එදා සිට අද දක්වාම පුංචි පැටියා වෙනුවෙන්ම වෙන් වුණු විශ්වසනීය නිෂ්පාදන පෙළ කාගෙන්ද?

0
10679

අම්මාගේ ආදරේ පටන් ගන්නේ දරු පැටියා දෝතට එන්න කලින් ඉඳලමයි. දරු පැටියා කුසේ ඇති දැඩි වෙන කාලේ ඉඳලම අම්මා කෙනෙක් එයා වෙනුවෙන් ‍බොහොමයක් දේවල් සිදුකරනවා. දරුවා ලැබෙන්න ඉද්දි කනට අහෙන දේ පවා සියුම් මිහිරි දෙයක් විය යුතු බවට අම්මා කෙනෙක් වග බලා ගන්නේ අම්මා එයාට හිරිහැරයක් නොවිය යුතු නිසා.

හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරු පැටියා වෙනුවෙන් තීරණ ගන්නේ පැටියට සුදුසුම විදියට. ඒ නිසාම දරු පැටියා වෙනුවෙන් හොඳම තත්ත්වයේ දේවල් තෝරගන්න අම්මලා දෙපාරක් හිතන්නේ නැහැ. අම්මා කෙනෙක්ගේ හිත හඳුනන බේබි ෂෙරමි හැමවිටම දරු පැටවුන් වෙනුවෙන් තත්ත්වයෙන් උසස් ළදරු නිෂ්පාදනම වෙළඳ පොළට හඳුන්වා ඒ නිසාමයි.

දරු පැටියා වෙනුවෙන් හොඳම සබන් කැටය තෝරාගන්නා ඔබේ පළමු තේරීම බේබි ෂෙරමි විය යුත්තේ ඇයි?

  • බිලිඳු සමට හිතකරයි

පෙට්‍රෝලියම් තෙල් හෝ සත්ත්ව තෙල් අන්තර්ගත නොවන බේබි ෂෙරමි සබන් දරු පැටියාටම ගැලපෙන මුදු සුවඳකින් යුක්තයි.

  • 78% TFM (Total fatty matter – සම්පූර්ණ මේද පදාර්ථය)

TFM යනු සබන් කැටයේ ගුණාත්මක බව පැහැදිලි කෙරෙන වැදගත්ම ලක්ෂණයකි. හැමවිටම එය ඉහළ අගයක් ගැනීම සමට වඩාත් සුදුසු වේ. බේබි ෂෙරමි සබන් කැටයේ 78% TFM පැවතීම ඔබේ ළදරුවාගේ සම රැක ගැනීමට විශාල සහයෝගයක් ලබාදෙනු ඇත. ඒ නිසා දරු පැටියා වෙනුවෙන් සබන් කැටයක් තොරාගැනීමේදී කැටයේ දවටනයේ ඇති දේ හොඳින් කියවන්න

  • ළදරු සමට සුදුසු බව සායනිකව සනාත කර තිබීම

දරු පැටියාගේ යහපත වෙනුවෙන් වඩාත් ආරක්ෂාකාරී මෙන්ම සුදුසුම දේ සොයන මවක් වන ඔබ පැටියා වෙනුවෙන් තෝරාගන්නා සෑම නිෂ්පාදනයක් පිළිබඳවම සැලකිලිමත් විය යුතු අතරම ඔබ තෝරාගන්නා ඕනෑම නිෂ්පාදනයක් පුංචි පැටියාගේ සුමුදු සමට සුදුසු බවට සායනිකව සනාථකර ඇත්දැයි සොයා බලන්න.

මල් පෙත්තක්වන් මුදු සුමුදු සිඟිති සම රැකගන්නට වෙහෙසෙන සෑම ආදරණීය අම්මා කෙනෙකුගේම පළමු තැන බේබි ෂෙරමි සබන් කැටයට හිමිවන්නේ මේ නිසයි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here