මදුරුවන්ගෙන් දරුවන් බේරා ගන්න හොඳම විකල්පය මොකද්ද ?

0
4323
family

වැසි සමයේ ආරම්භයත් එක්ක ඔන්න ආයෙත් මදුරු කරදරේ වැඩි වෙන්න පටන් අරගෙන. ඩෙංගු රෝගයත් බොහොම සීග්‍රයෙන් ව්‍යාප්ත වෙනවා. පාසලේදී පන්තියේදී තමන්ගේ දරුවා මදුරු දෂ්ඨනවලට ගොදුරු වෙයි කියන බය හැම අම්මා කෙනෙක්ගේම හිතේ තියෙනවා. මෙන්න මේ නිසාම තමන්ගේ දරුවා මදුරුවන්ගෙන් පරිස්සම් කරන්න අම්මලා ගොඩක් දේවල් කරනවා. ඇතැම් විට ඒවා සාර්ථකයි. ඇතැම් විට අසාර්ථකයි.

ඔබ / ඔබේ දරුවා මදුරු දෂ්ඨනයන්ගෙන් ආරක්ෂා විය යුත්තේ දවසේ කුමන කාලයේදීද?

දිවා රාත්‍රී වෙනසක් නැතිව ඔබේ දරුවා මදුරු දෂ්ඨනයන්ගෙන් රැක ගත යුතු අතරම ඩෙංගු රෝග තත්ත්වය නිසා මව්වරුන් වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ දිවා කාලයේදී මදුරු දෂ්ඨන වළක්වා ගැනීම පිළිබඳවයි. නමුත් රාත්‍රී කාලයේදී වුවද ඇතැම් විට ඩෙංගු මදුරුවාගේ දෂ්ඨනයකට ඔබ/ඔබේ දරුවා ගොදුරු වීමේ යම් තරමක හෝ සම්භාවිතාවක් තිබිය හැකිය. අන්න ඒ නිසාම දිවා රාත්‍රී ලෙස නොසිතා මදුරු දෂ්ඨනයන්ගෙන් බේරීමට යම් ක්‍රියාමාර්ගයක් ගැනීම අප කාගේත් නිරෝගී දිවිපෙවෙතට වැදගත් වේ.

රාත්‍රී කාලයේදී නම් ඔබ/ඔබේ දරුවා මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට බොහොමයක් මව්වරුන් යොදන එක් විසදුමක් වන්නේ මදුරු දැල් භාවිතයයි. ඒත් පුංචි දරුවන් එක්ක මේ ක්‍රමය 100%ක් සාර්ථක යැයි කිව නොහැකියි. රෑ තිස්සේ නින්දෙන් ඇඳ වටේට රවුම් ගහන පුංචි දරුවෝ ඇතැම් වෙලාවට කකුල්වල පටලලා මදුරු දැල ගලවගන්නවා. සමහරු නිදා ගන්නේ මදුරු දැලේ ගෑවෙමින්. ඉතිං මදුරු දෂ්ඨනයන්ට ගොදුරු වීම වළක්වන්න අපහසුයි. ඇත්තටම මේ විදියට හිතුවොත් මදුරු දැල් දැමීම 100%ක් සාර්ථක විසදුමක් නොවන අතරම මදුරු දැල් මගින් ආරක්ෂා විය හැක්කේද රාත්‍රී කාලයේදී පමණකි. අන්න ඒ නිසාම මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට මදුරුවා බෝවීමේ ක්‍රියාවලියේ සිටම ක්‍රියාත්මක වීම බොහෝ සෙයින් වැදගත් වේ.

මදුරු දෂ්ඨනයන්ගෙන් ඔබත් දරුවාත් ආරක්ෂා වීමට නම්,

  • පරිසරය පිරිසිදු කරමින් මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීමට තනි තනිව මෙන්ම කණ්ඩායම් වශයෙන් ක්‍රියාත්මක වෙන්න
  • නිවස තුළට මදුරුවන්ගේ පැමිණීම අවම කිරීම සඳහා ජනේල සහ කවුළුවල දැල් සවි කරන්න
  • දරුවන්ට සිරුර හොඳින් වැසෙන සේ ඇඳුම් අන්ඳවන්න
  • මදුරුතලා, දාස් පෙතියා වැනි පැළ වර්ග ගෙවත්තේ සිටුවන්න
  • ඔබට මෙන්ම දරුවන්ට හානිදායක නොවන ආකාරයේ කරාබු නැටි දෙහි වැනි ස්වභාවික අමුද්‍රව්‍යයන්ගෙන් සැකසුණු මදුරු විකර්ශක අලේපනයක් භාවිත කරන්න
හිතකර මදුරු විකර්ෂකයක් තෝරාගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?

මදුරුවන් පලවා හරින්නට බොහොමයක් ක්‍රම ඔබ අනුගමනය කරනවා. නමුත් සෑම අවස්ථාවකම ඒ ක්‍රම 100%ක්ම සාර්ථක ද යන්න සැක සහිතය. ඒ වගේම කාර්ය බහුල වටපිටාවත් සමග නිවසේදීම මදුරු විකර්ෂක වර්ගයක් සකසා ගැනීමට කාල වේලාව තිබේද යන්නත් ගැටලුවකි. එසේ නමුත් මදුරුවන් හේතුවෙන් ඇති විය හැකි හානිදායක තත්ත්වයන් ඔබ දන්නා නිසාම සුළු මොහොතක හෝ අවධානමක් ගැනීම නුවණට හුරු නැත. කාර්ය බහුල ඔබේත් දරුවන්ගේත් උපරිම ආරක්ෂාව ගැනත් සැලකිලිමත් වී මදුරුවන්ගෙන් බේරීම සඳහා සුදුසුම ක්‍රමයක් තෝරා ගැනීම වඩාත් සුදුසු බව මේ වන විටත් ඔබ තීරණය කර තිබිය හැක. නමුත් ඒ සඳහා ඔබ තුළ ඇති අනිසි බිය ඔබව ප්‍රමාද කරනවා විය හැකියි.

