කතාව පතන ගැහැනිය – තනිකම සොයන පිරිමියා

0
4422
කතාව පතන ගැහැනිය - තනිකම සොයන පිරිමියා

පිරිමියාට පීඩනයක් හෝ අපහසුවක් ඇති වූ විට ඔහු තනි වීමට කැමති වෙනවා.ඔහු නිහඩ වෙනවා.එම නිහඩ වීම මගින් පීඩනයෙන් මදකට මිදීමට ඔහුට හැකි වෙනවා.පිරිමින් වැඩට ගොස් නිවසට පැමිණ පත්තරයක් හෝ පොතක් අතට ගන්නවා.නැතිනම් රුපවාහිනිය දමා ගන්නවා.නැතිනම් ගුවන් විදුලියට සවන් දෙනවා.එසේත් නොමැති නම් ව්‍යායාමයක් කරන්න ඇවිදින්න හෝ ක්‍රීඩාවක් කරන්න හෝ යනවා.මෙසේ කිරීමෙන් දවස පුරා ඔහු තුළ ගොඩ නැගි තිබුණු පීඩනය සහ අපහසුව මදකට හෝ මග හැරි යනවා.ටික වෙලාවක් ගිය පසු ඔහු යථා තත්වයට පත් වෙනවා.එවිට ඔහු කතා කිරීමට සුදානමින් සිටිනවා.

නමුත් කාන්තාවන් මිට වඩා වෙනස්ය.ඔවුනට තම ස්වාමියා වැඩ ඇරී ගෙදර ආ විගස දවසේ විස්තර කියන්න අවශ්‍ය  වෙනවා.ගැහැනුන් දවසේ වැඩ කටයුතු කර පිඩනයට සහ අපහසුවට පත් වන ගැහැනුන් එකතු වී එකිනෙකාගේ විස්තර බෙදා ගන්නවා.එකිනෙකාට සිදු වූ දේ කියනවා.මෙසේ ටික වෙලාවක් කතා කිරීමෙන් ගැහැනියගේ පීඩනය අඩු වෙනවා.අපහසුව අඩු වෙනවා.තම අපහසුව අඩු වෙන තෙක් දිගටම ඇය කතා කරනවා.විවිධ දේවල් පිලිබදව එකිනෙකා සමග හුවමාරු කර ගන්නවා.අද වුනු දේවල්,පෙර සිදු වුනු දේවල්,සිදු විය හැකි දේවල් පිලිබදව විචිත්‍ර ලෙස නොනවත්වාම කතා කරනවා.මෙසේ කතා කරන්න කරන්න ඇයගේ පීඩනය අඩු වෙනවා.

ගැහැනිය ගෙදර වැඩ සියල්ල නිම කර පිරිමියා එනතුරු බලා සිටින්නේ දවසේ සිදු වූ දේ ගැන කතා කර තම  විඩාව, පිඩනය අඩු කර ගැනීමටය.ඇය තමාගේ දවසේ සිදු වූ දේ කියයි.නැතිනම් ඔහුගේ දවස පිලිබදව විමසයි.බොහෝ විට දවස ගත කිරීමේදී ඇති වූ ගැටළු පවසයි.

“අද කිසිම දෙයක් කර ගන්න බැරි වුනා.”

“ළමයි ඉස්කෝලේ යවන්න වහානය අවේ නෑ”

“මගේ මුළු ඇගම රිදෙනවා”

යනාදි වශයෙන් එකිනෙකට සම්බන්ධයක් නොමැති දේවල් රාශියක් ඇය පවසන්න පුළුවන්.මෙසේ පැවසීමෙන් ඇයට අවශ්‍ය වන්නේ ඇය කියන දේ කීමට ඉඩ හැර එය ආදරයෙන් කරුණාවෙන් අවබෝධයෙන් ඔහු ඇයට සවන් දීමයි.

නමුදු බොහෝ පිරිමින්ට කාන්තාවන්ගේ මෙම කතාව කන්දොස්කිරියාවකි. ගැහැනුන්ට ටික වෙලාවක් නිහඩව සිටීමට නොහැකි මන්දැයි ඔවුන්ට සිතේ.”මට ඕන ටිකක් නිස්කලංකව ඉන්න,ප්‍රශ්න ගැන කතා කරන්න නෙමෙයි.මේ මොන කරදයක්ද”යැයි ඔහුට සිතෙනවා.මෙසේ සිතන පිරිමියාට කොපමණ ගැහැනිය කතා කලත් ඔහුට එය වගක්වත් නැත.ඇයගේ කතාවට ඔහු උත්තර දුන්නත් ඔහු වෙන ලෝකයක සිටින බව ඇයට හැගෙනවා.”ඔයා මොන ලෝකෙක ඉන්නවාද මන්දා” එවැනි අවස්ථා වල කාන්තාව ස්වාමියාට එසේ පැවසිය හැකියි.

ඔහු ඉන්නේ පිරිමි ලොවෙයි.පිරිමින් පිඩනයට පත් වූ විට නිහඩ බව පතනවා.ගැහැණු උදවිය පිඩනයට පත් වූ විට කතා බහා පතනවා.ගැහැනුන් කොතරම දවසේ  ප්‍රශ්න ගැන කතා කරන්න හැදුවත් එය සිදු වන්නේ ඔහු නිහඩ බව පතන මොහොතක නම් ඇයට ඔහුගේ පුර්ණ අවධානය නොලැබෙනවා.ඒ ඔහුගේ සිත වෙන තැනක් තිබෙන බැවිනි.

එම නිසා පිරිමින් තම බිරිද හෝ පෙම්වතිය යම් යම් දේවල් පිලිබදව කතා කර විට වැඩිපුර නිහඩ නොවන්න.හැකි තරම් සවන් දෙන්න.ඔබගේ නිහඩ බව ඇයට වේදනාවක්,තනිකමක්,පාලුවක් ගෙන දෙන බව වටහා ගන්න.ඔබට යම් දෙයක් පිලිබදව කල්පනා කර අවසන් කරන්න අවශ්‍ය නම් ඒ බව ඇයට කියන්න.”අද මට මෙහෙම දෙයක් වුනා.ඒක මගේ ඔළුවේ වැඩ කරනවා.මට විනාඩි දහයක්,පහලවක් දෙන්න.එක කල්පනා කලාට පස්සේ මම ඔයාට ඒ ගැන කියන්නම්.ඔයා එක්ක කතා කරන්න එන්නම්” කියා ඇයට පවසන්න.

ඔබ ගැහැනියක් නම් ඔබගේ සමහර ප්‍රකාශ වලින්,ප්‍රශ්න වලින් පිරිමියාට වේදනාවක් ඇති කරන බව වටහා ගන්න.ඔබ කියන දේවල් වලට ඔහු සම්පුර්ණයෙන්ම අවධානය යොමු නොකරන්නේ නම් ඒ ඔහුගේ හිතේ ප්‍රශ්නයක්‌ඇති නිසයි.නැතිනම් ඔහු දවසේ වැඩ කටයුතු වල පීඩනයෙන් මිදීමට නිහඩ බව පතන නිසයි.එවැනි අවස්ථා වල කතාව අඩු කර වෙනත් වැඩක් නිරත වන්නේ නම් ඔහු නිහඩව සිටින කාලය අඩු වෙනවා.ඉන් පසු ඔහුම පැමිණ ඔබගේ දවස ගැන අසාවි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here