ප්‍රීතිමත් පුද්ගලයින් කිසිදාක නොකරන දේවල් 10ක්

ප්‍රීතිමත් පුද්ගලයින් කිසිදාක නොකරන දේවල් 10ක්

ඔබ වෙළඳ සලට යාමේදි, පාරේ ගමන් කිරීමේදි හෝ රාජකාරිය කරන අතර වාඩි වෙමින් සිටියදී කිසිම ප්‍රශ්නයක් නැති අයුරින් ඉතා සැහැල්ලු හා නිරවුල් මනසකින් සතුටින් සිටිනා උදවිය අනන්තවත් දැක තිබෙන්නට පුලුවන. ඔවුන් සිනා සෙමින් ජීව්තයේ අභියෝග වලට මුහුණ දෙයි. ඔවුන් අන් අයට ගුඩ් මෝනිංග් කියා දවස පටන් ගනියි. මෙසේ ඉමහත් සතුටකින් ජීවත් විය හැක්කේ කෙසේද?

මේ සඳහා ඔබට අනුගමනය කල හැකි ක්‍රම වේද කිහියපයක් තිබේ. හැබැයි සතුට යනු ඔබට හද පත්ලෙන් දැනිය යුතු හැඟීමක් වන අතර බාහිරින් සතුටු හැඟීම් ප්‍රකාශ කිරීම ඔබ කිසිදාකවත් කල යුතු දෙයක් නොවේ. ජීවිතයේ සතුටින් සිටින පුද්ගලයින් කිසිදා නොකරන දේවල් මොනවාදැයි දැන් අපි බලමු.

1. හැමතිස්සේම පැමිණිලි කිරීම
ඔවුන්ට මේ සඳහා වෙලාවක් නැත. බාහිර ප්‍රශ්න හා බලවේග පිලිබඳ සිතමින් ඔවුන් කලබල නොවේ. තම ජීවිතයේ ධනාත්මක දේවල් දෙස බලමින් ඔවුන් සතුටට පත් වේ. පැමිණිලි කරන්නට ඔවුන්ට කිසිදු ප්‍රශ්නයක් නැත. ඔවුන් ජීවිතය දෙස මැදහත් සිතින් බලයි. ඍණාත්මක දේ පිලිබඳ සිතමින් කාලය නාස්ති කරන්නට ඔවුන් කැමති නැත.

2. අත් හැරීම
ඔවුන් කිසිදු අයුරකින් අභියෝග, සිහින හෝ වැඩ කටයුත්තක් අතර මඟදී අත් හැර නොදමයි. එය ඔවුන්ගේ ජීවිතයේ අංගයක් නොවේ.  අවසාන ප්‍රතිඵලය ලැබෙන තෙක් ඔවුන් නොපසුබට උත්සාහයකින් තම වැඩ කටයුතු කරගෙන යයි. සැම විටම ධනාත්මකව සිතන ඔවුහු සෑම දෙයක්ම ජීවිතයේ අඩුම තරමේ එක් වරක්වත් අත් හදා බලන්නට කැමති වෙති.

3. ඔවුන් පිළිබඳ පසු තැවේ
මෙයින් කිසිදු ඵලක් සිදු නොවේ. කිසියම් අයහපත් දෙයක් සිදුවූයේ නම් හෝ ඔවුන්ගේ අපේක්ෂා වලට සරිලන අයුරින් ප්‍රතිඵල නොලැබූයේ නම් ඔවුන් කෙසේ හෝ ධනාත්මකව සිටියි. මෙය තාවකාලික දෙයක් යැයි පිළිගෙන ඔවුන් ඉදිරි අභියෝග ජය ගැනීම සඳහා ඇප කැප වී ක්‍රියා කරයි. පසු තැවෙමින් කාලය නාස්ති කිරීමට ඔවුන් කැමති නැත.

4. ලැබෙන අවස්ථා ප්‍රතික්ෂේප කිරීම 
තමාට ලැබෙන අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමටත් ඉන් උපරිම වින්දනය ලබා ගැනිමටත් මෙම උදවිය කැමත්තක් දක්වයි. ඔවුන් තමාට ලැබෙන අවස්ථාවන් අභියෝගයක් ලෙස භාර ගනියි.

5.  ඔවුන් පසුම්බිය හිඳෙන තෙක් සාප්පු සවාරි ගොස් හාණ්ඩ මිලදී ගන්නේ නැත.