හොඳම මදුරු විකර්ශකයක් තෝරාගන්නේ කෙසේද?

මදුරුවන් පලවා හැරීම සඳහා රසායන වර්ග අන්තර්ගත මදුරු විකර්ශකයකට වඩා ස්වභාවික අමුද්‍රව්‍යයන්ගෙන් සමන්විත මදුරු විකර්ශකයක් තෝරාගැනීමට වැඩිහිටි ඔබ සැමවිටම සැලකිලිමත් විය යුතුය. කරාබු නැටි, ලෙමන් යුකැලිප්ටස් වැනි ස්වභාවික අමුද්‍රව්‍ය නිසා ඔබ/ඔබේ දරුවා අසාත්මික තත්ත්වයන්ට ගොදුරු වීමේ ප්‍රවනතාවය අවම වේ. ලෙමන් යුකැලිප්ටස්  යනු මදුරුවන්ගෙන් ඔබත් දරුවාත් රැක ගැනීමට භාවිත කළ හැකි අනෙක් අමුද්‍රව්‍ය හා සැසඳූ කළ වඩාත් ඉදිරියෙන් සිටින මුදු සුවඳක් සහිත අමුද්‍රව්‍යයක් වන අතරම ඊට අමතරව සුව නින්දක් සඳහා අවශ්‍ය වටපිටාව ද ලෙමන් යුකැලිප්ටස් මගින් හිමිවෙන තවත් ප්‍රතිලාභයකි. කරාබු නැටි තෙල් අසාත්මිකතා වළකන ඖෂධිය ගුණයෙන් යුක්තය. නමුත් මෙවැනි ස්වභාවික අමුද්‍රව්‍ය සම මත ඍජුව ආලේප නොකළ යුතු අතර ඒවා මුසුකොට සැකසුණු මදුරු විකර්ශකයක් තෝරාගැනීමට මවක ලෙස ඔබ දැනුවත් විය යුතුය. එසේම ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය, ඉන්දියාවේ මුම්බායි MASCOT SPINCONTROL සායනික පර්යේෂණ ආයතනය වැනි ආයතනයන්ගේ ප්‍රමිති සහතිකය සහිත වීම ඔබ තෝරාගන්නා මදුරු විකර්ශකය නිසි ප්‍රමිතියෙන් යුක්ත බව තහවුරු කර ගැනීම සඳහා ඔබට ලැබෙන තවත් සහතිකයකි. තවද ඔබ තෝරාගන්නා මදුරු විකර්ෂක වර්ගය අසාධන තත්ත්වයන්ට මගපාදන DEET වැනි රසායනිකයන්ගෙන් තොරද යන්න පිළිබඳවත් වැඩි අවධානයක් යොමු කළ යුතුය.

මේ හැම ආකාරයකින්ම සහතික වුණු මදුරු විකර්ෂකයක් තිබෙනවද?

ඔව්. මොස්ගාර්ඩ්…  ප්‍රමුඛ වෙළඳ නාම යටතේ ඉදිරියෙන්ම සිටින පාරිභෝගික විශ්වාසය දිනා ගත් හේමාස් පෞද්ගලික සමාගම, කොළඹ විශ්ව විද්‍යාලයේ Science and Technology cell අංශය හා එක්ව ඵලදායීතාවය මෙන්ම ආරක්ෂිත බව ඉහළ මට්ටමක පවත්වා ගනිමින් නිපදවා වෙළදපොලට හඳුන්වා දෙන නිසාම 100%ක්ම ස්වභාවික ක්‍රියාකාරී සංයෝගයන්ගෙන් සමන්විත මොස්ගාර්ඩ් කිසිදු බියකින් තොරව භාවිතා කළ හැකිය.

තවද ඉන්දියාවේ මුම්බායි හි මොස්ගාඩ් මදුරු විකර්ෂක ආලේපනය සම මත අසාත්මිකතා ඇති නොකරන බවට  MASCOT SPINCONTROL සායනික පර්යේෂණ මධ්‍යස්ථානය විසින් සහතික කර ඇති අතරම මෙය භාවිතයෙන් පැය හයක කාලයක් පුරා මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට හැකියාව ඇති බවට ශ්‍රී ලංකාවේ වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් අධ්‍යයනය කොට තහවුරු කර ඇත.

DEET වැනි රසායනිකයන්ගෙන් තොර මොස්ගාර්ඩ් මදුරු විකර්ෂකය ඔබත් ඔබේ දරුවාත් මදුරු උවදුරෙන් ගලවා ගත හැකි අංක එකේ නිෂ්පාදනයකි. මොස්ගාර්ඩ්, ඩෙංගු වැනි මාරාන්තික රෝගවලින් ඔබත් ඔබේ දරුවනුත් රැකගන්නා බව සහතිකය.


About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here