕන අනිත් දේ තමයි  අපි අමුත්තන් කී දෙනෙක්ට ආරාධනා කරනවද? අපි තෝර ගන්න උත්සව ශාලාවෙ ප්‍රමාණෙට අපි ඇනවුම් කරන කෑම පිඟන් ගාණට හරියන්න අමුත්තන් ඉන්නවද කියන එක.  මෙතනදි ඔයාට ගෙදර වැඩිහිටි පාර්ශවයේ දායකත්වය නම් කොහොමත් ඕන වෙනවා. මොකද ඔයාගෙ පවුලෙ නෑ හිත මිතුරන් වගේම ඔයාගෙ ඔෆිස් එකේ අයටත් ආරාධනා කරන්න ඕන නේ. ඉතින් උත්සව ශාලාව ගන්න කලින් අමුත්තන් ප්‍රමාණය ගණන් බලන් උන්නොත් හොදයි නේද?

ඔබට පුළුවන් ඔබේ වෙඩින් එකටම වෙන් වුන පාටක් තියා ගන්න. හිතන්න ඔයා උඩරට මනාලියක් විදියට නම් සැරසෙන්නෙ ඔයාට පුළුවන් ඔයාගෙ ඇදුමෙ පාටට හරි යන්න සියලු අලංකරණයන් ඒ පාටින්ම කර ගන්න. වෙඩින් කාඩ් එක, කේක් පෙට්ටි, උත්සව ශාලාව වෙඩින් කේක් එක ඒ සියල්ල ඔබට එකම විදියට සූදානම් කර ගන්න පුළුවන්. ඒ වගේම      ඔයාගෙ සෙටි එක ඔයාට සහය වෙන්න තෝර ගත්ත ටීම් එක මේ හැම දේකටම වෙන් වුන කලර් එකක් තීරණය කරන්න පුළුවන්. ඇත්තටම ඒක නම්    ලොකු වෙනසක් වේවි.

ඒ වගේම තමයි ඔයා තෝර ගන්න රූපලාවණ්‍ය ශිල්පීන්, ජායාරූප ශිල්පීන් මේ අය තවත් වැදගත්. මොකද අපි ජීවිතේටම එක පාරයි ‍ නේ මංගල ජායාරූපයක් ගන්නෙ වෙඩින් ඇල්බම් එකක්  හදන්නෙ.ඉතින් අපි තෝර ගන්න ජායාරූප ශීල්පින් ගොඩක් වැදගත් වෙනවා.හොද පලපුරුද්දක් තියෙන නවීන තාලයෙ අදහස් එකමුතුවක් ඇති අය නම් හොදයි. ඒ වගේම රූපලාවණ්‍ය  ගැන කතා කරොත් විවාහයට     මාස හතරකට වත්   කලින් පේශියල් කරන්න පටන් ගන්න. ඔයාට පුළුවන් මේ අය අතරින්     හොදම කෙනා කවුද කියලා තෝරා ගන්න වසරකට වරක්    පැවැත්වෙන මංගල උත්සව නැතිනම්     wedding show වලට ගිහින්  ඒ අය හමුවෙලා කතා බහ කරලා උපදෙස්  ගන්න.
ඔබේ විවාහා  උත්සවය දිනට කරන්න හිතන් ඉන්න ඉවෙන්ට්ස් වලට කල් ඇතිව සූදානම් වන්න. නැටුම් ගැයුම් බලාපොරොත්තු වෙනවා     නම් මාස තුනකට වත් පෙර ඒ ඒ අයට ඒවා බාර      දෙන්න.
ඒ වගේම තමයි මොන තරම් හොදට වැඩේ කරත් කෑම බීම නිසා කාගෙන්වත් කතා අහන්න ඉඩ තියා ගන්න එපා.    ඒ     නිසා වෙල්කම් ඩ්‍රින්ක් එකේ ඉදන් ඩෙසට්  එක  හවස අයිස් කොෆි එක දක්වා සියල්ල ගැන ඔයා කතා කර ගන්න. අඩු  පාඩු සොයා බලන්න හිතවත්  කෙනෙක්ට බාර   කරන්න.

සෑම දේටම වඩා වැදගත්     එදිනට ඔබ දෙපලගෙ    පෙනුම. ඒ  නිසා මාස හතරකට කලින් වත් මේ   දේවල්   ගැන කතාකරලා තියා      ගන්න.
ලස්සන විවාහා උත්සවයකට මේ   දේවල්  ඔයත් එකතු කර ගන්න…. සාර්ථක මංගල උත්සවයකට මේ පොඩි  පොඩි ටිප්ස් ඔයාට වැදගත් වේවි.

(චායාරූපය උපුටා ගත්තේ චම්පි සිරිවර්ධන රූපලාවන්‍ය ශිල්පිනියගේ නිල වෙබ් අඩවියෙනි. 
ඇයගේ නිල වෙබ් අඩවියට මෙතනින් පිවිස ඔබේ මංගල දිනයට ඇයගෙන් සේවා ලබා ගැනීම ගැන විමසන්න)

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here