ප්‍රීතිමත් උදවිය ලෞකික සැප සම්පත් වලින් සතුට බලාපොරොත්තු නොවේ. භාණ්ඩ වලින් ලැබෙන තෘප්තිය තාවකාලික බව ඔවුන් හොඳින් දනි. එසේම සතුට මිලදී ගත නොහැකි දෙයක් බවඩ ඔවුන් අවබෝධ කරගෙන සිටියි.

6. ඍණාත්මකව සිතීම.
ඔවුන් ඍණාත්මකව සිතන පුද්ගලයින් ඇසෘරු කරන්නේ නැත. ඍණාත්මක බලපෑමක් ඇති කරන පුවත්, සිදුවීම් වලින් ඔවුහු ඈත් ව සිටිති. ඍණාත්මක හැඟීම් ප්‍රීතිමත් ජීවිතයක සතුට පලවා හරින බැවින් ඔවුන් හැකිතාක් මෙවන් දේවල් වලින් ඈත්ව සිටියි.

7. අන් අයව පහත් කර කතා කිරීම.
මොවුහු උදව් උපකාර කිරීමට කැත්තක් දක්වන්නෝ වෙති. අන් අයව සතුටු කිරීමෙන් ඔවුන් සතුටු වෙති. තමා මෙන්ම තමා වටා සිටින අනිත් අයද සතුටෙන් සිටිය යුතු බවට ඔවුන් විශ්වාස කරයි. පුද්ගලයින්ට අපහාස වන ලෙස ඔවුන් කතා හදන්නේ නැත.ඔවුන්ව පහත් කොට කතා කරන්නේ නැත. එය සතුටෙන් සිටීම සඳහා ඔබ ජීවිතයෙන් බැහැර කල යුතු පුරුද්දකි.

8. සියලුම දෙනාම සතුටු කිරීමට යාම.
තමා කොච්චර උත්සාහ කලත් එය කල නොහැකි බව ඔවුන් හොඳින් දනියි. මෙය නිරර්ථක ක්‍රියාවකි. ඒ වෙනුවට තමාව සතුටු කිරීම සඳහා කටයුතු කිරීම යහපත් ය. නිකරුණේ අන් අයව සතුටු කිරීමට යාමෙන් කාලය නාස්ති කිරීමට ඔවුන් කැමති නැත. කාලය වෙනත් අර්ථවත් දෙයක් සඳහා යොදා ගැනීමට ඔවුන් කැමතිය.

9. ඔවුන් තමාට ජීවිතයේ ලැබී ඇති සියලුම දේවල් සඳහා කෘතඥපූරක වෙයි.
සතුටෙන් සිටින අය නිතරම ස්තූතිවන්ත වෙයි. ශරීර සෞඛ්‍යය, හොඳ මිතුරන් ඇතුලු ජීවිතයේ බොහෝ සුන්දර දායාද තමට ලැබීම පිළිබඳ ඔවුන් තෘප්තිමත් වෙමින් කෘතඥතාව පළ කරයි.

10. ඔවුන් ආත්මාර්ථකාමි නැත.
අප මෙලොවේ ජීවත් වන්නේ යම් අරමුණක් හේ හේතුවන් නිසා බව ඔවුන් පිළිගනියි. හැකිතාත් ආදරය හා සාමය පතුරුවන්නට ඔවුන් උත්සාහ ගනියි. ඔවුන් දෙපාරක් නොසිතා මිනිසුන්ට උදව් උපකාර කරයි. උදව් උපකාර කිරීම, බෙදා ගැනීම සහ අන් අයට ආදරය කිරීම තුලින් ඔවුන් නිස්කලංක ජීවිතයක් ගත කරයි. ඔවුන් සියලු දේ කරනේ හද පත්ලෙනි. ඔවුන් මෙවන් පරාර්ථකාමි කටයුතු කිසි ලෙසකත් ගරු නාම බලාපොරොත්තුවෙන් නොකරයි.
සතුටෙන් සිටින අය නිතරම ධනාත්මකව සිටියි. ඔබ ප්‍රීතිමත් ජීවිතයක් බලාපොරොත්තු වන්නේ නම් ඉහත සඳහන් දෙවල් ඔබ විසින් සිදු කරනවාදැයි බලන්න. තමාගේ ජීවිතයෙන් ඍණාත්මක ආකල්ප ඉවත් කිරීමට කාලය දැන් පැමිණ ඇත.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here